IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


නිවාඩු දවසේ හේතුව වැරැදිලා ජංජාලයක්

රජයේ කාර්යාලයකි. 


දිනය නිවාඩු දිනයකි.


අත්‍යවශ්‍ය රාජකාරි කටයුතු කිහිපයක් සඳහා නෝනා මහත්වරු කිහිප දෙනෙක් එදිනද රාජකාරියට වාර්තා කළහ. 


ඒ අතරේ එක් නෝනා කෙනකු පැමිණියේ ප්‍රමාද වෙලාය. 


“මොකද මිස් අද පමාවුණේ.” යෙහෙළියෝ විමසූහ.


“අනේ අද අපට උපාසක දානේ... ඉතින් පිටි කිලෝ පහක ඉඳිආප්ප හදල අල හොදි හදල පන්සලට යැව්වා. ටිකක් පරක්කු වුණේ ඒකයි.”


“අයියෝ ඔයා අද පන්සලට උපාසක දානෙ හැදුවද? අද පෝය නිවාඩු නොවෙයිනෙ. හජ්ජි උත්සවේටනෙ නිවාඩු. ඉතින් ඔයාලගෙ ගමේ උපාසක ඇත්තො හජ්ජිවලටත් සිල් ගත්තද?”


පමාවූ නෝනා උත්තරය වැරදී ලෙස්සා ගියේ මුහුණ බෙරිකරගෙනය.

(දූනගහ - බටේපොල විජයසිරි)



අදහස් (0)

නිවාඩු දවසේ හේතුව වැරැදිලා ජංජාලයක්

ගුණවර්ධන Saturday, 17 September 2016 12:54 PM

මේවා නොඅසා පන පලයන් පෙරේදා කිව්වලු!

:       0       0

ජනහිත Thursday, 15 September 2016 05:40 AM

කාන්තාවක් වුණාම එහෙම ලේසියෙන් කියන්නෙ නැහැ අහුවෙන්න බොරුවක්. පෝය ගැන වැඩිය හිතන්න නැතුව ඇති (නි)

:       0       0

මහේෂ් Thursday, 15 September 2016 06:02 AM

අහෝ රාධා, උපාසක දානයක් කියන්නේ සිල්ගන්න අයට දෙන දානයක්නේ. ඔයා ලංකාවේ මොන පළාතේද? (නි)

:       0       0

පත්මසිරි Saturday, 17 September 2016 03:45 PM

ඇයි හජ්ජි උත්සවය දාට පෝය දිනක් එන්න බැරිද?

:       0       0

රූපවතී Thursday, 15 September 2016 06:43 AM

ස්තුතියි දෙවියෝ සාක්කි......!

:       0       0

අතුල Friday, 16 September 2016 04:35 AM

මාර වැඩේ තමයි.(හේ)

:       0       0

අබය Thursday, 15 September 2016 07:09 AM

අයියෝ මහේෂ්, රාධාට වැරදුනා කියලා ඒ පළාතේ ඔක්කොටම වරදිනවද? (නි)

:       0       0

අබේරත්න Sunday, 18 September 2016 04:02 AM

දානය යනු බෞද්ධ ලේබලය අලවා ගත් අයට පමණක් දිය යුතු දෙයක් නොවේ... එය තිරිසනෙකුට වුවත් පොදුය...(බ)

:       0       0

ඒකනායක Thursday, 15 September 2016 08:03 AM

බොරුවක් කියද්දී හිතලා බලලා කියන්න ඕනෑ කියන්නේ ඒකයි (නි)

:       0       0

මහේෂ් Thursday, 15 September 2016 08:20 AM

අබය, ඔයාට ලංකාවේ ජනප්‍රවාද, ජන ගී ගැන කිසිම දැනුමක් නැතුවා වගෙයි. මම කියපු දේ අබයට හරි හැටි වැටහිලා නැහැ. ලංකාවේ පළාත් අනුව ඒ ඒ අය භාවිතා කරන වචන වෙනස්. (නි)

:       0       0

හේවගේ Monday, 19 September 2016 03:27 PM

ලැජ්ජාවේ බෑ.(හේ)

:       0       0

රාධා Thursday, 15 September 2016 01:07 AM

උපාසක උපාසිකාවන්ට පන්සල් යන්නේ පෝය දිනයටම නොවන අතර ඔවුන්ට උදෑසන ආහාරය යැවීමද ඕනෑම දිනයක කළහැකි බව නොදන්නා සේවක පිරිසක් සිටින කන්තෝරුවක්

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 73 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 874 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 615 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site