නව වසර වෙනුවෙන් තමා සේවය කරන ආයතනයේ පැවැත්වෙන ප‍්‍රිය සාදයට කැවුම් කිරිබත් සමග තම යට ඇඳුමද රැුගෙන ගිය තරුණ නිලධාරියකු පිළිබඳ පුවතක් වියලූවේ ආයතනයකින් වාර්තාවේ.
සිද්ධිය මෙසේය.
ඔහු ප‍්‍රදේශයේ එක්තරා ආයතනයක නිලධාරියෙකි. එදින ජනවාරි පළමු වැනිදා බැවින් ඔහු ආයතනයේ පැවැත්වෙන ප‍්‍රිය සාදයට ගෙදරින් දුන් කැවුම් කිරිබත් ටිකක්ද මල්ලක දමාගෙන සේවයට ගියේ එය තම යුතුකමක් කොට සලකමිනි.
කඩදාසි බෑගයක බහා තවත් බෑගයක දමා රැගෙන ගිය කැවිලි පාර්සලය ආයතනයේ හිතවත් සේවිකාවක් අතට දුන් ඔහු ‘‘මේකත් තේ මේසෙට ගන්න” යැයි පවසා සුපුරුදු රාජකාරියේ නිරත වූයේ සැමට සුබ නව වසරක් ද ප‍්‍රාර්ථනා කරමිනි.
කෙසේ වෙතත් ආයතනයේ සේවක පිිරිස් වෙන්වෙන්ව රැගෙන ආ කැවිලි පාර්සල් විවෘත කරමින් තේ මේසය පිළියෙල කළ ඔහුගේම හිතවත් සේවිකාවකට දැන ගන්නට ලැබී ඇත්තේ ඒ තුළ තිබූ කැවිලිවලට අමතරව ෂොපින් බෑගයක ඔතා තිබූ තෙත පිරිමි යට ඇඳුමකි.
මොහොතක් ගත වෙද්දී යට ඇඳුම තිබූ බෑගයද රැගෙන ඔහු සොයා ගිය අදාළ සේවිකාව පවසා ඇත්තේ ‘‘මහත්තය කැවිලි ටික නම් මේසයට තිබ්බා හැබැයි මේකනම් තියන්න බැහැ’’ යනුවෙනි.
තමා කැවිලි පාර්සලය දමාගෙන පැමිණ ඇත්තේ කලින් දින දිය නා ආපසු ගෙදර යද්දී තමා තෙත රෙදි දමාගෙන ගිය බෑගයට බව ඔහුට සිහි වන විට විය යුතු සියල්ල අවසන් වී තිබිණි. හිසේ අත ගසා ගන්නවා හැර ඔහුට කරන්නට අන්යමක්ද නොවිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සැලකිලිමත් වීම හැමදේටම ඉතා අවශ්‍යයි. (ත)
මනුස්සයන්ට අමතක වෙනවා තමා.එත් යමක් ගෙදරින් පිටට ගෙන යද්දී මිට වඩා සැලකිලිමත් වෙන්න ඕනේ. (ත)
එකට කියන්නේ ජොකැවුම් කියලා.(නදී)
පවු අහිංසකයා. තමන් යමක් කරද්දී ඒ ගැන පමණක් අවදානයෙන් ඉන්න ඕනා. එතකොට ඔහොම වෙන්නේ නැහැ. බෑග් එක ඇතුලේ සතෙක් සර්පයෙක් හිටියා නම් කාට කියන්නද? (නදී)
ඔතන උනේ වෙන දෙයක්. මිනිහ ටිකක් අසහන කාරයා. ඔය කියන සේවිකාව දැපනේ දාගන්න සහ ඔය සේවිකාව අපහසුතාවයට පත් කරන්න කරපු වැඩක්. මිනිහ නිතරම ඔය වගේ වැඩ කරලා පොඩි මානසික තෘප්තියක් ලබනවා.(නදී)
සැරසිල්ලක් හදලා කෑම මේසෙන් තියන්න තිබුනේ.(නදී)
විලි ලැජ්ජාවේ බැරුව ඇති නේද. ප්‍රසිද්ධ කරපු එක නම් හොද වැඩක් නෙවෙයි.(නදී)
ඕක අත් වැරැද්දක්නේ.(නදී)
කලබලේට ඔහොම දේවල් වෙනවා. පව් අසරණයා.(නදී)
අපරාදේ සේවිකාවට තිබුනේ ඒකත් දිගෑරල මේසෙන් තියල තියන්න. නිලදාරිය සුවර් එකටම එයාගේ නෙවෙයි වගේ ඉදියි.(නදී)
මම නම් හිතන්නේ පෙගිච්ච ආස්මි එකකට රැවටිලද කොහෙද? (නදී)
තමා අත්සන් කලේ කුඩු කන්ටේනරයක් බේරා ගන්න කියලවත් දන්නේ නැති නිලධාරීන් ඉන්න කාලේ ඕක මොකක්ද ?(නදී)
ආස්මියක් වගේ හන්දා කළුවරේම ඒකත් මල්ලට දාන්ඩ ඇති..(දී)
ඕක මොකද්ද ලෝකෙට පෙන්න සනිලියොන් නිරුවතින් ඉන්නේ (දී)
කැවිලි ටික හරි රසට තියන්න ඇති නේද? (නදී)
ඕක ඒ මනුස්සයට වෙච්ච අත් වැරද්දක් මේ තරම් ප්‍රසිද්දියට පත් කරන්න දෙයක් නෙමෙයි.(නදී)
නියම තමා (දී)
ෂා.. නියමයි (අ)
පරණ යට ඇදුම් කුස්සියේ වලන් අල්ලන්න ගන්නවා නේද?? ඕක ගණන් ගන්න එපා (අ)
ඒ කැවිලි ටික කෑවද දන්නේ නැහැ? (දී)
ඕක මොකක්ද? (නදී)
කෑම කන්නත් අප්පිරියා වෙනවා (දී)
කොහෙන් හරි නාගෙන ආවද දන්නේ නෑ (දී)
මේක පුංචි දෙයක්නේ.(නදී)
අපි කොයි වෙලෙත් හිතන්නේ අපිට පෙනෙන ටික විතරයි යතාර්ථය මිට වඩා ගොඩාක් වෙනස් (දී)
එහෙනම් කැම ටික රසට තියෙන්න ඇති නේද? (නදී)
කිසිම සිහියක් නැහැ වගේ (දී)
හැම දෙයක්ම වෙන්නේ මිනිස්සුන්ටනේ. හෙට ඔබටත් සිදුවෙන්න පුළුවන්. (නදී)
උඩ ඇඳුමක් වුනානම් ආපහු නොලැබෙන්නත් තිබුනා. යට ඇඳුමක් නිසා ආපහු ලැබුණා. (නදී)