IMG-LOGO

2025 ඔක්තෝබර් මස 24 වන සිකුරාදා


පැණිකොමඩු පිහිටෙන් පොලිසියෙන් ගැලවිලා

(තිහගොඩ උපසේන ලියනගම)
අගනුවරට මදක් දකුණෙන් වූ උප නගරයක පාර අයිනේ කොමඩු වෙළඳාම් කරමින් සිටි වෙළෙන්දකුට උදව් කිරීමට හදිසියේම ආ තරුණයින් දෙදෙනකු එම වෙළඳුන්ටද ගැටලූවක් විය.


උදේ පාන්දර සිට කොමඩු විකුණමින් සිටි ඔහු ළගට දවල් එකොළහට පමණ මෙසේ දිව ආ තරුණයින් දෙදෙනා පැණිකොමඩු ලාබයි කියමින් කෑගසමින් වෙළඳාමට සහය වූහ.


එහෙත් මොහොතකින් ඒ සමීපයට ආ පොලිස් නිලධාරීන් දෙදෙනකු මේ තරුණයින් දෙස උකුසු ඇස් යොමු කරන විට යමක් තේරුම්ගත් වෙළෙන්දා ද ‘‘මල්ලි ටිකක් හයියෙන් කෑගහන්නකො’’ කීවේය. තරුණයින් දෙදෙනා තම ගෝලයන් බව පෙන්වීමටය. පොලිසිය එතැනින් පිටව ගිය පසු අපේ වැඬේ හරිගියා අපිත් කොමඩු කනවා අයියේ කියමින් තරුණයන් දෙදෙනා ඉවත්ව ගියේ පැණිකොමඩු කියා පොලිසියෙන් ගැලවුණු අයුරු සිහිකරමිනි.



අදහස් (0)

පැණිකොමඩු පිහිටෙන් පොලිසියෙන් ගැලවිලා

පිටිගල Saturday, 18 July 2015 04:53 AM

සාමාන්‍ය ජනතාව තවමත් පොලිසියට කිසිම සහයෝගයක් නොදෙන බවට හොඳම සාක්කියක්.(නදී)

:       0       0

අජිත් Tuesday, 21 July 2015 11:37 AM

නැවතිල්ලේ හිතල බලද්දී අසෝකාගේ කතාවත් හරි තමා. (ර)

:       0       0

සරත් කුමාර Saturday, 18 July 2015 06:18 AM

පෙනී කොමඩු වෙළෙන්ඳා කර එඅත්තේ බලවත් වරදක්. හොරු ආරක්ෂා කිරීම. ඇත්තෙන්ම අපේ රටේ හොරු ආරක්ෂා කරන අයට දඬුවම් නොදෙන නිසා සාමාන්‍ය සමාජයටද එය පූර්වාදර්ශයක් වී ඇති සේ පෙනේ.(නදී)

:       0       0

ජන දාස Saturday, 18 July 2015 03:04 PM

සරත් කුමාරගේ කතාව ඇත්ත වුනාට, මට හිතෙන්නේ කොමඩු වෙළෙන්දා පොලිසියට උදව් කළා නම් එයාට වැඩිකල් නොගිහින් අපායෙ හරි දිවීයලෝකේ හරි පැණි කොමඩු කඩයක්ම දාගන්න තිබුනා. අපේ ධර්ම ද්විපයේ හැටි එහෙම තමයි. (නදී)

:       0       0

සංජීව Sunday, 19 July 2015 10:12 PM

එයත් කොමඩු විකුණන්නේ පොලිසියට බයේද දන්නෙ නැහැ (නි)

:       0       0

රන්ජිත් Sunday, 19 July 2015 01:49 PM

හොරු ආරක්ෂා නොකළ යුතුයි (නි)

:       0       0

ජගත් Saturday, 18 July 2015 05:10 PM

සරත් කුමාර, හොරු ආරක්ෂා කලේ මේ කොමඩු වෙළෙන්ඳා විතරද? අර අහවල් එක්කෙනත් පට්ට හොරුන්ව ආරක්ෂා කලේ,මතක නැද්ද..අර ෆයිල් එහෙම..(නදී)

:       0       0

නන්දලාල්-ප්‍රංශය Saturday, 18 July 2015 06:23 PM

මේ වගේ ඔලමොට්ටල පොලිස්කාරයෝ ඉන්න, ලෝකයේ එකම රට සිරි ලංකාව විතරක් වෙන්න ඇති.(නදී)

:       0       0

සුබෝදනී Saturday, 18 July 2015 07:23 PM

පැණි කොමඩු කාරයා පල් මෝඩයෙක්. දුවගෙන ආපු දෙන්නා අර කොටකෙතනේ අපරාදය කරපු එවුන් වාගෙද, එහෙම නැත්නම් අර විද්‍යා දැරිවිට හිංසනය කර මරා දාපු මිනිමරුවො වගේ එවුන්ද එහෙමත් නැත්නම් මිනීමරු කුඩුකරයෝද කියලා කිසි දෙයක් දන්නේ නැතුව කරලා තියන මෝඩ කමක මහත. පැණි කොමඩු කාරයාගේ ගෙදරටම ගේමක් දීපු දෙන්නෙක් උනානම් තමයි හොඳ. පැණි කොමඩු තිත්ත කොමඩු වෙන්න. (නදී)

:       0       0

ලංකා Saturday, 18 July 2015 10:31 PM

මේ තමයි අපේ රටේ හැටි. වැරදිකාරයෝ රකින එක (නදී)

:       0       0

සුභාෂ් වික්‍රමසිංහ Tuesday, 21 July 2015 01:55 PM

කොමඩු වෙළෙන්දගේ වරදක් මම දකින්නේ නැහැ. අද ලංකාවේ හැටියට හොරා අල්ලලා දුන්නා නම් පොලිසියට ගානක් දීලා හොරා ෂේප් වෙයි. (නදී)

:       0       0

අසෝක Sunday, 19 July 2015 09:49 AM

වැරදි කාරයෝ රකින්න පාර්ලිමේන්තුවත් විසිරවපු රටක් මේක. කොමඩි කාරයෙක් තමයි කිව්වෙ එහෙම කළා කියල.(ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1312 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1241 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 452 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site