අලුතෙන් නිවෙසට කැන්දාගෙන ආ ලේලියට අමුතු සංග්‍රහයක් කිරීම නිසා මංගල ගමනේ පළමු දිනයේම නැන්දා සහ ලේලිය අතර අමනාපයක් ඇති වීමේ අපූරු පුවතක් පසුගියදා අසන්නට ලැබුණේ කළුතර පැත්තෙනි.
යෝජනාවක් මත සිදුවූ මෙම විවාහයේ මනාල ජෝඩුව මධුසමය ගත කිරීමෙන් පසුවදා මනාලයාගේ නිවෙසට පැමිණි අතර එහිද කුඩා උත්සවයක් පැවතිණි. කෑම මේසයට වාඩි වූ මනාල යුවළට ඥාතීන් කෑම බෙදූ අතර සතුටු සිනා මැද සියල්ල සිදුවෙද්දී නැන්දම්මා ලේලියට “පලා” වගයක් බෙදමින් කීවේ මේවා වැඩිපුර කෑම ගුණදායකයි කියාය. මනාල ලේලියගේ මුහුණ රතුවිය.
කතාබහෙන් තොරව සිටි ඇය පසුව තම සැමියාට “ මාත් එක්ක අම්මගෙ මොකක්හරි තරහක් තියෙනවාද” කියා කීවේ තරමක කෝපයකින්ලු.
(තිහගොඩ - උපසේන ලියනගම)
2025 ඔක්තෝබර් මස 08
1509
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1343
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
478
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
නැන්දම්මා පලා බෙදද්දී ලේලියගේ මූණ රතුවෙලා