IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


පොට්ටනිය ලෙඩාට පත්තුවෙලා

කරාපිටිය – ජී.ඩබ්ලිව්.කේ. ප්‍රේමතිලක ද සිල්වා
හේ බද්දෙගම පුරවරයට නුදුරු ගමක වෙසෙන්නෙකි. ගමන නිතරම යතුරු පැදියෙනි. දිනක් යතුරු පැදිය පදවාගෙන ගමනක් යාම සඳහා පිටත්විය. මේ ගමන අතරතුර දඩාවතේ යන බල්ලෙක් පාර හරහා පැනීම හේතුවෙන් මෙම යතුරු පැදිය අනතුරට පත්විය. නමුත් තරුණයාට තුවාලයක් නොවීය. යතුරු පැදියට තරමක අලාභයක් සිදු විය.
මෙම සිද්ධියෙන් දින දෙක තුනක් ගතවිය. කෙසේ නමුත් මෙම තරුණයාගේ දකුණු කකුලේ කලවා පෙදෙසේ රුදාවක් හටගෙන ඇති බව හෙතෙමට වැටහී ගියේ ඇති වූ වේදනාව හේතුවෙනි. එවිට මෙම තරුණයාට සිහියට ආවේ දින කීපයකට පෙර වූ අනතුර හේතුවෙන්  එම ප්‍රදේශය තැළීගොස් මෙම වේදනාව හටගෙන ඇති බවයි.
පසුව මෙකි කතානායකයා තම ගම් ප්‍රදේශයට නුදුරින් වෙසෙන කැඩුම් බිඳුම් සඳහා ප්‍රතිකාරයට දක්ෂයකු වූ වෙද මහතකුගෙන් ප්‍රතිකාර ලබා ගැනීම සඳහා යාමට තීරණය කළේය. හෙතෙම එම ඖෂධාලයට යනවිට වෙද මහතා ද වෙනත් රෝගියෙකුට ප්‍රතිකාර කරමින් සිටියේය.
පසුව වෙද මහතා මෙකී තරුණයාගෙන් තම රෝගය සම්බන්ධයෙන් කරුණු විමසන්නට විය. එවිට මෙම තරුණයා තමන්ට වූ කරදරය වෙද මහතාට කීවේය. අනතුරුව වෙද මහතා මෙම තරුණයාගේ පාදයේ අදාළ රෝගී තත්වය තිබෙන කොටස තැවීම සඳහා බෙහෙත් පොට්ටනියක් ද එම ප්‍රදේශයේ ආලේපනය සඳහා පත්තුවක් ද ප්‍රතිකාර ලෙස නියම කළේය.


මෙම තරුණයා නිවසට පැමිණියේය. සිය බිරියට පවසා සිටියේ තමන්ට වෙද මහතා තැවීම සඳහා ඖෂධ පොට්ටනියක් සහ ආලේපනය සඳහා පත්තුවක් ද ලබාදුන් බවයි. මේ අවස්ථාවේ දී බිරිය පවසා ඇත්තේ එදින තම පුරුෂයාට  නිවාඩු දිනයක් බැවින් ඒ වෙලාවේදීම මෙම ප්‍රතිකාර කළ යුතු බවයි. පසුව අදාළ කතානායකයා කොට කලිසමක් ද ඇඳගෙන අසල වූ බංකුවේ ඇලවිය. බිරිය මෙම බෙහෙත් ගෙන ප්‍රතිකාරය ආරම්භ කළාය. නමුත් බිරිය සිදුකර ඇත්තේ රෝගි ප්‍රදේශයේ ගෑමට දුන් පත්තුවෙන් එම ප්‍රදේශය තවා තැවීමට දුන් පොට්ටනිය ගෙන රෙදි පටියකින් රෝගි වූ ප්‍රදේශයට යොදා එම ප්‍රදේශය ඔතා තැබීමයි.
මෙම ප්‍රතිකාරයෙන් පැයක් පමණ ගතවිය. මෙකී තරුණයාට මේ වනවිට මෙම ප්‍රදේශයේ තිබුණාට වඩා තද වේදනාවක් දැනෙන්නට විය. එවිට ඔහු බිරිය අමතා පවසා සිට ඇත්තේ රෝගි ප්‍රදේශයේ තිබුණාට වඩා ප්‍රතිකාරයෙන් පසු වේදනාව වැඩි වූ බවයි. මේ කතාව තරුණයාගේ පියාට ද සැලවිය. ඔහු පැමිණ මෙම කටයුතු සිදුකර ඇති ආකාරය ගැන විපරමක් කළේය. එවිට කරුණ වැටහිණි. මෙහිදී මෙකී තරුණයාගේ බිරිය සිදුකර ඇත්තේ තැවීමට දුන් ඖෂධ පොට්ටනිය අදාළ ස්ථානයට බැඳ ගැල්වීමට දුන් පත්තුවෙන් අදාළ ස්ථානය තවා ඇති බවයි. මෙම ප්‍රතිකාරයේ වැරැද්ද හේතුවෙන් රෝගි තත්වය වැඩිවී ඇති බව වටහා ගත් තරුණයා මේ ගැන බිරියට දොස් පවරා එම ස්ථානය නැවත පිරිසිදු කර වෙදමහතාගේ දුන් උපදෙස්වලට අනුව කටයුතු කර ගැනිණි. එවිට ගැටලුවක් නොවීය.



අදහස් (0)

පොට්ටනිය ලෙඩාට පත්තුවෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 142 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site