පෝද්දල සරත් ආනන්ද ගමගේ
නිෙවසකට පැමිණි නාගයෙකු ඉවත්කර දිය හැකිදැයි විමසමින් ප්‍රදේශයක නමක්ද සඳහන් කර මුහුණු පොතට එක්කර තිබුණු පෝස්ටුවකට ප්‍රතිචාර දක්වමින් නයා අල්ලන්නට ගිය තරුණයෙකු, නයා දුටු සැනින්ම බියට පත්වී පැනගිය පුවතක් ගැන දකුණු පළාතේ ගිංගඟ අසබඩ ගම්මානයකින් වාර්තා වෙයි.
පසුගිය දිනෙක පෙරවරුවේ, තරුණියක විසින් මුහුණු පොතේ තම ගිණුම හරහා පෝස්ටුවක් පළකරමින්, ප්‍රදේශයේ නමද සඳහන් කර එම ප්‍රදේශයේ ‘‘නයෙක් අල්ලන්න පුළුවන් කවුද ඉන්නේ” යැයි විමසා ඇත. එයට එම ප්‍රදේශයේම තරුණයෙකු ‘‘මට පුළුවන්” කියා ප්‍රතිචාර දක්වා ඇත. එසේ මුහුණු පොතේ කොමෙන්ටු හරහා ඇතිවූ සම්බන්ධය දුරකතනය දක්වා මාරුවී ‘‘අනේ අයියේ ඉක්මනින් එන්නකෝ ” කියා ඇගේ නිෙවස ඇති ස්ථානයද සඳහන් කරමින් පැමිණෙන ලෙස ආයාචනය කළාය.
පොඩි පොඩි සර්ප පැටවුන් අල්ලා ඇතත් කිසිදාක නයෙකු අල්ලා නැති මෙම තරුණයාට දැන් මේ තරුණියගේ ඉල්ලීම කිසිසේත්ම මගහැරිය නොහැකි බැවින් ඔහු මිතුරෙකුත් සමග ඔහුගේ යතුරුපැදියෙන් ඇගේ නිවස කරා ගියේය.
නිෙවසේ සිටියේ මවක හා දියණියන් දෙදෙනෙකි. ඔවුහු එම නිවසට ගිය සැනින් මහත් ආදරෙන් හා ගෞරවයෙන් පිළිගෙන නයා සිටින ස්ථානය පෙන්වීමට රැගෙන ගියහ. විශාල කණ්ඩියක් කපා සාදා තිබෙන නිවස පිටුපස ගොඩගසා තිබෙන පොල් ගොඩක් පෙන්වමින් සර්පයා ඉන්නේ එම පොල් ගොඩේ යැයි කියා සිටියාය.
මීට පෙර අන්තර්ජාලය හරහා සර්පයින් අල්ලන අයුරු දැක තිබූ පුරුද්දට අනුව පෝර බෑගයක් හා ලොකු පීවීසී බටකෑල්ලක්ද සොයාගෙන බටකෑල්ල බෑගයේ කටට තියා ලණුවකින් බැඳ උගුලක්ද සාදාගත් තරණයෝ දෙදෙනා එය කණ්ඩිය පැත්තෙන් තැබූහ. අඩි කීපයක් දිග කෝටුවක් ගෙන පොල් ගෙඩි කීපයක් එහා මෙහා කරනවිට ඔවුන්ට සර්පයා නිරීක්ෂණය විය. ඌ පොල් ගොඩෙන් මෑත්කර කණ්ඩිය පැත්තට යවා බෑගයට යොමු කිරීමේ අරමුණින් තරුණයා පොල්ගෙඩි ඈත්මෑත් කළද සර්පයා පොල් ගොඩ අස්සේම සැඟවීමට මාන බැලීය.
තරුණයා බලාපොරොත්තු වූ පරිදි කටයුතු නොවන බැවින් පොල්ගෙඩි අයින් කිරීම යෝග්‍ය බව සිතා ඒවා අදිනවිටම බියට පත්ව සිටි නාගයා මහත් හඬින් ‘‘පූෂ්” ගා පෙනය පිප්පීය. විශාල නාගයෙකු වූ උගේ හඬින් මහත්සේ බියටපත් තරුණයා ‘‘බුදු අම්මෝ”යි කියමින් තම සගයාද ඇදගෙන දුවගොස් යතුරුපැදියේ නැගී එම නිවසින් පලා ගියෝය. බියට පත් නාගයාද පොල් ගොඩින් මෑත්වී තාප්පය අයින දිගේ බඩගා නිවස ඉදිරි පසින් පාර දෙසට පිවිස පාර අයිනේ ළඳු කැලෑවෙන් අතුරු දහන්වනු
නිෙවසේ අයට දැකගත හැකිවිය.
සිද්ධිය එසේ අවසන් වුවත් අර තරුණිය විසින් සම්පූර්ණ කතාව මුහුණු පොතට එක්කිරීම නිසා සිද්ධියට සම්බන්ධ තරුණයා මේ වනවිට ප්‍රදේශයෙන් පිටව ගොස් ඇතැයිද වාර්තා වේ.
2025 දෙසැම්බර් මස 18
142
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නයි හාමි තරුණයාගේ රෙදි ගලවයි
Janindu Perera Tuesday, 12 March 2024 01:00 PM
නයෙක් අල්ලන්න කිව්වම කොල්ලට වෙන දෙයක් හිතෙන්න ඇති