(තිහගොඩ - උපසේන ලියනගම)
තම යහළුවකුගේ බාහුවෙහි අලංකාර කාන්තා රූපයක් පච්ච කොටා තිබෙනු දැක එම ශිල්පියා ලවා තම බාහුවෙහිද ලිහිණියකුගේ රූපයක් පච්චකොටා ගැනීමට ගිය තැනැත්තකු මුහුණ පෑ අපූරු අත්දැකීමක් පසුගියදා අසන්නට ලැබුණේ කොළොම්පුරෙන්.
ඔහු දිගු කලක් විදේශගතව සිට ලංකාවට පැමිණියේ නොබෝදාය. තම යහළුවකුගේ බාහුවේ කොටා ඇති පච්ච රූපයකට ආසා සිතුන ඔහු එම ශිල්පියා ලවා තමාගේ බාහුවෙහි ද නයකු හොටයෙන් ගත් ගිජු ලිහිණියකුගේ රූපය කොටවා ගැනීමට යහළුවා සමග එහි ගියේය.
රූපයට අදාළව බාහුවේ දළ සටහනක් තැබූ ඔහු මුලින්ම ගිජුලිහිණියා හොටයෙන් ගත් නයාගේ රූපය කෙටීම ඇරඹිය.
වේදනාවෙන් ඇඹරුණු ඔහු නයාගේ රූපය කොටා නිම වෙත්ම ”ළිහිණියා ඕනෑ නෑ. නයා ඇති” කීවේ ලොකු සුසුමක් පිට කරමිනි.
ඔහුගේ කීමට සිනාසුනු ශිල්පියා ”කමක් නෑ සර්, හැබැයි මුළු රූපයටම ගෙවන්න ඕනෑ. මම ඒකට භාණ්ඩ සූදානම් කළා” කීවෙන් ඔහුට තරු පෙනුණාලූ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නයි පච්චය තියෙන කම් එයාගේ ගෙදරට මීයෝ එනෙකක් නැහැ. (නදී)
අමා, ඔයා හරියට හරි. සමහර රටවල, පච්ච කොටපු අයට වැදගත් රැකියාවක් දෙන්න කිසිම ආයතනයක් කැමති නැහැ. සුදුසුකම් කොතරම් තිබුනත්, පච්චය තමයි මුලිකම නුසුදුසුකම. (ර)
කාලයක් යද්දී එයාටම හිතෙයි පච්චයක් කොටලා කරගත්ත මෝඩකම කියලා.පිස්සු වැඩ. (නි)
ආ...මේක අලුත් තරු බලන ක්‍රමයක්නේ. (නි)
අපරාදේ! මේ ගැන කලින් දැනගත්තා නම් ඡන්ද සළකුණකටවත් ඔය කියන පච්ච ළකුණ ගන්න තිබුණා (නි)
කිරින්දගේ කතාව බලලා හිනාවෙලා පණ ගියා (නි)