(ගලහ ඩබ්.ඒ. අසේල)
තලාතුඔය ප‍්‍රදේශයේ පදිංචි පොලිස් සේවයේ නියුතු පුද්ගලයකු දැඩි ලෙස අසනීප වී රෝගාතුර වී ප‍්‍රතිකාර ලබාගැනීමෙන් පසු සුව අතට පත්විය. තම නිවසේ සිට තලාතුඔය රෝහලට දෙතුන් පාරක් ඔහුගේ ඥාති සහෝදරයකු විසින් තම මෝටර් රථයේ මේ රෝගියා සඳහා ගමන් පහසුව සලසන ලදී. මේ සඳහා කිසියම් මුදලක් ගෙවීමට මෙම පොලිස් නිලධාරියා උත්සාහ කළද ඔහු මුදල් ලබාගැනීම ප‍්‍රතික්ෂේප කර ඇත.
දිනක් මෙම පොලිස් නිලධාරයා තලාතුඔය නගරයට ගොස් එනවිට විශාල ප‍්‍රමාණයේ බීම බෝතලයකට තලාතුඔය ඉන්ධන පිරවුම් හලෙන් පෙට‍්‍රල් මිලදී ගෙන අදාළ ඥාති සොහොයුරාට මුදල් වෙනුවට ඉන්ධන ටිකක් හෝ ලබා දීම සඳහා ඔහුගේ නිවසට පැමිණ ඇත. එවිට නිවසේ කිසිවකු නොසිටි නිසා පෙට‍්‍රල් පිරවූ බෝතලය දොරකඩ තබා ඔහු ගොස් ඇත.
අදාළ සොහොයුරාගේ මව ස්වල්ප වේලාවකින් නිවසට පැමිණි අතර දොරළඟ බීම බෝතලයක් දැක ඇත. කවුරුන් හෝ ඥාතියකු නිවසට පැමිණ කිසිවකු නොමැති නිසා බීම බෝතලය තබා යන්න ඇතැයි සිතා එය රැුගෙන ශීතරණයේ තබා ඇත.
දින දෙකකින් පමණ පිපාසයට බීම ටිකක් බීමට ශීතකරණය ඇර වීදුරුවකට දා අතට ගත්විට එහි ඇති අමුතු බව නිසා දියණියට කතාකොට මෙම බීම බෝතලය පෙන්වා ඇත. එවිිට ඇය විසින් මෙහි ඇත්තේ පෙට‍්‍රල් බව පවසා නොසැලකිලි ලෙස මෙවැනි දේ නොකරන ලෙසට මවටද කරුණු පහදාදී ඇත
පසුව මෙම පෙට‍්‍රල් ලැබුණේ කෙසේද කියා සොයා බැලීමේදී සත්‍යය හෙළිවිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බීම බෝතල් වල විනාශකාරී දේවල් පිරවීම නුසුදුසු දෙයක්. ඒ ගෙදර පොඩි දරුවෙක් එහෙම හිටියනම් එක උගුරට බීල ඉවර කරාවි බෝතලේම. කූල් කරපු පැට්‍රොල් වාහනයකට දැම්මම ඒකට අධි බලයක් ලැබී උඩින් යනවද? (බ)
මේක දෙන්නගේ වැරැද්ද. රාළහාමිට තිබුනා ෆෝන් කරලා කියන්න හෝ ලියලා තියන්න. සහෝදරයට තිබුනේ බෝතලේ ශීතකරණයේ දාන්න පෙර ඒ ගැන ටිකක් සොයා බලන්න. (නි)
ඉහලින් ලියා ඇති ප්‍රතිචාරහොඳයි පිටබැද්දර ජයා සහ කුමාරි ගේ අදහස් ඉහළයි (බ)
පොලිස් නිලධාරියා කර ඇත්තේ අනුවණ ක්‍රියාවක්. ඇති වෙන විනාශයක් නොවී ඔයින් ගියා.(බ)
සමහර අයගේ අදහස් බැලුවහම තේරෙනවා කියවීමේ තරම (නි)
චේතනාව හොඳ වුනත් ක්‍රියාව අවදානම් ! (බ)
පෙට්රල් වාෂ්ප වෙන එක අඩු කරන්න ශීතකරණයේ තියන්න ඇත්තේ (බ)
ගින්දරක් ළඟට මේක වැරදිලාවත් ගෙන ගියානම් වෙන්නේ ලොකු අනතුරක් (බ)
මම කලින් වැඩකළ ලංකාවේ ප්‍රසිද්ධ රෝහලක ලෙඩෙක් බලන්න ආ එක්කෙනෙක් වතුර කියලා හිතාගෙන වතුර බෝතලයක දාපු කෙමිකල් බෝතලයක් බීලා මැරුණා. (නි)