(නිකවැරටිය - ප්‍රියාණි මංගලිකා)
දුර බැහැර පෙදෙසක රැකියාවට ගිය ගමේ තරුණයකුගේ විසන්ධි කළ ජංගම දුරකතනය ඇමතූ විට ලැබෙන පිළිතුර කාන්තා කටහඬකින් වීම ගැන කුපිත වූ පියකු පුතා ආපසු කැඳවාගෙන ඒමට යෑමේ පුවතක් කුරුණෑගල දිස්ත්‍රික්කයේ දුෂ්කර ගමකින් වාර්තා විය.
සිද්ධිය මෙසේය.
සාමාන්‍ය පෙළ විභාගයෙන් අසමත් වූ දුෂ්කර ගමක තරුණයකු මිතුරෙකුගේ මගපෙන්වීම මත දුරබැහැර නගරයක කම්හලක රැකියාවක් සොයාගෙන ගියේය. තරුණයාගේ පියාද තරමක මෝඩ පහේ පුද්ගලයෙකි. ඔහු දිනපතාම අසල්වැසි නිවසකට ගොස් තම පුතාට දුරකතන ඇමතුම් ලබා ගත්තද පුතාගේ දුරකතනය විසන්ධි කර ඇති නිසා ඔහුට කතා කිරීමට අවස්ථාවක් නොලැබුණි. එහෙත් කාන්තා කටහඬකින් ලැබෙන පිළිතුරින් පියා
කෝපයට පත්විය.
ආපසු නිවසට ගිය පියා තම බිරිඳට ද මේ පිළිබඳව කීවේ මහත් කේන්තියෙනි. අපේ එකා ගිහින් දවස් කීයද? අන්න ගෑනියෙකුත් ලෑස්ති කරගෙන. මම කෝල් කරන හැම වෙලාවකම මේකි තමා කතා කරන්නේ. මොන සක්කර වට්ටමක්ද කවුද දන්නේ කෝපයෙන් නෝක්කාඩු කළ පියාගේ කතාවලින් මවද හඬන්නට වූයේ පුතාට කරදරයක් සිදුවී ඇති බව සිතමිනි.
පසු දින අලුයමින් අවදි වූ මෙම මව සහ පියා කිසිවකුටත් නොකියා තම පුත්‍රයා කැඳවාගෙන ඒමට පිටත්ව ගොස් ඇත. පැය කීපයකින් පුත්‍රයා සිටින බෝඩිමට මවුපියෝ ළඟා වූහ. ඔවුන් යනවිට පුත්‍රයා සහ ඔහුගේ මිතුරා වැඩට යාමට සූදානම් වෙමින් සිටි අතර මවුපියන් දුටු පුත්‍රයා කලබලයෙන් ඔවුන් ඉදිරියට දුවගෙන ආවේය.
“ලෑස්ති වෙයන් ගෙදර යන්න. කෝ අර සක්කර වට්ටම” පියා නොනවත්වාම පුත්‍රයාට බැණ වැදුනේය. පුත්‍රයාගේ මිතුරාද මෙයට මැදිහත් විණි. මිතුරා පියාගෙන් කරුණු විම සන්නට විය. අවසන සිදුවී ඇති අලකලංචිය තේරුම් ගත් දෙමිතුරෝ පෙරළි පෙරළී සිනාසුනේලු.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
පුතාගේ දුරකතනයෙන් ආ ගැහැනු හඩින් මවුපියෝ හොල්මන් වෙලා