IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


නෝනගෙ මැස්සො දෙන්නා මරන්න 500 යි: පගාව 500 යි

කොළඹට නුදුරු පෞද්ගලික ආයතනයකි. මෙම ආයතනයට මාසිකව සුළු අත්මුදල් වශයෙන් රුපියල් පනස් දහසක මුදලක් ප්‍රධාන කාර්යාලයෙන් ලැබිණි. එම පෙටි කෑෂ් භාරව සිටියේ නිලධාරිනියකි. දිනක් ඇයගේ මේසය මත මැස්සන් දෙදෙනෙක් සිටි අතර ඇයගේ මුහුණේද උන් වැසූහ.


සේවකයකුට කථා කළ ඇය මේ මැස්සෝ දෙන්නව මරලා දාන්නකෝ. මුන් මගේ කටෙත් වහනවා යැයි පැවසුවාය. උන්ව මරන්න මට වෙලාවක් නැහැ මිස්. මට අතුගාන්නයි, ඔෆීස් එක ශුද්ධ කරන්නයි තියෙනවා ඔහු කීය. ස්වල්ප වේලාවක් කල්පනා කළ ඇය ඔය මැස්සෝ දෙන්නව මරනවාට මම රුපියල් පන්සීයක් දෙනවායි පැවසුවාය. 


මවිතයට පත් සේවකයා ඇතුගෑම නවත්වා මැස්සන් දෙදෙනා ඇල්ලීමට උත්සුක විය. විනාඩි දහකින් එක් මැස්සෙක් ඇල්ලූ සේවකයා ඌ පොලොවේ ගසා මරා දැමීය. තවත් විනාඩි කිහිපයකදී ඔහු අනෙකාද මරා දැමුවේය. මැරුණු මැස්සන් දෙදෙනා නිලධාරිනියට පෙන්වූ විට ඇය ඔහු අමතා මට කඬේකින් හිස් බිලක් ගෙන්නැයි කීවාය. 


හඳුනන වෙළඳසලකින් හිස් බිලක් ගත් සේවකයා එය නිලධාරිනියට දුන්නේය. ඇය හිස් බිල රැගෙන වැසිකිළි  පිරිසිදු කිරීමට ගන්නා විෂබීජ නාශක බෝතල් දෙකක නම එහි සඳහන් කර බිලේ වටිනාකම රුපියල් දහසක් යනුවෙන් කළාය. ලාච්චුවෙන් රුපියල් දහසක් ගත් ඇය සේවකයාට රුපියල් පන්සීයක් දී අනෙක් පන්සීය තම මුදල් පසුම්බියට දමා ගත්තාය. 
ක්‍රිස්ටෝපර් සීපියන් 



අදහස් (0)

නෝනගෙ මැස්සො දෙන්නා මරන්න 500 යි: පගාව 500 යි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 276 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 87 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 780 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site