(ගලහ ඩබ්.ඒ. අසේල)
තලාතුඔය ප‍්‍රදේශයේ පදිංචි පොලිස් සේවයේ නියුතු පුද්ගලයකු දැඩි ලෙස අසනීප වී රෝගාතුර වී ප‍්‍රතිකාර ලබාගැනීමෙන් පසු සුව අතට පත්විය. තම නිවසේ සිට තලාතුඔය රෝහලට දෙතුන් පාරක් ඔහුගේ ඥාති සහෝදරයකු විසින් තම මෝටර් රථයේ මේ රෝගියා සඳහා ගමන් පහසුව සලසන ලදී. මේ සඳහා කිසියම් මුදලක් ගෙවීමට මෙම පොලිස් නිලධාරියා උත්සාහ කළද ඔහු මුදල් ලබාගැනීම ප‍්‍රතික්ෂේප කර ඇත.
දිනක් මෙම පොලිස් නිලධාරයා තලාතුඔය නගරයට ගොස් එනවිට විශාල ප‍්‍රමාණයේ බීම බෝතලයකට තලාතුඔය ඉන්ධන පිරවුම් හලෙන් පෙට‍්‍රල් මිලදී ගෙන අදාළ ඥාති සොහොයුරාට මුදල් වෙනුවට ඉන්ධන ටිකක් හෝ ලබා දීම සඳහා ඔහුගේ නිවසට පැමිණ ඇත. එවිට නිවසේ කිසිවකු නොසිටි නිසා පෙට‍්‍රල් පිරවූ බෝතලය දොරකඩ තබා ඔහු ගොස් ඇත.
අදාළ සොහොයුරාගේ මව ස්වල්ප වේලාවකින් නිවසට පැමිණි අතර දොරළඟ බීම බෝතලයක් දැක ඇත. කවුරුන් හෝ ඥාතියකු නිවසට පැමිණ කිසිවකු නොමැති නිසා බීම බෝතලය තබා යන්න ඇතැයි සිතා එය රැුගෙන ශීතරණයේ තබා ඇත.
දින දෙකකින් පමණ පිපාසයට බීම ටිකක් බීමට ශීතකරණය ඇර වීදුරුවකට දා අතට ගත්විට එහි ඇති අමුතු බව නිසා දියණියට කතාකොට මෙම බීම බෝතලය පෙන්වා ඇත. එවිිට ඇය විසින් මෙහි ඇත්තේ පෙට‍්‍රල් බව පවසා නොසැලකිලි ලෙස මෙවැනි දේ නොකරන ලෙසට මවටද කරුණු පහදාදී ඇත
පසුව මෙම පෙට‍්‍රල් ලැබුණේ කෙසේද කියා සොයා බැලීමේදී සත්‍යය හෙළිවිය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
පෙට්රල් බෝතලය අයිස් පෙට්ටියේ
නන්දලාල් - ප්‍රංශය Saturday, 30 May 2015 10:12 AM
බීම බෝතල් වල විනාශකාරී දේවල් පිරවීම නුසුදුසු දෙයක්. ඒ ගෙදර පොඩි දරුවෙක් එහෙම හිටියනම් එක උගුරට බීල ඉවර කරාවි බෝතලේම. කූල් කරපු පැට්‍රොල් වාහනයකට දැම්මම ඒකට අධි බලයක් ලැබී උඩින් යනවද? (බ)
රෙජි-සිඩ්නි Monday, 01 June 2015 01:20 AM
මේක දෙන්නගේ වැරැද්ද. රාළහාමිට තිබුනා ෆෝන් කරලා කියන්න හෝ ලියලා තියන්න. සහෝදරයට තිබුනේ බෝතලේ ශීතකරණයේ දාන්න පෙර ඒ ගැන ටිකක් සොයා බලන්න. (නි)
ප්‍රේමසිරි ප්‍රනාන්දු Sunday, 31 May 2015 08:50 AM
ඉහලින් ලියා ඇති ප්‍රතිචාරහොඳයි පිටබැද්දර ජයා සහ කුමාරි ගේ අදහස් ඉහළයි (බ)
කුමාරි Saturday, 30 May 2015 04:46 AM
පොලිස් නිලධාරියා කර ඇත්තේ අනුවණ ක්‍රියාවක්. ඇති වෙන විනාශයක් නොවී ඔයින් ගියා.(බ)
සෙනරත් Sunday, 31 May 2015 03:56 PM
සමහර අයගේ අදහස් බැලුවහම තේරෙනවා කියවීමේ තරම (නි)
පිටබැද්දර ජයා Saturday, 30 May 2015 08:44 AM
චේතනාව හොඳ වුනත් ක්‍රියාව අවදානම් ! (බ)
රාමා Sunday, 31 May 2015 04:17 AM
පෙට්‍රල් වාෂ්ප වෙන එක අඩු කරන්න ශීතකරණයේ තියන්න ඇත්තේ (බ)
සෙලෙන්සියස් Saturday, 30 May 2015 09:03 AM
ගින්දරක් ළඟට මේක වැරදිලාවත් ගෙන ගියානම් වෙන්නේ ලොකු අනතුරක් (බ)
තිලින Sunday, 31 May 2015 05:46 PM
මම කලින් වැඩකළ ලංකාවේ ප්‍රසිද්ධ රෝහලක ලෙඩෙක් බලන්න ආ එක්කෙනෙක් වතුර කියලා හිතාගෙන වතුර බෝතලයක දාපු කෙමිකල් බෝතලයක් බීලා මැරුණා. (නි)