IMG-LOGO

2025 දෙසැම්බර් මස 13 වන සෙනසුරාදා


නව වසරට ගෙනා කැවිලි පාර්සලයේ පිරිමි යට ඇඳුමක්

නව වසර වෙනුවෙන් තමා සේවය කරන ආයතනයේ පැවැත්වෙන ප‍්‍රිය සාදයට කැවුම් කිරිබත් සමග තම යට ඇඳුමද රැුගෙන ගිය තරුණ නිලධාරියකු පිළිබඳ පුවතක් වියලූවේ ආයතනයකින් වාර්තාවේ.

සිද්ධිය මෙසේය.
ඔහු ප‍්‍රදේශයේ එක්තරා ආයතනයක නිලධාරියෙකි. එදින ජනවාරි පළමු වැනිදා බැවින් ඔහු ආයතනයේ පැවැත්වෙන ප‍්‍රිය සාදයට ගෙදරින් දුන් කැවුම් කිරිබත් ටිකක්ද මල්ලක දමාගෙන සේවයට ගියේ එය තම යුතුකමක් කොට සලකමිනි.

කඩදාසි බෑගයක බහා තවත් බෑගයක දමා රැගෙන ගිය කැවිලි පාර්සලය ආයතනයේ හිතවත් සේවිකාවක් අතට දුන් ඔහු ‘‘මේකත් තේ මේසෙට ගන්න” යැයි පවසා සුපුරුදු රාජකාරියේ නිරත වූයේ සැමට සුබ නව වසරක් ද ප‍්‍රාර්ථනා කරමිනි.

කෙසේ වෙතත් ආයතනයේ සේවක පිිරිස් වෙන්වෙන්ව රැගෙන ආ කැවිලි පාර්සල් විවෘත කරමින් තේ මේසය පිළියෙල කළ ඔහුගේම හිතවත් සේවිකාවකට දැන ගන්නට ලැබී ඇත්තේ ඒ තුළ තිබූ කැවිලිවලට අමතරව ෂොපින් බෑගයක ඔතා තිබූ තෙත පිරිමි යට ඇඳුමකි.

මොහොතක් ගත වෙද්දී යට ඇඳුම තිබූ බෑගයද රැගෙන ඔහු සොයා ගිය අදාළ සේවිකාව පවසා ඇත්තේ ‘‘මහත්තය කැවිලි ටික නම් මේසයට තිබ්බා හැබැයි මේකනම් තියන්න බැහැ’’ යනුවෙනි.

තමා කැවිලි පාර්සලය දමාගෙන පැමිණ ඇත්තේ කලින් දින දිය නා ආපසු ගෙදර යද්දී තමා තෙත රෙදි දමාගෙන ගිය බෑගයට බව ඔහුට සිහි වන විට විය යුතු සියල්ල අවසන් වී තිබිණි. හිසේ අත ගසා ගන්නවා හැර ඔහුට කරන්නට අන්යමක්ද නොවිණි.
 



අදහස් (0)

නව වසරට ගෙනා කැවිලි පාර්සලයේ පිරිමි යට ඇඳුමක්

නිලූ විදානගේ සෞදි අරාබිය Sunday, 05 January 2014 05:29 PM

සැලකිලිමත් වීම හැමදේටම ඉතා අවශ්‍යයි. (ත)

:       0       0

නිලූ විදානගේ සෞදි අරාබිය Sunday, 05 January 2014 05:29 PM

මනුස්සයන්ට අමතක වෙනවා තමා.එත් යමක් ගෙදරින් පිටට ගෙන යද්දී මිට වඩා සැලකිලිමත් වෙන්න ඕනේ. (ත)

:       0       0

මහානාම Tuesday, 07 January 2014 05:21 AM

එකට කියන්නේ ජොකැවුම් කියලා.(නදී)

:       0       0

කුමාරි Friday, 03 January 2014 10:13 AM

පවු අහිංසකයා. තමන් යමක් කරද්දී ඒ ගැන පමණක් අවදානයෙන් ඉන්න ඕනා. එතකොට ඔහොම වෙන්නේ නැහැ. බෑග් එක ඇතුලේ සතෙක් සර්පයෙක් හිටියා නම් කාට කියන්නද? (නදී)

:       0       0

අමල් Wednesday, 08 January 2014 08:16 AM

ඔතන උනේ වෙන දෙයක්. මිනිහ ටිකක් අසහන කාරයා. ඔය කියන සේවිකාව දැපනේ දාගන්න සහ ඔය සේවිකාව අපහසුතාවයට පත් කරන්න කරපු වැඩක්. මිනිහ නිතරම ඔය වගේ වැඩ කරලා පොඩි මානසික තෘප්තියක් ලබනවා.(නදී)

:       0       0

සුමංගල-ඇල්පිටිය Friday, 03 January 2014 12:10 PM

සැරසිල්ලක් හදලා කෑම මේසෙන් තියන්න තිබුනේ.(නදී)

:       0       0

ලංකා Friday, 03 January 2014 11:00 PM

විලි ලැජ්ජාවේ බැරුව ඇති නේද. ප්‍රසිද්ධ කරපු එක නම් හොද වැඩක් නෙවෙයි.(නදී)

:       0       0

ශ්‍යාමා Wednesday, 08 January 2014 05:56 PM

ඕක අත් වැරැද්දක්නේ.(නදී)

:       0       0

ශාන්ති Saturday, 04 January 2014 01:40 AM

කලබලේට ඔහොම දේවල් වෙනවා. පව් අසරණයා.(නදී)

:       0       0

රංදුනු Friday, 03 January 2014 02:15 PM

අපරාදේ සේවිකාවට තිබුනේ ඒකත් දිගෑරල මේසෙන් තියල තියන්න. නිලදාරිය සුවර් එකටම එයාගේ නෙවෙයි වගේ ඉදියි.(නදී)

:       0       0

රම්සි Monday, 06 January 2014 11:20 AM

මම නම් හිතන්නේ පෙගිච්ච ආස්මි එකකට රැවටිලද කොහෙද? (නදී)

:       0       0

නැනි Tuesday, 07 January 2014 09:59 AM

තමා අත්සන් කලේ කුඩු කන්ටේනරයක් බේරා ගන්න කියලවත් දන්නේ නැති නිලධාරීන් ඉන්න කාලේ ඕක මොකක්ද ?(නදී)

:       0       0

කසුන් කෞශල්‍ය Friday, 03 January 2014 02:54 PM

ආස්මියක් වගේ හන්දා කළුවරේම ඒකත් මල්ලට දාන්ඩ ඇති..(දී)

:       0       0

එක්ස් Sunday, 05 January 2014 10:40 PM

ඕක මොකද්ද ලෝකෙට පෙන්න සනිලියොන් නිරුවතින් ඉන්නේ (දී)

:       0       0

සවිරූ Friday, 03 January 2014 03:56 PM

කැවිලි ටික හරි රසට තියන්න ඇති නේද? (නදී)

:       0       0

රංජිත් Friday, 03 January 2014 04:06 PM

ඕක ඒ මනුස්සයට වෙච්ච අත් වැරද්දක් මේ තරම් ප්‍රසිද්දියට පත් කරන්න දෙයක් නෙමෙයි.(නදී)

:       0       0

අනු Friday, 03 January 2014 04:33 PM

නියම තමා (දී)

:       0       0

ආසිරි Saturday, 04 January 2014 10:17 AM

ෂා.. නියමයි (අ)

:       0       0

නිරෑපා Saturday, 04 January 2014 11:14 AM

පරණ යට ඇදුම් කුස්සියේ වලන් අල්ලන්න ගන්නවා නේද?? ඕක ගණන් ගන්න එපා (අ)

:       0       0

නිහාල් Friday, 03 January 2014 05:31 PM

ඒ කැවිලි ටික කෑවද දන්නේ නැහැ? (දී)

:       0       0

නුගේගොඩ Sunday, 05 January 2014 11:14 AM

ඕක මොකක්ද? (නදී)

:       0       0

කාලිංග Friday, 10 January 2014 06:17 AM

කෑම කන්නත් අප්පිරියා වෙනවා (දී)

:       0       0

කුමාර Monday, 06 January 2014 10:11 PM

කොහෙන් හරි නාගෙන ආවද දන්නේ නෑ (දී)

:       0       0

නුවන් Saturday, 04 January 2014 01:34 PM

මේක පුංචි දෙයක්නේ.(නදී)

:       0       0

සෙනරත් Sunday, 05 January 2014 12:44 PM

අපි කොයි වෙලෙත් හිතන්නේ අපිට පෙනෙන ටික විතරයි යතාර්ථය මිට වඩා ගොඩාක් වෙනස් (දී)

:       0       0

අමරිසිංහ ආරච්චිලගේ ගුණසිංහ Saturday, 04 January 2014 03:10 PM

එහෙනම් කැම ටික රසට තියෙන්න ඇති නේද? (නදී)

:       0       0

එරා Friday, 03 January 2014 07:44 PM

කිසිම සිහියක් නැහැ වගේ (දී)

:       0       0

දිනේෂ් Friday, 03 January 2014 07:45 PM

හැම දෙයක්ම වෙන්නේ මිනිස්සුන්ටනේ. හෙට ඔබටත් සිදුවෙන්න පුළුවන්. (නදී)

:       0       0

කුමාරිහාමි Wednesday, 08 January 2014 04:16 PM

උඩ ඇඳුමක් වුනානම් ආපහු නොලැබෙන්නත් තිබුනා. යට ඇඳුමක් නිසා ආපහු ලැබුණා. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 626 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 527 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 431 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site