තාත්තා ගොවි උද්ඝෝෂණයකට නගරයට යාම නිසා පුතා තාත්තා වෙනුවෙන් කඬේ යාමේ පුවතක් පසුගියදා අසන්නට ලැබුනේ දකුණු පළාතේ උප නරගයක් ආශ‍්‍රිත ගමකිනි.
ප‍්‍රදේශයේ මධ්‍ය මහා විද්‍යාලයකි.
පෙර දින පාසල් නොපැමිණි සිසුන් ඊට හේතු ලිපි ඉදිරිපත් කිරීමේ දී එක් සිසුවකු ගුරුවරයාට දුන් ලිපියෙහි සඳහන් වූයේ තම පියා පුවත් වෙළඳාමේ යෙදෙන බවත් එදින පියා ගොවි උද්ඝෝෂණයකට නගරයට ගිය නිසා තමා පියා වෙනුවට කඬේ ගිය බවකි. ලිපිය කියවූ ගුරුවරයාට දැඩි සංවේගයක් මෙන්ම සිනහවක් ද ඇතිවිය. පෞද්ගලිකව සිසුවා තමා ළඟට කැඳවූ ඔහු ‘‘ඔයා තාත්තා වෙනුවෙන් කඬේ ගියේ. තාත්තා කා වෙනුවෙන්ද කඬේ ගියේ?’’
යනුවෙන් ප‍්‍රශ්න කළත් එය වටහාගත නොහැකි වූ ඔහු ලැජ්ජාවෙන් අන්ද මන්ද වී බලා සිටියාලූ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සත්‍ය කතාකරනා දරුවෙක්...මිනිසුන්ගේ දුක ඉදිරියේ...ඊට හඬ නගනා එඩිතර පියෙක්..සියල්ල තේරුම්ගත් .....අපේ කාලයේ ගුරුවරයෙක්...නැත්නම් මේ දරුවාට පාසලට ආයුබෝවන් කියන්න වෙනවා...(බ)
වෙළෙන්දෙක් ගොවියන්ගේ උද්ඝෝෂණය ට ගිහින්. ශිෂ්‍යයෙක් වෙළදාමට ගිහින්. කවුරුත් තමුන්ගේ වැඩේ නොකර අනුන්ගේ වැඩේ කරන්න යන නිසා තමයි අපි හැමදාම එක තැන ඉන්නේ. (ම)
තාත්තා කඩේ ගියේ තමන් වගේම අහිංසක, හරියකට බඩට නොකන ගොවීන් වෙනුවෙන්, රටේ පොදුජන ගැටළු තඹයකට මායිම් නොකරන පාලකයන්ට විරුද්ධව. (ර)
පත්තර වෙළෙන්ඳෙක් නේද උද්ඝෝෂණයට ගිහින් තියෙන්නේ? උද්ඝෝෂණයේ රඟ ඒකෙන්ම තේරෙනවා. (නි)
ඒ ළමයාගේ තාත්තා කඩේ ගියේ ජනතාව වෙනුවෙන්. (ර)