ඔහු දෙනියාය ප‍්‍රදේශයේ මැදිවියේ පුද්ගලයෙකි. අසල්වැසි නිවසේ සිටින ඔහුගේම ඥාතියෝ පිරිසක් සිටිති. ඔවුන් නිතර අඬදබර කර ගත්හ. කාලයත් සමඟ ඔවුහු වෛරක්කරුවන් බවට පත් වූහ. රණ්ඩු කරගත් මොහොතක උඹලට හොඳ වැඩක් කරන්නම් යයි සිතා ගත්තේය.
ඊට පසු දිනම ඔහු පිටත්ව ගියේ හොඳ කට්ටඬියකු මුණ ගැසීමටය. ”කීයක් ගියත් කමක් නෑ මට මේ වැඬේ කෙරෙන්න ඕනෑ” යයි පැවසීය. කට්ටඬියාද වැඬේ බාරගත්තේය. කතා කරගත් පරිදි ”මේ වැඬේ හරියටම හරි, මම කියන විදියට කරන්න” යැයි පැවසූ කට්ටඬියා කුඩා බෝතලයක් ඔහුට දුන්නේය.
කාටත් නොපෙනෙන ලෙස එය තබාගන්නා ලෙසද පැවසුවේය.
උපදෙස් පරිදි නිවෙසට ගිය ඔහු බෝතලය දැමීමට යමක් සෙවීය. අසූවූයේ ලියුම් කවරයකි. බෝතලය එයට දැමීය. එය සඟවා තබාගත්තේය. එම කවරය ඔහුගේ නමට ලිපියක් ඇවිත් තිබූ ලියුම් කවරයක් බවට වැටහීමක් තිබුණේ නැත. රාත‍්‍රිය එළැඹුණි. කාටත් හොර රහසේ බෝතලය බහාලූ කවරය අසල්වැසි වෛරක්කරුගේ ඉඩමේ වළක් හාරා වළ දැමීය.
ටික දිනක් ගතවීය. අසල්වැසියන් නිවසේ අපවිත‍්‍ර ජලය බැසයාමට කාණුවක් කපන්නට විය. කාණුව ටික දුරක් කපන විට ඔවුන්ට ලියුම් කවරයක බහාලූ බෝතලය හමුවිය. සිදුවූ දෙය තේරුම් ගැනීමට ඔවුන්ට වැඩිවෙලා ගියේ නැත. නම ලිපිනය ලියූ ලියුම් කවරය තිබූ නිසා කොඩිවිනය කළ කෙනාද සොයාගැනීමට අපහසු නොවීය. සියලූදෙනා එක්ව බෝතලයත් ලියුම් කවරයත් රැගෙන ඔහු හමුවීමට පැමිණෙනු දුටු ඔහුට දෙවියන් සිහිවිය.
2025 දෙසැම්බර් මස 04
615
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
519
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
431
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
නෑයට කැපූ කොඩිවිනය තමන්ට්ටම හෙණගෙඩියක් වෙලා
ඇන්ටන් Friday, 01 August 2014 12:44 PM
දෙනියායේ මිනිස්සු එතරම්ම මෝඩද ? (නදී)
දනංජය Monday, 04 August 2014 04:04 PM
අන වින කොඩිවින කියන්නේ කිසිම වැඩකට නැති දෙයක් (නදී)
දැමිණි - සිරි Thursday, 31 July 2014 06:55 AM
ඇතුවත් බැරි ... නැතුවත් බැරි... නෑදෑයෝ ! (දිල්)
කිත්සිරි Friday, 01 August 2014 02:15 AM
කොඩිවිනයක් කපනවා කියන්නේ ඉවත් කිරීම. මෙතන නෑයාට කොඩිවිනයක් කරලා තියෙන්නේ, කපලා නෙමෙයි.(අ)
කමල් Wednesday, 30 July 2014 10:22 PM
නෑයෝ කියන්නේ වේයෝ සහ මීයෝ බව දැනගෙන ආශ්‍රය කළ යුතුයි. (නි)
ධම්ම Thursday, 31 July 2014 11:10 AM
මොරවක්කෝරලේ කට්ටියනේ. (අ)