දකුණු පළාතේ උප නගරයක් ආසන්න කඩ මණ්ඩියක් අසල සිටි වඳුරෙකි. මේ වඳුරා දිගු කලක් කඩවලින් ලද විවිධ ආහාර මත පෝෂණය වූ හීලෑ එකෙකි. ඊයේ (31) කඩය අසල සිටින වඳුරා දුටු කඩහිමියකු ඌට රටකජු අහුරක් දීමට ගියේ එය දැමීමට කඩදාසියක්ද රැගෙනය.
එදිනම උදේ ඔහුට ලැබුණු අලූත් කැලැන්ඩරයක ආවරණ පිටුව ඉරාගෙන මේ ආකාරයට ගිය ඔහු එන් ගොටුවක් ගසා රටකජු ඒ තුළ දමා ඉදිරිපස බංකුව මත තැබීය.
ඌ එතැනට එත්ම බල්ලකු බුරාගෙන ආවෙන් ඌ අතට අසුවූ රටකජු ගොට්ට රැුගෙන ගසකට නැග්ගත් රට කජු බිම වැටී කඩදාසිය පමණක් අතෙහි ඉතිරි විය. වඳුරා කඩදාසිය දිග හැර ගත් විට එහි වූ ”සුබ නව වසරක් වේවා - 2016” යන්න එහි මනාව ප‍්‍රදර්ශනය වූයෙන් කඩ හිමියාට මහත් සතුටක් දැනිණ.
වඳුරාගේ අවුරුදු සුබ පැතුම බැලීමට ඔහු වට පිටාවේ සිටි අයට ආරාධනා කළෙන් විශාල පිරිසක් එක්වූවත් ගසින් ගසට පැන එය ප‍්‍රදර්ශනය කළ වඳුරා සවස් වනතුරුම එය අතඇරයේ නම් නැතිලූ.
2025 දෙසැම්බර් මස 16
64
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
859
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
614
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
නව වසරට සුබ පැතූ කැලැන්ඩරයක් පෙන්වමින් වඳුරෙක් ගහ උඩ ඉඳලා
නිල්මිණි Friday, 01 January 2016 02:01 PM
මෙහි සැගවුන ලොකු යටි අරුතක් නම් කියවෙනවා. අබය ඒ ගැන කියා ඇති පාටයි. (ර)
සෑම් Friday, 01 January 2016 05:53 AM
තිරිසන් සතෙකුට ආහාරයක් දී එයින් සතුටක් ලබන මනුෂ්‍යයෙකුට නව වසර පමණක් නොවෙයි, සෑම දිනක්ම සුබ වෙනවා (නි)
චන්දි Friday, 01 January 2016 02:58 PM
2016 ලැබූ නව වසර ලංකාදීප කතෘතුමා ඇතුළු සියලුම කාර්ය මණ්ඩලයටත්., එසැන දුටු නුදුටු සියලුම සොයුරු සොයුරියන්ටත්., ලංකාවාසී සැමටත් සිතට සතුට ගතට සුවය ගෙන දෙන ඉතාමත් පිරිපුන් වසරක් වේවා කියා හද පත්ලෙන් ප්‍රාර්ථනා කරමින් සෑම් සොයුරාගේ අදහසට එකග වෙමි. (ර)
සම්පත් Friday, 01 January 2016 03:06 PM
හරි බුද්ධිමත් වදුරෙක්. (ර)
අබය Friday, 01 January 2016 08:16 AM
වඳුරා වුණත් ඌ දකුණේ පොරක්!! (නි)
ජගත් Saturday, 02 January 2016 05:20 PM
හොද වෙලාවට කැලැන්ඩර කොලයක දුන්නේ. තොප්පියක දාලා දුන්නා නම් තමයි වැඩේ (නි)
හේවා Friday, 01 January 2016 08:22 PM
අබය මහතාණෙනි, වඳුරෝ අතරෙත් බෙදීම් ඇතිකරන්න එපා
පිටබැද්දර ජයා Sunday, 03 January 2016 03:32 PM
සතා උනත් පිරිමි නැද්ද හා ? පිරිමිනම් ඉතින් මොලේ තමයි ! (බ)
මහින්ද Friday, 01 January 2016 10:55 AM
අධ්‍යාපනය ලබපු වඳුරෙක්.(හේ)
මලික් Tuesday, 05 January 2016 08:01 AM
හරි බුද්ධිමත් වදුරෙක් (ම)