IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


නැන්දාගේ මළගමට ආ ලේලිය බිස්කට් පෙට්ටි ටිකටත් විදලා

(වැලිමඩ කේ.ආර්.රාජමන්ත්‍රී)
නැන්දනියගේ අවසන්කටයුතුවලට සහභාගීවු ඥාති ලේලිය විසින් නිවසේ තිබූ රුපියල් 15,000ක් පමණ වටිනා බිස්කට් තොගයක් සොරාගෙන ගිය පුවතක් වැලිමඩ නගරයට ආසන්න ගම්මානයකින් අසන්නට ලැබිණි.
 
දැනගන්නට ඇති ආකාරයට සිද්ධිය මෙසේය.
 
වැලිමඩ දඹවින්න ගම්මානයේ උපන් ඇය විවාහයෙන් පසු ඌව-පරණගම ප්‍රදේශයේ ගම්මානයක ජීවත්වූවාය. 80 වැනි වියේ පසුවූ එම කාන්තාව දඹවින්න ගම්මානයේ පිහිටි නිවසේදී පසුගිය දිනකදී මියගියාය.
 
මෙම පුවත  සැළවු සැණින් ඥාති හිතවතුන් අවසන් ගෞරව දැක්වීමට නිවසට පැමිණෙන විට විවිධ වර්ගයන් සහිත බිස්කට් පෙට්ටිද රැගෙනවිත් තිබේ.
 
නිවෙස් හිමියගේ එකම සහෝදරියද බදුල්ල ස්ප්‍රීන්වැල්ල ප්‍රදේශයේ සිට තම සැමියා සහ පුතා ද සමග අවසන් ගෞරව දැක්වීමට සහභාගිවී තිබේ. අවසන් කටයුතු සඳහා මෘත ශරීරය ආදහනාගරයට රැගෙන යද්දී, බදුල්ල ස්ප්‍රීංවැලි ප්‍රදේශයේ සිට පැමිණ සිටි කාන්තාව සහ ඇගේ සැමියා නිවසේ ආරක්ෂාවට යැයි කියා නතරවී ඇතැයි කියති. එදින  රාත්‍රිය ආරම්භ වෙද්දී සැමියාත්, පුතාත් ආපසු තම ගම කරා ගොස් ඇත. කාන්තාව පසුදින උදැසන පිටව ගොස් තිබේ. 
 
මේ අතර නිවැසියන් බිස්කට් වර්ග තැන්පත්කර තිබුණ කාමරයේ දොර විවර කරද්දී එම කාමරයේ තිබුණ බිස්කටි පෙට්ටි අතුරුදන්ව ඇති බව දැක විපරම් කිරීමේදී නිවසේ ආරක්ෂාවට නතරකර ගිය සහෝදරිය බිස්කට් පෙට්ටි 20ක් පමණ හොර රහසේ තම සැමියා සහ පුතා මගින් පිටත් කර තිබිණි.
 
ඉන්පසු ඇය පසු දින උදැසන කිසිදු වෙනසකින් තොරව තමන් පදිංචිව සිටින ස්ප්‍රීංවැල්ල කරා ගොස් ඇති බව තහවුරුවීමෙන් පසුව නිවැසියන් ඔවුන්ගේ දුරකතයට ඇමතුම් ගත්තද එයට ප්‍රතිචාර නොදැක්වූ බව දැනගන්නට ඇත. 



අදහස් (0)

නැන්දාගේ මළගමට ආ ලේලිය බිස්කට් පෙට්ටි ටිකටත් විදලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 18 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 820 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site