(මීරිගම - පුෂ්පකුමාර මල්ලවආරච්චි)
නිවැසියන් සාදයකට ගොස් එන අතරේ ගෙදර ඇති කරන සුරතල් බල්ලා කාමරයකට වී හුදෙකලා සාදයක් පැවැත්වූ පුවතක් ගම්පහට නොදුරු ගමකින් පසුගිය දා වාර්තා විය.
 සැමියා, බිරිඳ, දරු දෙදෙනා සමග සාදයකට  යාමට සූදානම් විය. බිරිඳ  හැඩ වැඩ වීමට කල්ගත වීම හේතුවෙන් ගමන ප්‍රමාද වීමත් සමග සැමියා සිටියේ දැඩි කේන්තියෙනි.
සැමියා, බිරිඳ, දරු දෙදෙනා සමග සාදයකට  යාමට සූදානම් විය. බිරිඳ  හැඩ වැඩ වීමට කල්ගත වීම හේතුවෙන් ගමන ප්‍රමාද වීමත් සමග සැමියා සිටියේ දැඩි කේන්තියෙනි. 
බිරිය හැඩ වැඩ වී අවසන් වීමත් සමග සැමියා නිවෙසේ දොරගුළු  වසා රියට ගොඩවිය. කිසිත් නොදෙඩූ බිරිය දරුවන් සමග රියට ගොඩවූවාය. කතාබහින් තොරව පවුලේ  පිරිස සාදයට සහභාගී වූහ. සියලු_ කටයුතු  අවසන යළි නිවෙසට එද්දී පැය හත අටක් ගතව තිබිණි. වෙනදා ගෙදරට එද්දී පිළිගැනීමට පෙරට එන සුරතලා ආවේ නැත. මේ නිසා දියණියට දැඩි ශෝකයක් ඇති වූවාය. ඒ සමගම සියලු_ දෙනා බලු_ පැටවා සොයන්නට වූයේ නිවෙසේ දොර විවෘත කිරීම පසෙකලාය. කිසිවකු නැති අතරේ බල්ලාට සර්පයකු දෂ්ඨ කරන්නට ඇතැයි තීරණය කළේ පසුව තවදුරටත් සොයා බලන අදහසිනි. 
බිරිය දොර විවෘත කර ගෙට ගියාය. ඇය සිය කාමරයේ දොර විවෘත කරනවාත් සමග බලු_ පැටවා ඇගේ ඇඟට පැන්නේ ඇය බියට පත්කරමිනි. හදිසියේ කාමරයේ දොර වසද්දී බල්ලා කාමරයෙන් එළියට දමන්නට  බැරි වූ බව ඇයට සිහිපත් වූයේ ඒ අවස්ථාවේදීය.
අනතුරුව  කාමරයට ගිය විට ඔවුන්  දුටුවේ මවත් දියණියත් රූ ගැන්වීමට යොදාගත් රූපලාවන්‍ය උපකරණ  හා ද්‍රව්‍ය පැය කිහිපයක් තිස්සේ විනාශ කර ඇති බවයි. කලට වේලාවට වැඩ කළා නම්  කඩිමුඩියේ  හදිසියේ  ගමන පිටත් වීමට සිදු නොවන බවත් මේ ආකාරයේ පාඩුවක්  දරන්නට සිදුනොවන බවත් සැමියා බිරියටත් දියණියටත් අවබෝධ කර දී විනාශ වී ගිය අඩුම කුඩුම යළි මිලදී ගැනීමට අවශ්‍ය මුදල් ඒ අවස්ථාවේදීම බිරිය අතට පත් කළේ වෙන කළ හැකි දෙයක් නොවූ බැවිණි. 
 2025 ඔක්තෝබර් මස 08										
										
										 1775										
										
											 0
								
									
										
											2025 ඔක්තෝබර් මස 08										
										
										 1775										
										
											 0										
									
								හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
 2025 ඔක්තෝබර් මස 01										
										
										 1457										
										
											 0
								
									
										
											2025 ඔක්තෝබර් මස 01										
										
										 1457										
										
											 0										
									
								2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
 2025 සැප්තැම්බර් මස 23										
										
										 521										
										
											 0
								
									
										
											2025 සැප්තැම්බර් මස 23										
										
										 521										
										
											 0										
									
								ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
නිවැසියන් සාදයට ගොස් සිටියදී බල්ලා අපූරු නැටුමක් නටලා