කාන්තාවන් දිය නාමින් සිටිනවා බලා සිටි සිහිමඳ පුද්ගලයකුව අල්ලාගත් තරුණයන් පිරිසක්, ඔහුව ප‍්‍රජා ශාලාව අසලට ගෙන ගොස් ලණුවකින් ගැටගසා පිටව ගියහ.
ගමේ පිරිසකට බැඳ දමා සිටි ඔහුව දැකගන්නට ලැබුණි. මේ බව ඔවුන් පොලිස් හදිසි ඇමතුම් අංශයට (119) දැනුම් දුන්හ. විනාඩි කිහිපයකින් පොලිස් රථයක් පැමිණියේ නිලධාරීන් දෙදෙනකුත් සමගය.
”කවුද මෙයාව ගැට ගැහුවේ?” පොලිස් නිලධාරියෙක් රැස්ව සිටි අයගෙන් විමසීය, ”දන්නැහැ සර්, අපි එද්දිත් ගැටගහලා” එතැන සිටි අයෙක් පැවැසීය.
පසුව ඔහුව මුදාහරින ලද අතර ආපසු යෑමට ප‍්‍රථම එක් නිලධාරියකුට වැසිකිළි යෑමේ අවශ්‍යතාව ඇතිවිය. නිවසක් අසල තිබූ වැසිකිළියකට ඇතුළු වූ හෙතෙම තම අවශ්‍යතාව සපුරාගෙන එළියට පැමිණෙන විට දුටුවේ දොර අයිනේ තිබූ කුඩා බූලියකි. එය පරීක්ෂා කළ විට දැකගන්නට ලැබුණේ නීති විරෝධීව පෙරන ලද මත්පැන් සුළු ප‍්‍රමාණයක් එහි අඩංගු බවයි.
ගෙහිමියා නිවසේ සුවසේ ගොරවමින් නිදමින් සිටි අතර ඔහුව අවදි කිරීමට මැලිවූ පොලිස් නිලධාරීන් ඔහුගේ බිරියට පැවසුවේ සැමියා අවදි වූ විට පොලිසියට එන්නැයි පවසන ලෙසය. බූලියද රැුගෙන පොලිස් නිලධාරීහු පිටත්වූහ.
”සුළු සුළු දේවල්වලටත් 119ට කෝල් කරනවාට කාටත් ඕවා හොඳ පාඩම්” යැයි අයෙක් පැවැසීය.
මෙය අසන්නට ලැබුණේ රත්නපුර දිස්ත‍්‍රික්කයෙනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරි අවංක නෝනා කෙනෙක්. වාසනාවන් !! (නි)
සමදරා නම් හරිම කරදරයක් (නි)
අපේ අම්මගේ පැත්ත ලොකු වංසවත් උදවිය. තාත්තා කියන්නේ සුද්දන්ට පන්දන් අල්ලලා ගත්ත තානාන්තර කියලා.මමත් දැන් වංසේ කබල් ගානවා (ස)
ඉන්දු-ලන්ඩන්, ලස්සන කතාවට මගෙන් මල් මිටක්. .(නදී
මම හෙට අනිද්දට ගිනස් වාර්තාවක් තියනවා වයස වැඩිම මනමාලි කියලා. (ස)
සමදරා ඔයාට මොලේ උණ. (ස)
ස්තුතියි යාළුවනේ.. මේ පුවතට කවුරුවත් කතාවක් ලිව්වේ නැති නිසා ලිව්වේ...(නදී)
කොහේ යන්ඩද අනේ? (නදී)
අනේ සමදරා ඔයා ෆේස්බූක් එකවුන්ට් එකක් හදා ගන්නවද. අනේ ප්ලීස් තවත් ඇණයක් නොවී. ඔයා හදලා මේ තීරයේ අයට කියන්න.(නදී)
සමදරෝ..එදා ගුටි කෑවේ උබ හින්ද..උබට තිබුණු ආදරේ හින්ද..නැත්නම් තාත්තාව දෙකට නමල මඩේ ඔබනවා..(නදී)
කුණු ඇපල් අපිට එපෝ සමදරාගේ... (ස)
මම කියන්නේ නැහැ ඔයාට රත්තරන් හංගන් යන තැන. මම බබෙක් නෙමෙයි.(නදී)
සමදරා ඔයා වයසකම මනමාලි කියල ගිනස් වාර්තාවක් තියන්න කලින්, විනාකිරි බාගයක් දාල ඔලුවෙන් හිටවල තියන්න වෙනවා ටික දවසක්! (ස)
සමදරා, පින් සිද්ධ වෙයි මෝඩ අදහස් දාන එක නවත්වන්න. ඔයාට තිබෙන්නේ මනමාල පිස්සුව. ඒකට මානසික වෙදෙක්ව හමුවෙලා බෙහෙත් ගන්න.මෙතන දැවැන්තයෙක් උනාට වැඩක් නැහැ. (ස)
යාළුවනේ ඔයාලා සද්ද නැත්තේ ඇයි?. බලන්න හැමෝම කොතරම් ආසාවෙන් බලපු විනෝදයෙන් අදහස් දක්වපු තැනක්ද මෙහෙම වෙලා තියෙන්නේ.. (ස)
සමදරා අක්කේ දැන් ඔයාගේ අදහස් මොනවද කියලා හොයා ගන්නම බෑ. ඔයා මේ තරම් අදහස් ගොඩක් දැම්මේ නෑ මීට පෙරදී.. (ස)
නියම සමදරාට මම කියන්නේ ඕවාට තමයි දිට්ට දම්ම වේදනීය කර්ම කියල කියන්නේ. ඔයාගේ දැවැන්ත ප්‍රතිරූපය දැන් ඉවරයි අක්කේ. දැන් ඇත්තට කොමන්ට් දැම්මත් පාඨකයෝ හිතන්නේ ඩුබ්ලිකේට් සමදරා කියලා (නදී)
සමදරා අක්කේ - අනිච්චා වත සංකාරා (නදී)
ඔව් ඉන්දු, පියාඹන පිරිසියේ අදහස් 265ක් තිබුනා .රසයක් තිබුනේ කොමෙන්ට් කීයද ? පීටර් අයියා නැත්නම් එකත් නෑ.පහන්ලට වෙච්චි දෙයක් නෑ. (ස)
ස්තුතියි යාළුවනේ.. මේ පුවතට කවුරුවත් කතාවක් ලිව්වේ නැති නිසා ලියන්න හිතුනා...(නදී)
චන්දි, අරාබියේ ඇපල් ලංකාවේ ඇපල් වලට වඩා රසද අනේ. මට නම් අරාබියේ ඇපලුත් නෑ. ලංකාවේ ඇපලුත් නෑ. ඔයාට නම් අරාබියේදී අරාබි ඇපල්, ලංකාවට ආපුවහම ලංකා ඇපල්. පින තමයි. (ස)
මට පත්තරේක දැක්ක කතාවක් මතක් වුණා.... ඔන්න එක නෝනයි මහත්තයයි දෙන්නෙක් කාර් එකේ ගමනක් යනවාලු. කාර් එකේ වේගය සීමාව ඉක්මවලා ගිහිල්ල පොලීසියෙන් නැවැත්තුවාලු. පොලිස් මහතා: මම ඔබට දඩ කොලයක් ලියනවා ඔබ 60 පාරේ අඩු ගණනේ 75න් වත් ගිහින් තියෙනවා. මහත්තයා: නෑ සර් මම 55ට ගියේ. එතකොට නෝනා පැනලා කියනවා: ඇයි අනේ ඔයා අසූවටනේ ගියේ (මහත්තයා රවලා බැලුවාලු නෝනා දිහා). පොලිස් මහතා: ඔබගේ සිග්නල් ලයිට් වැඩ කරන්නෙත් නෑ. මහත්තයා: මොනවා! මම දන්නෙත් දැනුයි. එතකොට නෝනා කියනවා: ඇයි අනේ අපි සති ගානක ඉඳන් ඕක දන්නවනේ. ඔයා එක සැරයක් අලවන්නත් හැදුවේ (මහත්තයාට මළ ලු). පොලිස් මහතා: ඔබ සීට් බෙල්ට් දාලත් නෑ. මහත්තයා: ආ මම ඒක ගැලෙව්වේ ඔබ ලඟට බැහැලා යන්න කියලා. නෝනා: ඔයා මේ පිස්සු කියනවා. ඔයා කවදද සීට් බෙල්ට් දැම්මේ. මම හැමදාම කියනවා අහන්නේ නෑනේ. මහත්තයා: කට වහපන් ගෑනියේ. පොලිස් මහතා: නෝනා ඔයාගේ මහත්තයා ඔයාට වෙනදටත් කතා කරන්නේ මෙහෙමද? නෝනා: නෑ, එයා බීලා ඉන්න වෙලාවට විතරයි...(නදී)
චන්දි මම ගියහම මගේ පෙත්තාවයි, දිසාවයි හොඳට බලාගන්න. දිසා ඕනේ එකක්, පෙත්තා තවම පොඩි එකා .එකාට තවම ඕව නුහුරුයි. (ස)
අනේ මේ දෙයියගේ රසය ගැන කියලා දෙනවද? අර නෝනා නම් අරළු රස කියල දීල ඩෙවල් එකෙන්. අනික් අයටත් රස ඕනෙලු?(නදී)
දෙයියෝ සාක්කි! (නි)
සමදරා යනවා , යනවා කිවුවට කෝ තවම ගිහිල්ලා නැහැනේ (නි)
මගේ යාලුවෙකුගේ නෝනා කෙනෙකුක් ඉන්නවා ඔය විදිහමයි. (නි)
මම කාලෙකට නොලියන්න ඉන්නේ. හැබැයි දවසකට කීප සැරයක් ඇවිල්ලා ඕගොල්ලන්ගේ රස අදහස් බලනවා. (නි)
අර සමදරාව එළවලා දාපු පෙත්තා, දිසා ඔබලාට මම ස්තුති කරනවා (නි)
ඔය නම් හදන්නේ ඇපල් ගෙඩියට කොටවා ගන්න... (ස)
පහන්, පද්මේ, ෂෙරීෆ් ඇතුළු තවත් අය ලස්සන අදහස් දැම්මා. දැන් ඒ කාටත් එපා වෙලාද දන්නේ නෑ. අනේ හැමෝම ආයෙත් ඇවිත් ඔබේ හරබර රසවත් අදහස් වලින් "දෙයියෝ සාක්කිය" කාටත් ප්‍රියමනාප තැනක් කරන්න.(නදී)
ඉන්දු ඔය වගේ සිදුවීමක් මටත් උනා. මගේ තුන්වැනි කසාදෙ කැඩුනෙත් මගේ කට නිසා. (ස)
පහන්ගේ අදහස් පලවෙන්නේ නැහැ කියල මට ඊමේල් කරලා තිබුන .(නදී)
අපේ ගේ අසළින් ගලායන්නේ මනරම් නිල්වලා නදිය.මටත් ඒ වගේ අත්දැකීමක් තිබෙනවා. (නි)
අපේ ගේ අසලින් ගලායන්නේ මනරම් නිල්වල නදිය .මටත් ඒ වගේ අත්දැකීමක් තියනවා මම නානවා බලා ගෙන හිටපු තරුණ ගැටයෙක් බඩකට පුරා ගුටි කාව අපේ අප්පචිගෙන් .එදායින් පසු ගගේ නෑම තහනම්. (ස)
ඩේවිඩ් අයියේ ඔයාගේ ඊ මේල් එක දෙනවද? (නදී)
පින් බත් කාල එපා වෙලා අයියෝ, සමදරෝ මම එනෝ. (ස)
හදා ගත්ත පැල දාල නේද? අනේ (ස)
ඉන්දුගේ කතාව මල් පහයි අප්පා.... (ස)
ඉන්දු ඔයාගේ කතාවට ස්තුතියි. සමදරාගේ විකාර කියවලා එපා වෙලා හිටියේ (නි)
ඔය සමදරාව දැන් අල්ලලා දාන්න. දැන් අදහස් දාන්නේ බොරු සමදරාලා (නි)
හොද දෙයක් කරල තියෙන්නෙ(නදී)
සමදරා, ඔයා ඇත්තටම හොඳ අර ලංකාවේ ඉඳලා ඉන්දියාවට රත්තරන් හංගාගෙන යන ජොබ් එකට තමයි! (ස)