IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


නෑයාගේ කතාවෙන් මනාලියගේ පවුලට තරු පෙනිලා

(කරන්දෙණිය - 
එම්. සුසිල් ප්‍රියන්ත)
මැස්සෙක්වත් වසා නැතැයි කී මඟුල් කතාවකින් මඟුලක් අවමඟුලක්වීමට ගිය අපූරු පුවතක් දකුණේ ගමකින් වාර්තා වේ.


නගරයට ඉතාමත් දුරින් පිහිටි ගමකි. මේ ගමේ එක් තරුණියකට මනාලයෙක් හම්බවුණේ ද සැතපුම් සිය ගණනක් දුරින් තවත් දුෂ්කර ගමකින්ය. ළඟපාතකින් ඇයට මනාලයකු හොයා ගැනීමට දුෂ්කරවූයේ ඇයගේ යහපත් කල්ක්‍රියාවට පින් සිදුවෙන්නටය. ඒ ඇය කොල්ලෙක් පෙන්නන්න බැරි තරමටම සංවර වූ නිසාය.


ඇයගේ මවුපියන් ඇතුළු ඥාතීන් වඩාත් දුරින් ඇයට සහකරුවකු සෙව්වේ ඒ නිසාය. ඇයගේ විවාහ මංගල උත්සවය ජයටම ගත්තේය. අවසානයේදී පැමිණියේ මංගල කතාවය. ඒ ඇය මනාලයා කැන්දන් යාමට පෙර හෝරාවකට දෙකකට කලින්ය.


මනාලියගේ මාමා කෙනකු ඇයගේ පාර්ශ්වය වෙනුවෙන් කතාවක් කරමින් සිටියේය. තමන්ගේ ලේලිය ඉතා චරිතවත් කෙනෙකු බව මනාලයාගේ පාර්ශ්වයේ අයට ඒත්තු ගැන්වීමට ඔහු සිය ලේලියගේ ඇගේ මැස්සෙක්වත් වසා නැති බව කීවේය. ඒ සමඟම මනාලිය ගැන හොඳින්දත් ඇයගේ පාර්ශ්වයේ තවත් වැඩිහිටි ඥාතියකුට මෙය ඇසුණේය. ඔහු වෙරිමරගාතේ ඉතා උස්හඬින් හැමෝටම ඇසෙන සේ ඔව් ඔව් මේ කෙල්ලගේ ඇගේ මැස්සෝ නම් වැහුවේ නැහැ. හැබැයි කොල්ලෝ නම් වැහුවායැයි කීවේය. මේ සමඟම මනාලියගේ නෑදෑයන්ට දවල් තරු පෙනුණේය. ඇයගේ පියා සහෝදරයින් මේ කතාව කියූ තැනැත්තාට පහර දෙන්නට පැන්නේ මුළු මඟුලම එකම ගාලගෝට්ටියක් බවට පත්කරවමිනි.



අදහස් (0)

නෑයාගේ කතාවෙන් මනාලියගේ පවුලට තරු පෙනිලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 803 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 589 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 466 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site