(තිහගොඩ උපසේන ලියනගම)
දකුණේ වියළි කලාපයට ආසන්න ගමක වැඩිහිටි සංවිධානයක් පසුගියදා මෙහෙය වූ චාරිකාවකි. සංගමයේ සභාපතිවරයා චාරිකාව සැලසුම් කළත් මාර්ගෝපදේශකයා වූයේ බසයේ රියැදුරාය.
චාරිකාව මුල් දින රාත‍්‍රියේ නතර කරන ලද්දේ විශ‍්‍රාම ශාලාවකය. මත් ලෝලියකු වූ රියැදුරු කාටත් හොරෙන් සුපුරුදු තැන් කීපයකට ගියත් හැමෝම කීවේ නගරයේ මැත්පැන් තහනම් කොට ඇති බවය. එහෙත් එක් අයකු ‘ගමේ බඩු’ නම් තැනෙක ඇති බව කීමෙන් ඔහු එහි ගොස් සප්පායම්වී ආවේ හොර පූසෙකු ලෙසටය.
රාත‍්‍රියේ ඔහුගේ බඩ දඟලන්නට විය. උදේම වැසිකිළි ගියත් පිරිස වැඩි නිසා වැඬේ හරි හැටි කරගත නොහැකි විය.
උදේම වන්දනාකරුවන් රැගෙන යද්දී බඬේ අමාරුව දෙගුණ තෙගුණ විය වහාම බසය නැවැත්වූ ඔහු ක්ෂණිකව ඇළ මාර්ගයක් දිගේ ළඳු කැලෑ මණ්ඩියකට ගොස් ආපසු ආවේ මිනිත්තු ගණනකට පසුවය. ‘උදේ දෙවියන්ට පඬුරක් බඳින්න බැරිවුණා.
මම ඇල්ල දේවාලයට ගිහිං පඬුරක් දැම්මා’ ඔහු කීවේ හති දමමිනි. ‘දේවාලෙට ගිහිං පඬුරු දාලා දන ගහලම වැඳපු බව සරමෙ පස්ස පැත්තෙන් පේනවා’ චරිකා සංවිධායක කීමෙන් ඔහු බසයේ වේගය දෙගුණ තෙගුණ කළාලූ.
2025 දෙසැම්බර් මස 16
93
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
897
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
620
1
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්‍රී ලංක
පඬුරු දාන්න ගිය ගමන සරමෙන් පෙනිලා
himal Thursday, 02 November 2017 06:27 AM
එතකොට කාපු කෑමක් අවුල් වෙලා මේ වගේ වැඩක් වුණා නම් මොකද කියන්නේ? ඕක ශාරිරික අවශ්‍යතාවක්. මහමඟ වැසිකිළියක් නැතිව මේ සංවිධායකට මෙහෙම වුනොත් මොකද කරන්නේ?
abaran Thursday, 02 November 2017 09:46 PM
දී කිරට බළල්ලුත් සාක්කි..