(ගල්ගමුව නිහාල් ජයවීර)
මහමග අසල මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කීපදෙනකු රැඳී සිටිනු දැක කලබල වූ යතුරුපැදිකරුවකු කාණුවකට වැටී ඔහුත් එහි ගමන් ගත් අනෙක් තරුණයාත් තුවාල ලැබීමේ සිද්ධියක් ගල්ගමුවේ ගමකින් දැන ගැනීමට ලැබුණි.
මේ තරුණයන් දෙදෙනා ආරක්ෂිත හිස්වැසුම් හෝ අදාළ බලපත්‍ර ද නොමැතිව යතුරුපැදියක නැගී කාපට් කළ මාර්ගයක මඳ වේගයකින් පැමිණෙමින් සිටියදී ඉදිරියේ කාකි ඇඳුම් ඇඳගෙන සිටි දෙතුන් දෙනකු මග අසල සිටින බව දැක තිබේ. ‘පොලිස් පොලිස්’ යි පිටුපස වාඩි වී පැමිණි තරුණයාගේ මුවෙන් ඉබේටම පිටව තිබේ.
පැදිකරුට යතුරුපැදිය පාලනය කර ගැනීමට නොහැකිවී එය මාර්ගයෙන් ඉවතට පැන කාණුවට වැටී පෙරළී ගොස් ඇත.
යතුරුපැදිය අනතුරකට පත්වූ බව දුටු මහජන පරීක්ෂකවරුන් වහා එම ස්ථානයට දුව ගොස් තිබෙන අතර දණිපනි ගා නැගිටගත් තරුණයන් දෙදෙනා ‘අනේ සර් සමාවෙන්ඩ ඕන. හෙල්මට් දෙකයි ලයිෂන් ඉන්ෂුරන්ස් ටිකයි ගෙදර තියෙනවා. හදිසි ගමනක් නිසා ඒවා ගේන්ඩ බැරිවුණේ’ යැයි බැගෑපත්ව පවසා තිබේ.
‘හා හා... අපි පොලිසියෙන් නෙමෙයි. අපි පී.එච්.අයි. මහත්තුරු. දැන් මොකද වෙලා තියෙන්නේ’ යැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙක් විමසා සිටියේය. ‘පොඩි සීරීම් තුවාල ටිකක් වෙලා තියෙනවා. බයික් එකටත් ටිකක් ඩැමේජ්. ඒකට නම් කමක් නෑ. අපි හිතුවේ පොලිසියෙන් කියලා. දැන් තමයි ඇඟට ලේ ටිකක් ඉනුවේ’ යි යතුරුපැදිකරුට කියැවිණි.
2025 ඔක්තෝබර් මස 08
1710
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1429
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
512
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
පී.එච්.අයි ලා දැක්කාම යතුරුපැදිය පෙරළිලා
sampath Friday, 05 July 2019 11:55 AM
ලංකාවේ මිනිස්සු හිතන්නේ හෙල්මට් දන්නේ පොලිසිය ඉන්න නිසා කියලයි. එයාලගේ ආරක්ෂාවට හෙල්මට් දාන්න ඕනේ කියලා හැඟීමක් නැහැ. යතුරුපැදිවලින් අවුරුද්දකට කී දාහක් මැරෙනවද? ලංකාවේ යතුරුපැදි අනතුරුවලින් මේ වෙනකොට ලක්ෂයකට වැඩිය තරුණ ජීවිත අහිමි වෙලා ඇති...