අලුතෙන් නිවෙසට කැන්දාගෙන ආ ලේලියට අමුතු සංග්‍රහයක් කිරීම නිසා මංගල ගමනේ පළමු දිනයේම නැන්දා සහ ලේලිය අතර අමනාපයක් ඇති වීමේ අපූරු පුවතක් පසුගියදා අසන්නට ලැබුණේ කළුතර පැත්තෙනි.
යෝජනාවක් මත සිදුවූ මෙම විවාහයේ මනාල ජෝඩුව මධුසමය ගත කිරීමෙන් පසුවදා මනාලයාගේ නිවෙසට පැමිණි අතර එහිද කුඩා උත්සවයක් පැවතිණි. කෑම මේසයට වාඩි වූ මනාල යුවළට ඥාතීන් කෑම බෙදූ අතර සතුටු සිනා මැද සියල්ල සිදුවෙද්දී නැන්දම්මා ලේලියට “පලා” වගයක් බෙදමින් කීවේ මේවා වැඩිපුර කෑම ගුණදායකයි කියාය. මනාල ලේලියගේ මුහුණ රතුවිය.
කතාබහෙන් තොරව සිටි ඇය පසුව තම සැමියාට “ මාත් එක්ක අම්මගෙ මොකක්හරි තරහක් තියෙනවාද” කියා කීවේ තරමක කෝපයකින්ලු.
(තිහගොඩ - උපසේන ලියනගම)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd