IMG-LOGO

2025 ඔක්තෝබර් මස 21 වන අඟහරුවාදා


නිවාඩු අයැඳුම්පතට ප‍්‍රසූත අයැඳුම්පතක් දීලා

තමා උදවු කළ දේශපාලනඥයකු පසුපස රැකියාවක් සොයා ගිය ඔහුට පසුගියදා රාජ්‍ය නොවන සංවිධානයක කම්කරු තනතුරක් ලැබිණ.
ඉතා කැපවීමෙන් මාසයක් සේවය කළ ඔහුට නිවාඩුවක් අවශ්‍ය වූයේ ඥාති දුවකගේ මංගල්‍යයකට යාමටය. අයදුම්පතක් දුන් ලිපිකරු මහත්මිය ඒ සඳහා ලොක්කාගේ අනුමැතිය අවශ්‍ය බව කීවාය. ඔහු එය රැගෙන තරමක බියෙන් ගොස් අයදුම්පත ලොක්කා අත තැබීය.
අයදුම්පත බැලූ ලොක්කා උපැස් යුවළ යටින් ඔහු දෙස බලා ”නම සිරිදාසනෙ” කීවේ උපහාසයෙනි. ”ඔව් සර්” ඔහු කීය. ”එතකොට සිරිදාසට බබා ලැබෙන්නේ කවදාද?” ඇසූයෙන් ඔහු තුෂ්ණිම්භූත විය. ”අයිසෙ, මේක ප‍්‍රසූත නිවාඩු ඉල්ලූම් පත‍්‍රයක්, සී.සී. නෝනට කියලා සාමාන්‍ය එකක් පුරවාගෙන එනවා” කීවෙන් ඔහුට තරු පෙනිණ. ඔහු කාමරයෙන් පිට වූයේ ”අනේ සර්, මේක කාටවත් කියන්න එපා.” කියා ගෙනලූ.



අදහස් (0)

නිවාඩු අයැඳුම්පතට ප‍්‍රසූත අයැඳුම්පතක් දීලා

අසෝක Monday, 24 December 2012 04:09 PM

මේක ලිපිකාරිනිය කරපු වරදක් විදියටයි මමනම් දකින්නෙ. මොකද ඒ අයට නිවාඩු අයදුම්පත දීල තියෙන්නෙ ලිපිකරු. ඒ ම්නුස්සයත් ඒක පුරවල දෙන්න ඇති. (ස)

:       0       0

පද්මි Wednesday, 26 December 2012 02:35 PM

මෙය රසවත් සිදුවීමක් . කවුරුවත් වැරදි නෑ (ස)

:       0       0

දයා,සවුදි Monday, 24 December 2012 10:15 AM

ලොක්කන්ට වුණත් වැරදෙන වෙලාවල් තියෙනවා. (නි)

:       0       0

සරා Monday, 24 December 2012 10:44 AM

අසරණ මිනිස්සු. නිවාඩු නොදෙයි කියල විස්වාස නිසා වෙන්න ඇති (දී)

:       0       0

සංජීව Monday, 24 December 2012 10:46 AM

හරිම ලස්සනට රහස රැකගෙන තියෙනවා. (ස)

:       0       0

සිල්වා Monday, 24 December 2012 10:54 AM

තමන්ගේ වැඩේ කරගන්න තියෙන අවශ්‍ය තාවය (දී)

:       0       0

ෂෙරීෆ් Monday, 24 December 2012 11:08 AM

පේනවා නේද අකුරටම රාජකාරිය කරලා තියෙන ලස්සන? (නි)

:       0       0

සඳූ Monday, 24 December 2012 11:04 AM

රහස පත්තරේටම දාලා තියෙන්නේ (ස)

:       0       0

ප්‍රියලත් Monday, 24 December 2012 11:20 AM

ආයතනවල ඔය වගේ වැඩ වෙන එක සාමාන්‍ය දෙයක් (ස)

:       0       0

බමුණුසිංහ Monday, 24 December 2012 07:17 PM

එයා සේවයට අලුත් නිසා වැරදීමක් ‍සිද්ධ වෙන්න ඇති. (නි)

:       0       0

හේරත් Monday, 24 December 2012 07:55 PM

ඇයි මේ අහිංසකයින්ට හරි පෝරම් කෑල්ල නුදුන්නේ? චී චී... හරිම කැතයි. (නි)

:       0       0

රවි Wednesday, 26 December 2012 09:37 AM

අහිංසක කම්කරුවෙකුට සිදු වූ සුලු වරදකි. (නි)

:       0       0

මුතු Monday, 24 December 2012 02:20 PM

සිරිදාස කොහොම උනත් දැන් මේක ප්‍රසිද්ධ රස රහසක්නේ (ස)

:       0       0

සෑම් Monday, 24 December 2012 02:40 PM

අකුරක්වත් කියවගන්න බැරි නම් කොහොමද ආයතනයක කම්කරු රස්සාවක්වත් කොරන්නේ??? මේ වැඩ නිසා.... රටටත් මහජනතාවටත් තමා බබා හම්බුවෙන්නේ..... (ස)

:       0       0

ගමගේ Tuesday, 25 December 2012 07:13 PM

සෑම්, ඔබ කම්කරුවකුගෙ අධ්‍යාපන සුදුසුකම් ගැන කතාකරනවා. තමුන්ගේ මට්ටමින් අන් අයව මනින්න එපා සෑම්. (නි)

:       0       0

චන්ද්‍රා සිඩ්නි Tuesday, 25 December 2012 11:28 AM

සී.සී. නෝනා නෙමෙයි චී... චී.නෝනා..!(නු)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1107 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1130 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 424 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site