IMG-LOGO

2025 දෙසැම්බර් මස 12 වන සිකුරාදා


නම අමතක වෙනවාට අපූරු උපදේශයක්

සුනිල් ආයතනයක සේවය කරනා ආරක්ෂක නිලධාරියෙකි. දිනක් සංචාරක නිලධාරියා එම ආයතනයට පැමිණ ”මෙහෙ ඔෆීස් ස්ටාෆ් එක කී දෙනෙක් දැයි” විමසීය.

”හතළිහක් ඉන්නවා සර්” සුනිල් පැවැසීය. ”කී දෙනෙක්ගේ නම් දන්නවා දැයි” විමසූ විට ඔහු පැවැසුවේ ”දහ දෙනෙක්ගේ විතර” යනුවෙනි. ”දැන් ඔයා ඇවිල්ලා මාස දෙකකටත් වැඩියි නේද?” සංචාරක නිලධාරියා ඇසූ විට ”මට එයාලගේ නම් අමතක වෙනවා” හෙතෙම පැවැසීය.

”නම් මතක තියා ගන්න ක‍්‍රමයක් මම කියන්නම්. කොළයක් ගන්න. මිස්ලගේ සර්ලගේ හැඩය, උස මහත යද්දී එද්දී බලා ගන්න.”

”කෙට්ටු උස මිස් කෙනෙක් නම්, කොළේ ලියලා, එයාගේ නම අපේ ගාඞ් කෙනෙක්ගෙන් අහලා ලියා ගන්න. සුදුයි කොටයි නම්, ඒ විදිහට ලියලා එතනින් නම ලියා ගන්න. අහිංසකයි කියලා හිතෙන මිස් කෙනෙක්ට ‘අහිංසකාවි’ කියලා ලිව්වත් කමක් නැහැ. මහත්තුරුන්ටත් එහෙමයි. නළුවකුගේ මුහුණ තියෙන කෙනෙක් නම්, නළුවගේ නම ලියලා එතන ඒ මහත්තයාගේ නම ලියා ගන්න. බඩ තියෙන කෙනෙක් දැක්කොත් ඩෝලේ වගේ කියලා නම ලියා ගන්න.” එවිට ආරක්ෂක නිලධාරියා ”එක වගේ බඩ තියෙන දෙන්නෙක් හිටියොත්?” යැයි ඇසීය. ”එතකොට තීරණය ඔයා අතේ. රවුම් නම් රවුම් බඩ කියලා ලියා ගන්න. බෝලේ වගේ නම් ඒ විදිහට ලියා ගන්න. හැබැයි කාටවත් ඔය කොළේ අහුවෙන්න තියන්න එපා.” සංචාරක නිලධාරියා පිටව ගියේය.

දැන් මෙම ආරක්ෂක නිලධාරියා ආයතනයේ නිලධාරීන් ඈත සිටම හඳුනන බව කොළඹ නගරයෙන් වාර්තා වේ.
 



අදහස් (0)

නම අමතක වෙනවාට අපූරු උපදේශයක්

ඉන්දික ගම්පහ Monday, 17 February 2014 10:54 PM

ඔය සිකියුරිටි මහත්වරු කරන්නේ හරිම අමාරු කාර්යයක්. එවුන් ගැන ගැනේ පවු කියලා හිතෙන වෙලාවල් අනන්තයි.(නදී)

:       0       0

දිලාන් Tuesday, 18 February 2014 12:13 AM

කුමාරි කොහෙද මෙතන සුද්දෙක් ඉන්නේ?(නදී)

:       0       0

කේ.කේ.දී. ඩුබායි Tuesday, 18 February 2014 01:14 AM

සංචාරක නිලදාරිය කියන්නේ ආරක්ෂක නිලදරින්ව අදීක්ෂණය කරන්න එන වැඩ පරීක්ෂක වරයෙක්,100000 කට 99999ක්ම එයාල ලාංකිකයෝ. (නදී)

:       0       0

අබ්දුල් Tuesday, 18 February 2014 02:57 AM

මුළු දවසෙම නිකන් ඔහේ කච කච ගගා කතාකොර කොර ඉන්නවාමිසක් මුන් රටට හෝ තම ආයතනයට කොරන සේවය කුමක්ද?සිංහලයා කොතෙනද,කම්මෙලිය එතනය.(අ)

:       0       0

සමන්ති Tuesday, 18 February 2014 07:29 AM

කුමාරි මේ සංචාරක නිලධාරියා අර "අජානීය ස්කුටරයෙන්" එන ආරක්ෂකයන්ගේ වැඩ බලන නිලධාරියා. හැබැයි මේ ගැන හිතල "දිවුල්ගනේගෙ සින්දුවේ තියෙන "උදුම්බරා -- පිංගුත්තර " කතාවට නව පිටුවක් පෙරලන්නනම් එපා.(නදී)

:       0       0

අමල් Tuesday, 18 February 2014 10:25 AM

නියම කතාව ඒක.(නදී)

:       0       0

කුමාරි Monday, 17 February 2014 10:35 AM

ඕක සුද්දන්ගෙන් දන ගන්න ඕනද? අපේ අය කාර්යාලවල ඕන තරම් ඔය දේ කරනවා.(දිල්)

:       0       0

නිලූ විතානගේ, සෞදි අරාබිය Monday, 17 February 2014 11:34 AM

සංචාරක නිලධාරියා බුද්ධිමතෙක් (දිල්)

:       0       0

නිලූ විදානගේ සෞදි අරාබිය Tuesday, 18 February 2014 11:48 AM

නරකමත් නැහැ වැඩේ. කොහොම හරි මතක තියාගන්න පුළුවන් ක්‍රමයක් නේ.(නදී)

:       0       0

නෝවියස් Monday, 17 February 2014 01:07 PM

හොඳ ක්‍රමයක්.(නදී)

:       0       0

පද්මේ Monday, 17 February 2014 02:40 PM

කුමාරි සංචාරක නිලධාරියා කියන්නේ සෙකියුරිටි ඉන්ස්පෙක්ටර්. වැරද්දක් හොයන්නම බලන්න එපා. (නදී)

:       0       0

අමිල - බලන්ගොඩ Monday, 17 February 2014 04:25 PM

කුමාරි , සංචාරක නිලධාරියා කියන්නේ සුද්දෙක්ට නෙමේ. මේවගේ ආරක්ෂක ආයතන වල සේවකයන් පරීක්ෂා කරන නිලධාරියට. (අ)

:       0       0

ගුණවර්ධන Monday, 17 February 2014 06:33 PM

උදේ ඉඳන් හවස් වෙනකල් අනුන්ගේ හැඩ රුව බල බල ඉන්න එක මාරු ජොබ් එකක් නේද මේක .(අ)

:       0       0

සෙනරත් Monday, 17 February 2014 08:54 PM

කුමාරි, සංචාරක නිලදාරිය කියන්නේ හැම ඔපිස් එකටම ගිහින් වැඩ බලන කෙනෙක්.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 622 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 525 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 431 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site