IMG-LOGO

පුතා තාත්තා වෙනුවෙන් කඬේ ගිහින්

තාත්තා ගොවි උද්ඝෝෂණයකට නගරයට යාම නිසා පුතා තාත්තා වෙනුවෙන් කඬේ යාමේ පුවතක් පසුගියදා අසන්නට ලැබුනේ දකුණු පළාතේ උප නරගයක් ආශ‍්‍රිත ගමකිනි.

ප‍්‍රදේශයේ මධ්‍ය මහා විද්‍යාලයකි.

පෙර දින පාසල් නොපැමිණි සිසුන් ඊට හේතු ලිපි ඉදිරිපත් කිරීමේ දී එක් සිසුවකු ගුරුවරයාට දුන් ලිපියෙහි සඳහන් වූයේ තම පියා පුවත් වෙළඳාමේ යෙදෙන බවත් එදින පියා ගොවි උද්ඝෝෂණයකට නගරයට ගිය නිසා තමා පියා වෙනුවට කඬේ ගිය බවකි. ලිපිය කියවූ ගුරුවරයාට දැඩි සංවේගයක් මෙන්ම සිනහවක් ද ඇතිවිය. පෞද්ගලිකව සිසුවා තමා ළඟට කැඳවූ ඔහු ‘‘ඔයා තාත්තා වෙනුවෙන් කඬේ ගියේ. තාත්තා කා වෙනුවෙන්ද කඬේ ගියේ?’’

යනුවෙන් ප‍්‍රශ්න කළත් එය වටහාගත නොහැකි වූ ඔහු ලැජ්ජාවෙන් අන්ද මන්ද වී බලා සිටියාලූ.



අදහස් (0)

පුතා තාත්තා වෙනුවෙන් කඬේ ගිහින්

මහින්ද ආර් කිතුල්ගොඩ Tuesday, 08 March 2016 02:18 PM

සත්‍ය කතාකරනා දරුවෙක්...මිනිසුන්ගේ දුක ඉදිරියේ...ඊට හඬ නගනා එඩිතර පියෙක්..සියල්ල තේරුම්ගත් .....අපේ කාලයේ ගුරුවරයෙක්...නැත්නම් මේ දරුවාට පාසලට ආයුබෝවන් කියන්න වෙනවා...(බ)

:       0       0

නිල්මිණි-ජපානය Wednesday, 09 March 2016 04:08 AM

වෙළෙන්දෙක් ගොවියන්ගේ උද්ඝෝෂණය ට ගිහින්. ශිෂ්‍යයෙක් වෙළදාමට ගිහින්. කවුරුත් තමුන්ගේ වැඩේ නොකර අනුන්ගේ වැඩේ කරන්න යන නිසා තමයි අපි හැමදාම එක තැන ඉන්නේ. (ම)

:       0       0

බෙන්තර මහේෂ් Tuesday, 08 March 2016 09:28 AM

තාත්තා කඩේ ගියේ තමන් වගේම අහිංසක, හරියකට බඩට නොකන ගොවීන් වෙනුවෙන්, රටේ පොදුජන ගැටළු තඹයකට මායිම් නොකරන පාලකයන්ට විරුද්ධව. (ර)

:       0       0

හිමාල් Wednesday, 09 March 2016 05:06 AM

පත්තර වෙළෙන්ඳෙක් නේද උද්ඝෝෂණයට ගිහින් තියෙන්නේ? උද්ඝෝෂණයේ රඟ ඒකෙන්ම තේරෙනවා. (නි)

:       0       0

සුදේශ් Thursday, 10 March 2016 07:23 AM

ඒ ළමයාගේ තාත්තා කඩේ ගියේ ජනතාව වෙනුවෙන්. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 51 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 440 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 876 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site