IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


නම් දෙකකින් ඉඳලා එකම කඳවුරේ දෙන්නෙක් එක්ක පවුල් කාලා

(බරන්දන රංගන වෛද්‍යරත්න)
නම් දෙකකින් පෙනී සිටි කාන්තාවක් එකම ආරක්ෂක අංශ කඳවුරක සේවය කරන දෙදෙනෙකු සමග වසර ගණනාවක් යුග ජීවිතයක් පවත්වාගෙන ගිය පුවතක් ඉකුත්දා මාවතගම පොලිසියෙන් වාර්තා විය.


සිද්ධිය සැකෙවින් මෙසේය.


ඇය මධ්‍යම පළාතේ පදිංචි කාරිනියකි. ඇගේ ඇවැස්ස මස්සිනා සමග මීට වසර කීපයකට ඉහතදී  නීත්‍යනුකූලව විවාහ වී ඇත. ඔහු සේවය කරනු ලබන්නේ ආරක්‍ෂක කඳවුරකය.


දිනක් ඔහු සමග මහනුවරට ගිය අතර වාරයේදී ඇයට සිය සැමියාගේ මිතුරෙකු හමු විය. ඔහු ද සැමියාගේ කඳවුරේම සේවය කරන අයෙකි. එහිදී ඇය මිතුරාට පවසා ඇත්තේ තමා වැනිම නිවුන් සහෝදරියක් තමාට සිටින බැවින් ඇය හඳුනා ගැනීමට කැමතිනම් මේ අංකයට කතා කරන ලෙසය.


කාලයත් සමග ඔවුන් දෙදෙනා මිතුරුවී පසුව නැගණියගේ ලියකියවිලිවලට අනුව නැගණියගේ නමින් විවාහවී ඇත.


විවාහයෙන් පසුව ඇය පළමු සැමියා හා දෙවන සැමියා සමග ඔවුන් නිවාඩු පැමිණෙන අවස්ථාවන්වල මාරුවෙන් මාරුවට ගෙවල් දෙකේම දෙදෙනා සමඟ වාසය කර ඇත. මේ කිසිම අවස්ථාවක සැමියන් දෙදෙනාට එකවර නිවාඩු ගෙන නිවසට ඒමට නොදීමට තරම් ඇය සූක්ෂම වී ඇත. මිතුරන් දෙදෙනාට ද ඇයගේ කිසිම වෙනසක් තේරී නොමැත.


කෙසේ වෙතත් පළමු සැමියාගේ පවුලේ අය ඇය පිළිබඳ විමසිල්ලෙන් සිට ඇයගේ ගමන් බිමන් පිළිබඳ සොයා බලා ඇත. ඒ නිසාම ඇයගේ මෙම දෙබිඩි රඟපෑම හසුකර ගැනීමට ඔවුනට හැකියාව ලැබී ඇත. ඒ වනවිටත් ඇය පළමු සැමියාගේ බැංකු පොතේ තිබූ රුපියල් ලක්‍ෂ විසිපහක පමණ මුදලක් ද දෙවන සැමියාගේ පොතේ තිබූ ලක්‍ෂ දාහතරකට ආසන්න මුදලක් ද වංචා සහගතව ලබාගෙන ඇති බවට පොලිස් පරීක්‍ෂණවලින් හෙළි විය.



අදහස් (4)

නම් දෙකකින් ඉඳලා එකම කඳවුරේ දෙන්නෙක් එක්ක පවුල් කාලා

Perakum Thursday, 17 May 2018 08:30 AM

කොහොමද ගෑහැණු මොලේ...! කවුද කියන්නේ හැඳි මිටේ දිගයි කියලා.

:       0       118

janahitha Friday, 18 May 2018 04:50 AM

ඕක වෙන්න ඇත්තේ වෙනසක් බලාපොරොත්තුවෙන් වෙන්න ඇති. දැන් මොනවද කරන්නේ? අර රුපියල් ලක්ෂ ටික වෙනත්ම කෙනෙකුට ගිහින්ද දන්නේ නැහැ.

:       0       12

pitugala Friday, 18 May 2018 05:50 AM

දෙයියෝ සාක්කි! ම තමා.

:       0       1

චතුරංග දිනේෂ් මධුසංඛ Sunday, 20 May 2018 12:10 PM

ගැහැණු කියන්නේ නිකන් නෙවෙයිනේ... ඒ හින්දා හොඳ සෝදිසියෙන් ඉන්න ඕනේ...

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 18 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 820 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site