(කරන්දෙණිය එම්. සුසිල් ප‍්‍රියන්ත)
පොල් ගසක භාගයක් නැග අලූත බැඳපු ජෝඩුවක් නිදන කාමරයකට එබිකම් කළ තරුණයකුට ලැබුණු අපූරු දඬුවමක් පිළිබද පුවතක් දකුණේ ගමකින් වාර්තාවේ.
හේ තරුණයෙකි. කුලෑටිය. පේ‍්‍රම සබඳතාවලට බියක් දක්වයි. බොහෝ වෙලාවට ඔහු නිදි වර්ජිතව මේ කාර්යයේ නිරත වෙයි.
ළඟදී ඔහුගේ නිවස අසල තරුණයෙක් විවාහ වූයේය. ජෝඩුව නිදන කාමරයට දින දෙක තුනක සිටම එබිකම් කිරීමට ඔහු උනන්දු වූයේය. ඒ එම කාමරය අසල තිබු පොල් ගසක බාගයක් පමණ නැගය.
ජෝඩුව නිදන කාමරයේ ඇතුළත සිදුවන දේ කළුවර නිසා ජනේලයේ උඩින් ඇති කුඩා සිදුරුවලින් නොපෙනුණත් ඔවුන් දෙදෙනාගෙන් ඉඳහිට ඇහෙන මිහිරි වදන් ඔහුට මිහිරි විය.
එදා රාත‍්‍රියේත් ඔහු මේ අලූත බැඳපු ජෝඩුව නිදන කාමරය අසල තිබු පොල් ගසට නැග්ගේය. ඒ සුපුරුදු කාර්යයේ නියැළීමටය. ගතවුයේ ටික වේලාවකි. අවශ්‍යතාවක් සඳහා මේ ජෝඩුවෙන් කෙනෙක් කාමරයේ විදුලි පහන දල්වුයේය. මෙයින් ඔහු කොතෙක් කලබල වූයේ දැයි කිවහොත් පොල් ගසෙන් බැස්සා නොව ඉක්මනටම ලිස්සගෙන ආවේ පොල් ගසෙන් බඩ සීරෙන බව පිළිබඳවත් නොසිතාය. මෙසේ පොල් ගසෙන් ලිස්සාගෙන ආ ඔහුගේ බඬේ ලෙලි ගියේය. කොතරම් වේදනා දුන්නත් ඔහු එය ඉවසාගෙන ගෙදර දුවගෙන ආවේ කෑගැසූනොත් අත්වන ඉරණම ගැන සිතාය.
එළිවනතුරුම වේදනාවෙන් සිටි ඔහු ගෙදර අයට මේ වගක් නොපෙනීමට නිතරම කමිසයක් දමාගෙන සිටියේය. වේදනාව තවත් ඉවසාගත නොහැකිව සිටි හේ බොරු බේගල් රැසක්ම ඇද බාමින් සිය මිතුරෙකු සමග බෙහෙත් ගැනීමට උදේ රැයින්ම වෙද මහතකු ළඟට ගියේය.
වෙද මහතාගේ හරස් ප‍්‍රශ්න වලින් බේරීමට බැරිවූ නිසාම ඔහුට ඇත්ත කියන්නට සිදුවුයේ සිය මිතුරා ඉදිරියේමය. මිතුරාට සිදුව ඇති මේ හදිසි අකරතැබ්බය පිළිබඳව දැනුවත්වූ ඔහුගේ මිතුරා මේ බව කිසිවකුටවත් කියන්න එපා යයි ඔහු ඉල්ලීම් කළද මිතුරා අනෙක් මිතුරන්ද මේ සම්බන්ධයෙන් දැනුම්වත් කළේ නියම කල්‍යාණ මිතුරකුගේ ගුණද මනාව පෙන්වා දෙමින්ය.
2025 ඔක්තෝබර් මස 08
1516
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1345
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
485
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ්‍රී ලංකා ඉන්ෂුවරන
නොමිලේ ‘බ්ලූ’ බලන්න ගිහින් බඬේ පලූවක්ම ලෙලි ගහගෙන
sam Friday, 29 September 2017 10:51 AM
මෝඩ මනුස්සයෙක්නේ......හොරෙන් කුරුම්බා ගෙඩියක් කඩා ගන්න ගිහිල්ලා ලිස්සුවා කිව්වානම් ඉවරයිනේ .
shyamali Tuesday, 03 October 2017 06:29 AM
මෝඩ නිසානේ මේ වගේ මෝඩ වැඩ කරන්නේ, කොල්ලෙක් කරන්න ඕන වැඩද මේවා?
sanjeeva Sunday, 08 October 2017 03:24 PM
මෙහි ප්‍රවෘත්තියේ හෙඩ්ලයින් එක වැරදියි. අඹු සැමි දෙදෙනෙක් ලිංගිකව එකතු වීම බ්ලු ෆිල්ම් එකක් වෙන්නේ කොහොමද? බ්ලු ෆිල්ම්වල තියෙන්නේ විකුර්ති ලෙස කාම රාගයෙහි යෙදීම සහ අසාමාන්‍ය ලෙස ලිංගික ක්‍රියාවන් කිරීම. නමුත් අඹු සැමි එක්වීම ඊට වඩා වෙනස්.. සමහර විට සමහර විවාහක යුවලයන් එවන් දේවල් කරනවා ඇති...
madu Friday, 20 October 2017 10:06 AM
මේවගේ වැඩ කරන්නේ ඉගෙන ගෙන නැති මිනිස්සු...