රුපියල් නවයේ ටිකට් පත‍්‍රය වෙනුවෙන් රුපියල් දහසේ නෝට්ටුවක් පෞද්ගලික බස් කොන්දොස්තරවයකුට දීම නිසා කඳුරට ප‍්‍රදේශයේ බස් රථයක පසුගියදා මහත් ගාලගෝට්ටියක් හට ගත්තේය.
සිද්ධිය සැකෙවින් මෙසේය.
එය කඳුරට ප‍්‍රදේශයේ කුඩා නගරයකි. බස් රථ අඩුවෙන් ධාවනය වන නිසා ධාවනය වන බස් රථ කිහිපය නිතර මගීන්ගෙන් පිරී පවතී. පසුගිය දිනෙක මෙම මාර්ගයේ ධාවනය වන එක් පෞද්ගලික බස් රථයකට මැදි වියේ පුද්ගලයෙක් ගොඩ විය.
බස් රථයට නැගුණු ඔහු ”මල්ලි නවයේ එකක්” යැයි කියමින් රුපියල් දාහේ නෝට්ටුවක් කොන්දොස්තර මහතා වෙත දික් කළේය. එම රුපියල් දහස දුටු කොන්දොස්තරවරයාට කර කියා ගත හැකි දෙයක් නොවීය.
”මහත්තයා රුපියල් නවයට දාහක් මාරු කරන්න කොහෙද තියෙන්නේ, සිල්ලරවලින් රුපියල් නවයක් දෙන්න” යැයි ඉල්ලීය. ”සිල්ලර නෑනේ, තියෙනව නම් දෙනවනේ. මේකෙන් මාරු කරල ගන්න” ආදී වශයෙන් මගියා කියද්දී දෙන්නා අතර වාග් ප‍්‍රහාරය එන්න එන්නම වැඩි වන්නට විය. මේ අතරතුර අදාළ මගියා බසයෙන් බැසිය යුතු ස්ථානයත් ළං විය. ”මං ඔය ඉස්සරහ බහිනව, ඉක්මනට ඉතිරි සල්ලි දෙන්න” යැයි නැවතත් ඔහු ඉල්ලීය. රුපියල් දාහේ නෝට්ටුව අතේ තියාගෙන සිටින කොන්දොස්තරවරයා සතුව ඔහුට ඉතිරි මුදල් දෙන්නට තරම් මුදලක් නැත. මගියා ළඟ ද රුපියල් නවයක් දෙන්න සිල්ලර මුදල් නැත. මෙම උභතෝකෝටික ප‍්‍රශ්නය විසඳීමට ඉදිරිපත් වූයේ බස් රථයේ ගමන් කළ මගියෙකි. ඔහු මගියාගේ ටිකට් පතේ ගාස්තුව වන රුපියල් නවය ගෙවා සිද්ධිය සමථයකට පත් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සෙලිනා, රුපියල් 9 කට වංචා කලත් ලක්ෂයකට වංචා කලත් පව පවමයි. මගියා කට්ටකමක් කලානම් ගෙවන්න වෙයි. (නදී)
පද්මේ ඔයා හරි, රුපියලකින් දෙකකින් කවුරුවත් පොහොසත් වෙන්නේ නැහැ මෙතන සිද්ධිය දිහා බැලුවම පෙනෙන දෙයක් තමයි මගියා කපටි කමට මාරු සල්ලි නැහැ කියපු බව කෙසේ හෝ දාහේ නෝට්ටුවත් අරන් බස් ගාස්තුවත් පිරිමහන් ගෙදර ගියානේ කොහොමද මොලේ (අ)
හැබැයි ඉතින් රුපියල් නවය වගේ දසගුණයක් ඔහුට පසුව පොලිත් එක්කම ගෙවන්න වෙයි (අ)
මොනව වුණත් මේ මගිය කරපු වැඩේ වැරදී.(දිල්)
මටත් හිතුනේ මගියා කපටි අයෙක් කියලා.(නදී)
සල්ලි දීල රණ්ඩුව විසදපු කෙනා ගැන හිතන්න කොච්චර හොද මනුස්සයෙක්ද. (නදී)
ඔය මගියා කපටියෙක් පාටයි (අ)
පෙර ගෙවුම් ප්‍රවාහන කාඩ් පත ඉක්මනටම දිවයින පුරා ක්‍රියාත්මක කල යුතුය! (අ)
කොන්දොස්තරලගේත්,මගියන්ගේත් දෙගොල්ලන්ගේම ඔය කපටි වැඩ සිද්දවෙනවා. ඔය 1000 නෝට්ටුව දුන්න වගේම රුපියල් 10ක් දුන්නමත් ඉතිරි රුපියල දෙන්න එයාලට මාරු නැහැ.ඉතිරි රුපියල මගියෝ ඉල්ලුවොත් කොන්දොස්තර බල්ලන්නේ හරියට හිඟමන් ඉල්ලුව වගේ.මගියත් දැනගන්න ඕන ඔය වගේ කපටි වැඩ නොකර ඉන්න, (අ)
ප්‍රයිවෙට් බස්කාරයො මහ ජරාම ජාතියක්.(නදී)
අසාද්, සාමාන්යෙන් පුද්ගලික බස් කොන්දොස්තරලා අසාදාරන වුන පලියට හැම සිද්දියක්ම ඔවුන්ගේ ගිණුමට බැර කරන එක වැරදියි. ඔබ මේ කොන්දොස්තර නම් රුපියල් නවසීය අනූ එකක් ඉතුරු සල්ලි ප්‍රශ්නයක් නැතුව දෙනවද? (නදී)
මඩ ගොඩේ පිපුණු සුපිපි නෙළුම දුටු හා අපට පෙන්වූ අනුට ස්තුති මෙවැනි අයුරින් පුවත් දෙස බැලීමෙන් අප ලේ පිරිසිදු වෙනවා පමණක් නොව අපව හොඳ දේ කිරීමට පෙලම්බවිමක්ද සිදුකරයි (අ)
මෙතන නම් සම්පුර්ණ වැරැද්ද මගියාගේ. තමන් ළඟ මාරු නැත්නම් කරුණාවෙන් ඒක කොන්දොස්තරට කියන්න තිබ්බා. මමත් සැහෙන්න කාලෙකට පස්සේ තිබුන කාර් ඒක විකුණලා අනික් ඒක ගන්නකන් සති දෙකතුනක් බස් එකේ ගියා. ගොඩක් හොඳ කොන්දොස්තරලත් හම්බවුනා. මාරු නැහැ මල්ලි තියන විදිහට ඉතුරු සල්ලි දෙන්න කිව්වම හරියටම ඉතුරු දුන්නා. සමහරු නම් රුපියල දෙක දුන්නේ නැහැ. සමහරු රුපියල දෙක ගත්තෙත් නැහැ. රුපියලකින් දෙකකින් මම දුප්පත් වෙන්නෙත් නැහැ. කොන්දොස්තර පෝසත් වෙන්නෙත් නැහැ.(නදී)