සුනිල් ආයතනයක සේවය කරනා ආරක්ෂක නිලධාරියෙකි. දිනක් සංචාරක නිලධාරියා එම ආයතනයට පැමිණ ”මෙහෙ ඔෆීස් ස්ටාෆ් එක කී දෙනෙක් දැයි” විමසීය.
”හතළිහක් ඉන්නවා සර්” සුනිල් පැවැසීය. ”කී දෙනෙක්ගේ නම් දන්නවා දැයි” විමසූ විට ඔහු පැවැසුවේ ”දහ දෙනෙක්ගේ විතර” යනුවෙනි. ”දැන් ඔයා ඇවිල්ලා මාස දෙකකටත් වැඩියි නේද?” සංචාරක නිලධාරියා ඇසූ විට ”මට එයාලගේ නම් අමතක වෙනවා” හෙතෙම පැවැසීය.
”නම් මතක තියා ගන්න ක‍්‍රමයක් මම කියන්නම්. කොළයක් ගන්න. මිස්ලගේ සර්ලගේ හැඩය, උස මහත යද්දී එද්දී බලා ගන්න.”
”කෙට්ටු උස මිස් කෙනෙක් නම්, කොළේ ලියලා, එයාගේ නම අපේ ගාඞ් කෙනෙක්ගෙන් අහලා ලියා ගන්න. සුදුයි කොටයි නම්, ඒ විදිහට ලියලා එතනින් නම ලියා ගන්න. අහිංසකයි කියලා හිතෙන මිස් කෙනෙක්ට ‘අහිංසකාවි’ කියලා ලිව්වත් කමක් නැහැ. මහත්තුරුන්ටත් එහෙමයි. නළුවකුගේ මුහුණ තියෙන කෙනෙක් නම්, නළුවගේ නම ලියලා එතන ඒ මහත්තයාගේ නම ලියා ගන්න. බඩ තියෙන කෙනෙක් දැක්කොත් ඩෝලේ වගේ කියලා නම ලියා ගන්න.” එවිට ආරක්ෂක නිලධාරියා ”එක වගේ බඩ තියෙන දෙන්නෙක් හිටියොත්?” යැයි ඇසීය. ”එතකොට තීරණය ඔයා අතේ. රවුම් නම් රවුම් බඩ කියලා ලියා ගන්න. බෝලේ වගේ නම් ඒ විදිහට ලියා ගන්න. හැබැයි කාටවත් ඔය කොළේ අහුවෙන්න තියන්න එපා.” සංචාරක නිලධාරියා පිටව ගියේය.
දැන් මෙම ආරක්ෂක නිලධාරියා ආයතනයේ නිලධාරීන් ඈත සිටම හඳුනන බව කොළඹ නගරයෙන් වාර්තා වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය සිකියුරිටි මහත්වරු කරන්නේ හරිම අමාරු කාර්යයක්. එවුන් ගැන ගැනේ පවු කියලා හිතෙන වෙලාවල් අනන්තයි.(නදී)
කුමාරි කොහෙද මෙතන සුද්දෙක් ඉන්නේ?(නදී)
සංචාරක නිලදාරිය කියන්නේ ආරක්ෂක නිලදරින්ව අදීක්ෂණය කරන්න එන වැඩ පරීක්ෂක වරයෙක්,100000 කට 99999ක්ම එයාල ලාංකිකයෝ. (නදී)
මුළු දවසෙම නිකන් ඔහේ කච කච ගගා කතාකොර කොර ඉන්නවාමිසක් මුන් රටට හෝ තම ආයතනයට කොරන සේවය කුමක්ද?සිංහලයා කොතෙනද,කම්මෙලිය එතනය.(අ)
කුමාරි මේ සංචාරක නිලධාරියා අර "අජානීය ස්කුටරයෙන්" එන ආරක්ෂකයන්ගේ වැඩ බලන නිලධාරියා. හැබැයි මේ ගැන හිතල "දිවුල්ගනේගෙ සින්දුවේ තියෙන "උදුම්බරා -- පිංගුත්තර " කතාවට නව පිටුවක් පෙරලන්නනම් එපා.(නදී)
නියම කතාව ඒක.(නදී)
ඕක සුද්දන්ගෙන් දන ගන්න ඕනද? අපේ අය කාර්යාලවල ඕන තරම් ඔය දේ කරනවා.(දිල්)
සංචාරක නිලධාරියා බුද්ධිමතෙක් (දිල්)
නරකමත් නැහැ වැඩේ. කොහොම හරි මතක තියාගන්න පුළුවන් ක්‍රමයක් නේ.(නදී)
හොඳ ක්‍රමයක්.(නදී)
කුමාරි සංචාරක නිලධාරියා කියන්නේ සෙකියුරිටි ඉන්ස්පෙක්ටර්. වැරද්දක් හොයන්නම බලන්න එපා. (නදී)
කුමාරි , සංචාරක නිලධාරියා කියන්නේ සුද්දෙක්ට නෙමේ. මේවගේ ආරක්ෂක ආයතන වල සේවකයන් පරීක්ෂා කරන නිලධාරියට. (අ)
උදේ ඉඳන් හවස් වෙනකල් අනුන්ගේ හැඩ රුව බල බල ඉන්න එක මාරු ජොබ් එකක් නේද මේක .(අ)
කුමාරි, සංචාරක නිලදාරිය කියන්නේ හැම ඔපිස් එකටම ගිහින් වැඩ බලන කෙනෙක්.(නදී)