(තිහගොඩ උපසේන ලියනගම)
පොඩි දුවගේ ජංගම දුරකතනයට එවා තිබූ කෙටි අලූත් අවුරුදු සුබ පැතුම් පණිවුඩයක් මවගේ දුරකතනයට යාම නිසා සිදුවූ මහත් ආන්දෝලනයක් පසුගියදා අසන්නට ලැබුණේ දකුණු පළාතේ අගනුවරට ආසන්න ගම්මානයකිනි.
පොඩි දුවගේ සේවා ආයතනයේ සිටි ඇය කෙරේ බැලූම් හෙලූ තරුණ නිලධාරියකු සිය කාර්යාලයේ නිලධාරීන්ට සුබ අලූත් අවුරුදු කෙටි පණිවුඩ යවන අතරේ ඇයටද ආදරබර පණිවුඩයක් සහිතව මෙම ඇමතුම කළේ තරමක තැති ගැනීමකිනි.
එම පණිවුඩය නිසා මහත් තැති ගැන්මකට පත් මව ගෙදර අය සමඟ කීවේ තමාට අමුතු කෙටි දුරකතන පණිවුඩයක් ලැබී ඇති බවකි. මෙයින් කුතුහලයටපත් පොඩි දුව හදිසි යමක් දැන්වීමට කාර්යාලයේ යහළුවන්ට තම මවගේ ජංගම දුරකතන අංකය දුන් බව සිහිවී එම පණිවුඩය වහාම කියවා බැලූ විට එය එවූ පුද්ගලයාද හඳුනාගත්තත් ඒ බව කිසිවකුට කිව්වේ නැතිලූ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතින් හරි වැඩේනේ!! කිරි අප්පට බල්ලෝ පැනපි!! (බ)
පනින්න පෙර සිතාබැලීම හරි වටිනවා (නි)
දුවට සුබ පෙර නිමිත්තක්. (නි)
කාටවත් කිව්වේ නෑත්නම් ඔයා කොහොමද දෑන ගත්තෙ? (ර)
අම්මටත් අතීතය මතක් වී සතුටක් දැනෙන්න ඇති මගේ හිතේ.(හේ)
හොඳාකාරවම හිතලා මතලා කළ දෙයක් වෙන්න පුලුවන් (නි)