පසුගිය දෙසැම්බර් 31දා නේවාසිකාගාරයක සිටිනා මිතුරන් දෙදෙනක් සාදයකට සහභාගි වී කල්තියා නේවාසිකාගාරයට පැමිණියහ.
පසු දින ජනවාරි පළමු වැනිදා බැවින් නියමිත වේලාවට සේවා ස්ථානයට යෑම ඔවුන්ගේ අභිමතය විය. රාත‍්‍රි දොළහට නව වසර උදාවීමත් සමගම සතර අතින් රතිඤ්ඤා හඬ ඇසෙන්නට වූ අතර, එක් මිතුරෙක් අවදි වී වේලාව බැලූ විට ජනවාරි 1දා උදාවී ඇති බව දැක ගන්නට ලැබිණි. වහා තම මිතුරාට සුබ පැතීම සඳහා ඔහු අවදි කරමින්, ”මචං නැගිටපන් නැගිටපන්” යැයි ශබ්ද නගමින් ඇෙඟන් අල්ලා සෙලවීය. බිය වී කෑ ගසාගෙන අවදි වූ මිතුරා මේසය මත තිබූ වතුර බෝතලෙන් අනෙක් මිතුරාට දමා ගැසීය. වතුර බෝතලය මුහුණට වැදී සුබ පැතීමට පැමිණි මිතුරා එතනින් ඉවතට පැන්නේය. වහා පියවි සිහිය ලැබූ මිතුරා පැවසුවේ ”අනේ වෙරි සොරි මචන්. මට කට්ටියක් වට කරලා ගහනවා හීනෙන් දැක්කා. උඹ මා ඇහැරවද්දී හිතුවේ මට ගහපු කෙනෙක් කියලා” කනගාටුවෙන් කීය. එවිට පහර කෑ මිතුරා, බෝතල් පාරට ”මූණ ගෙඩි ගැහිලා. හා හා කමක් නැහැ උඹට සුබ අලූත් අවුරුද්දක් වේවා” යැයි ප‍්‍රාර්ථනා කළේය.
2025 දෙසැම්බර් මස 16
10
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
810
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
593
1
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්‍රී ලංක
නව වසරට සුබ පතද්දී බෝතලෙන් පහරදීලා
දිමුතු Tuesday, 08 January 2013 05:14 PM
නියම කොල්ලෙක්. (නි)
රොෂාන් Tuesday, 08 January 2013 05:25 PM
මදැයි ඔයින් ගියා අතක් පයක් කඩාගන්නෙ නැතිව..!(නු)
නිත්‍යා Wednesday, 09 January 2013 01:50 PM
ලැබූ නව වසර සුබදායක නව වසරක් වේවි ඔබට (ස)
ලලිත් Tuesday, 08 January 2013 02:15 PM
හරි හරි අලුත් අවුරුද්දේ වස් දොස් යන්නත් එක්ක කියලා හිතා ගන්න (ස)
ජයරත්න Thursday, 10 January 2013 04:50 PM
අන්න දෙයියෝ සාක්කි, නියම කතාව, (දී)
හේරත් Tuesday, 08 January 2013 10:36 AM
නියමයි කොල්ලෝ (ස)
සුදේශ් Tuesday, 08 January 2013 10:35 AM
අයියෝ බෝතලේ (ස)
දම්ම Tuesday, 08 January 2013 02:28 PM
බෝතලේ පලාස්ටික් ද? (ස)
වරුණ Tuesday, 08 January 2013 10:52 AM
පිස්සු නැත්නම් ෂොක් අනේ (ස)
හිල්මි Wednesday, 09 January 2013 12:28 AM
නැහැ නැහැ. බෝතලේ ප්ලාස්ටික් නෙමෙයි වීදුරු. (නි)
සිල්වා Tuesday, 08 January 2013 12:48 PM
අඹ යාලුවෝ අපි දෙන්නා (ස)