(තිහගොඩ උපසේන ලියනගම)
අගනුවරට මදක් දකුණෙන් වූ උප නගරයක පාර අයිනේ කොමඩු වෙළඳාම් කරමින් සිටි වෙළෙන්දකුට උදව් කිරීමට හදිසියේම ආ තරුණයින් දෙදෙනකු එම වෙළඳුන්ටද ගැටලූවක් විය.
උදේ පාන්දර සිට කොමඩු විකුණමින් සිටි ඔහු ළගට දවල් එකොළහට පමණ මෙසේ දිව ආ තරුණයින් දෙදෙනා පැණිකොමඩු ලාබයි කියමින් කෑගසමින් වෙළඳාමට සහය වූහ.
එහෙත් මොහොතකින් ඒ සමීපයට ආ පොලිස් නිලධාරීන් දෙදෙනකු මේ තරුණයින් දෙස උකුසු ඇස් යොමු කරන විට යමක් තේරුම්ගත් වෙළෙන්දා ද ‘‘මල්ලි ටිකක් හයියෙන් කෑගහන්නකො’’ කීවේය. තරුණයින් දෙදෙනා තම ගෝලයන් බව පෙන්වීමටය. පොලිසිය එතැනින් පිටව ගිය පසු අපේ වැඬේ හරිගියා අපිත් කොමඩු කනවා අයියේ කියමින් තරුණයන් දෙදෙනා ඉවත්ව ගියේ පැණිකොමඩු කියා පොලිසියෙන් ගැලවුණු අයුරු සිහිකරමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාමාන්‍ය ජනතාව තවමත් පොලිසියට කිසිම සහයෝගයක් නොදෙන බවට හොඳම සාක්කියක්.(නදී)
නැවතිල්ලේ හිතල බලද්දී අසෝකාගේ කතාවත් හරි තමා. (ර)
පෙනී කොමඩු වෙළෙන්ඳා කර එඅත්තේ බලවත් වරදක්. හොරු ආරක්ෂා කිරීම. ඇත්තෙන්ම අපේ රටේ හොරු ආරක්ෂා කරන අයට දඬුවම් නොදෙන නිසා සාමාන්‍ය සමාජයටද එය පූර්වාදර්ශයක් වී ඇති සේ පෙනේ.(නදී)
සරත් කුමාරගේ කතාව ඇත්ත වුනාට, මට හිතෙන්නේ කොමඩු වෙළෙන්දා පොලිසියට උදව් කළා නම් එයාට වැඩිකල් නොගිහින් අපායෙ හරි දිවීයලෝකේ හරි පැණි කොමඩු කඩයක්ම දාගන්න තිබුනා. අපේ ධර්ම ද්විපයේ හැටි එහෙම තමයි. (නදී)
එයත් කොමඩු විකුණන්නේ පොලිසියට බයේද දන්නෙ නැහැ (නි)
හොරු ආරක්ෂා නොකළ යුතුයි (නි)
සරත් කුමාර, හොරු ආරක්ෂා කලේ මේ කොමඩු වෙළෙන්ඳා විතරද? අර අහවල් එක්කෙනත් පට්ට හොරුන්ව ආරක්ෂා කලේ,මතක නැද්ද..අර ෆයිල් එහෙම..(නදී)
මේ වගේ ඔලමොට්ටල පොලිස්කාරයෝ ඉන්න, ලෝකයේ එකම රට සිරි ලංකාව විතරක් වෙන්න ඇති.(නදී)
පැණි කොමඩු කාරයා පල් මෝඩයෙක්. දුවගෙන ආපු දෙන්නා අර කොටකෙතනේ අපරාදය කරපු එවුන් වාගෙද, එහෙම නැත්නම් අර විද්‍යා දැරිවිට හිංසනය කර මරා දාපු මිනිමරුවො වගේ එවුන්ද එහෙමත් නැත්නම් මිනීමරු කුඩුකරයෝද කියලා කිසි දෙයක් දන්නේ නැතුව කරලා තියන මෝඩ කමක මහත. පැණි කොමඩු කාරයාගේ ගෙදරටම ගේමක් දීපු දෙන්නෙක් උනානම් තමයි හොඳ. පැණි කොමඩු තිත්ත කොමඩු වෙන්න. (නදී)
මේ තමයි අපේ රටේ හැටි. වැරදිකාරයෝ රකින එක (නදී)
කොමඩු වෙළෙන්දගේ වරදක් මම දකින්නේ නැහැ. අද ලංකාවේ හැටියට හොරා අල්ලලා දුන්නා නම් පොලිසියට ගානක් දීලා හොරා ෂේප් වෙයි. (නදී)
වැරදි කාරයෝ රකින්න පාර්ලිමේන්තුවත් විසිරවපු රටක් මේක. කොමඩි කාරයෙක් තමයි කිව්වෙ එහෙම කළා කියල.(ම)