තමා උදවු කළ දේශපාලනඥයකු පසුපස රැකියාවක් සොයා ගිය ඔහුට පසුගියදා රාජ්‍ය නොවන සංවිධානයක කම්කරු තනතුරක් ලැබිණ.
ඉතා කැපවීමෙන් මාසයක් සේවය කළ ඔහුට නිවාඩුවක් අවශ්‍ය වූයේ ඥාති දුවකගේ මංගල්‍යයකට යාමටය. අයදුම්පතක් දුන් ලිපිකරු මහත්මිය ඒ සඳහා ලොක්කාගේ අනුමැතිය අවශ්‍ය බව කීවාය. ඔහු එය රැගෙන තරමක බියෙන් ගොස් අයදුම්පත ලොක්කා අත තැබීය.
අයදුම්පත බැලූ ලොක්කා උපැස් යුවළ යටින් ඔහු දෙස බලා ”නම සිරිදාසනෙ” කීවේ උපහාසයෙනි. ”ඔව් සර්” ඔහු කීය. ”එතකොට සිරිදාසට බබා ලැබෙන්නේ කවදාද?” ඇසූයෙන් ඔහු තුෂ්ණිම්භූත විය. ”අයිසෙ, මේක ප‍්‍රසූත නිවාඩු ඉල්ලූම් පත‍්‍රයක්, සී.සී. නෝනට කියලා සාමාන්‍ය එකක් පුරවාගෙන එනවා” කීවෙන් ඔහුට තරු පෙනිණ. ඔහු කාමරයෙන් පිට වූයේ ”අනේ සර්, මේක කාටවත් කියන්න එපා.” කියා ගෙනලූ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක ලිපිකාරිනිය කරපු වරදක් විදියටයි මමනම් දකින්නෙ. මොකද ඒ අයට නිවාඩු අයදුම්පත දීල තියෙන්නෙ ලිපිකරු. ඒ ම්නුස්සයත් ඒක පුරවල දෙන්න ඇති. (ස)
මෙය රසවත් සිදුවීමක් . කවුරුවත් වැරදි නෑ (ස)
ලොක්කන්ට වුණත් වැරදෙන වෙලාවල් තියෙනවා. (නි)
අසරණ මිනිස්සු. නිවාඩු නොදෙයි කියල විස්වාස නිසා වෙන්න ඇති (දී)
හරිම ලස්සනට රහස රැකගෙන තියෙනවා. (ස)
තමන්ගේ වැඩේ කරගන්න තියෙන අවශ්‍ය තාවය (දී)
පේනවා නේද අකුරටම රාජකාරිය කරලා තියෙන ලස්සන? (නි)
රහස පත්තරේටම දාලා තියෙන්නේ (ස)
ආයතනවල ඔය වගේ වැඩ වෙන එක සාමාන්‍ය දෙයක් (ස)
එයා සේවයට අලුත් නිසා වැරදීමක් සිද්ධ වෙන්න ඇති. (නි)
ඇයි මේ අහිංසකයින්ට හරි පෝරම් කෑල්ල නුදුන්නේ? චී චී... හරිම කැතයි. (නි)
අහිංසක කම්කරුවෙකුට සිදු වූ සුලු වරදකි. (නි)
සිරිදාස කොහොම උනත් දැන් මේක ප්‍රසිද්ධ රස රහසක්නේ (ස)
අකුරක්වත් කියවගන්න බැරි නම් කොහොමද ආයතනයක කම්කරු රස්සාවක්වත් කොරන්නේ??? මේ වැඩ නිසා.... රටටත් මහජනතාවටත් තමා බබා හම්බුවෙන්නේ..... (ස)
සෑම්, ඔබ කම්කරුවකුගෙ අධ්‍යාපන සුදුසුකම් ගැන කතාකරනවා. තමුන්ගේ මට්ටමින් අන් අයව මනින්න එපා සෑම්. (නි)
සී.සී. නෝනා නෙමෙයි චී... චී.නෝනා..!(නු)