තම නෑනා වෙන කෙනෙකුට අයිති වෙනවා දැකීමට නොහැකිව ඇයට අහන අහන මංගල යෝජනාවලට බොරු කේලාම් කියා ඒවා කඩා දමන මස්සිනා කෙනෙකුගේ ක‍්‍රියා කලාපය හෙළිවී භාර්යාව සහ නැන්දම්මාගෙන් ගුටි මුරයක් ලැබූ මස්සිනා කෙනෙකු පිළිබඳ පුවතක් දකුණු පළාතෙන් වාර්තාවිය.
ඔහු තමන්ගේ භාර්යාවටත් වඩා සිතෙන් සිය නෑණාට ආදරය කළේය. නෑනා ඒ බව නොදත්තාය. නෑනා තනිනොතනියට ගමන් බිමන් පවා එක්ක ගියේ ඔහුය.
ඔහුගේ භාර්යාව මෙය ගණන් නොගත්තේ තමන්ට කරන ගෞරවයක් සැලකීමක් වශයෙන් සිතා ඔහු මෙසේ කරනවා යැයි සිතාය. නෑනාගේ මාපියෝද ඔවුනට පුතුන් නොමැති නිසා බෑණා පුතකු නැති අඩුව නොදැනෙන්න මෙසේ හැසිරෙනවා ඇතැයි සිතූහ.
මේ නෑනා දීග දෙන්නට මාපියන් සෙව්වේ මේ අතරවාරයේදිය. තමන්ට ගැලපෙනවා යැයි සිතූ කිහිප පොළකටම ඔවුහු මංගල යෝජනා ඉදිරිපත් කළහ. ඒත් එකම එක මංගල යෝජනාවක්වත් හරි නොගියේය.
මේ පිළිබඳව එම මාපියන් සොයා බැලීමෙන් දැන ගන්නට ලැබුණේ කවුදෝ පිරිමි කෙනෙකු කියන කේලාම් නිසා මේ මංගල යෝජනා එකක්වත් හරි නොයන බවය.
සිය දියණියගේ මංගල යෝජනා කඩා බිඳ දැමීමට බොරු කේලාම් කියන පුද්ගලයා කවුද යන්න පිළිබඳව මේ දෙමාපියෝ සෙව්වත් එය සොයන්නට බැරි විය.
සිය දියණියට තවත් එක් මංගල යෝජනාවක් ආවේ මේ අතරවාරයේදීය. එම මංගල යෝජනාවේ පිරිමියා මේ ගැහැනු ළමයාගේ ඡුායාරූපය දුටු සැණින් ඔහුගේ සිත ඒ වෙතට යොමු වුණේය. ඔවුන් සොයාගෙන ආ පුද්ගලයා මේ ගැහැනු ළමයා ගැන බොරු කේලමක් කිව්වේය. එය ගණනකටවත් නොගත් මේ තරුණයා මේගැහැනු ළමයා බලන්න යන්නට දින නියම කර ගත්තේය.
තමා කියූ කේලාම් මේපාර වැඩ නොකර බව තේරුම් ගත් ඔහු අර තරුණයා තමන්ගේ නෑනා බලන්නට එන දවසට ගෙදර නොසිටින්නට ලොකු වැඩක් යොදා ගත්තේය. ඒ අනුව ඔහු එදින එම නිවසින් පිටව ගොස් තිබුණි.
දින නියම කරගත් පරිදි තරුණයා අර තරුණිය බලන්නට නිවසට පැමිණියේය. එසේ පැමිණි ඔහුට තරුණියගේ නිවසේ සාලයේ බිම තබා තිබූ යුවළකගේ ඡුායාරූපයක් දෙසට ඇස ගියේ නිකමට මෙන්ය. එම යුවළගේ සිටි පිරිමි කෙනා තමන්ට හොඳට දැක පුරුදු අයෙකුසේ හැගුණු බැවින් ඒ ගැන හොඳින් කල්පනා කළ විට සිහියට ආවේ තමා අද බලන්න ආ තරුණිය ගැන කේලාම් කීවේ මොහු බවය. ඊට පසු තරුණියගේ මාපියන් ඇමතූ තරුණයා ඡායාරූපයේ ඉන්නා යුවළ පෙන්වා එහි සිටි පිරිමියා කවුද යන්න ඇසුවේය. එම මාපියන් කීවේ මේ තමන්ගේ ලොකු දුව බැඳල ඉන්න කෙනා බවය. ඇස් නළලට ගත් තරුණයා මේ ගැහැනු ළමයා ගැන එක එක දේවල් කියලා මෙයාව බඳින්න එපා කිව්වේ මෙයා යැයි කිවුවේය. එය ඇසූ එම මාපියන් සහ ඔහුගේ බිරිය එකිනෙකාගේ මුහුණ බලා ගත්තා මිස ඒ සම්බන්ධයෙන් වචනයක්වත් නොදෙඩූහ.
මෙතෙක් කල් තමන්ගේ දුව සම්බන්ධයෙන් බොරු කේලාම් කීවේ කවුද යන්න තේරුම් ගත් ඔවුහු ඔහුට හොඳ පාඩමක් උගන්වන්නම් කියා සිතූහ. මුකුත් නොදන්නා කෙනෙකු මෙන් එදා සවස ඔහු ගෙදරට ආවේය. ඔහු එනු දුටු ඔහුගේ භාර්යාව නැන්දම්මා සහ මාමණ්ඩිය ඔහුට තඩි බෑවේ මෙතෙක් කලක් තමන්ගේ දුවට මංගලයක් කර ගන්න බැරි වෙන්න කේලම් කියූ තැනැත්තිය අද අල්ල ගත්තා යැයි කියමින්ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමහර අම්මලා ලොකු දුවගේ සැමියාට තමයි පොඩි දුවගේ අනාගතය ලේසියට බාරදෙන්නේ. මුදල් වලින් උදව් පදව් , පන්ති එක්කන් යන්න. මඟතොට තනියට ආරක්ෂාවට ආදී වශයෙන්. නරියාට කුකුල්ලු බාරදුන්න බව තේරෙන්නේ සමහරවිට ලොකුදුවගේ පවුලත් කැඩිලා පොඩි දුව කාටවත් දීගන්න බැරිවුණාට පසුවයි. (නි)
මට නම් පවු කියලා හිතෙනවා. කැමති කෙනා පැත්තක ඉඳිදිද්දී ජීවිත කාලෙම වෙන කෙනෙක් එක්ක ඉන්න සිදුවීම. ශලිනිගේ කතාවත් ඇත්ත. (නි)
ආදර්ශය: කිසිදාක මංගල ඡායාරූපය බිත්තියේ නොඑල්ලිය යුතුයි.(ම)
බැන්දා නම් නෝනාගේ හතර වරිගයේම ඉන්න තරුණියන්ට උදව් කරන්න නොගිහින් සීමාවක් ඇතුව නෑදෑකම් පවත්තන්න ඕනෑ. ඔය නැන්දම්මලාත් හරිම කපටියි. විශේෂයෙන් දුවලා දෙතුන් දෙනෙක් ඉන්න පවුල් වල. එක බෑණා කෙනෙක්ව සුද්ධකරලා අනෙක් දුවලාගේ වියදම සහ ඕනෑ එපාකම් කවර් කරගන්න අම්මණ්ඩිලා ඉන්නවා. (නි)
ඩේවිඩ්, තිත්ත වුණත් ඇත්ත ඕක තමා. හික්මීම ඇති හැම පිරිමියාම "නියම මහත්මයෙක්" වෙන්නෙත් ඔය නිසාමයි. (නි)
මිනිහව ගස් බදින්නයි තිබුනේ. (බ)
චාමික,ලසිත් මම ඔබ දේපල සමගින් එකග වෙනවා.මගේ නෝනාගේ නංගිලා 2ක් හිටියා.බාල එක්කෙනා හරිම කපටියි.බැඳලා මාසයක් යන්න කලින් කේලාම් වපුරලා ගෙදරින් පන්නලාම දැම්මා.මගේ නෝනා හරීම අහිංසකයි.ගතිගුණ අතින් අර දෙන්නාටම වැඩිය දහස් ගුණයකින් හොඳයි. නපුරු නෑනලා දෙන්නයි නැන්දම්මයි වෙනස් කම් කළේ නැත්නම් මම තාමත් ලංකාවේ. (බ)
ගමගේ ඔයාගේ ගෙදර නම් නෝනාගේ නංගිලා නවත්වන එක ටිකක් භයානකයි වගේ. ! (බ)
තමන්ගේ සැමියාගේ නැගණිය නොවන කිසිම තරුණ කාන්තාවක් (තමන්ගේම නංගි වුනත් ) ගෙදර නවත්තා ගන්න සහ නෑදා කමට වුණත් සීමාව ඉක්මවා උදව් පදව් කරන්න කිට්ටු කර නොගත යුතුයි. තවම අපේ රටේ මාර්ගපල ලාභී සැමියන් නැති නිසා යමක් සිද්ධ වුණ පසු තුන් ලෝකෙම පිරිමින්ට දොස් කියනවට වැඩිය පෙර පරිස්සම හොඳයි නේද ? (ම)
මම නම් අපේ නෑනා එක්ක කතාකරන්නවත් කැමති නැහැ. ඒ එයා අපි විවාහ වෙන්න කලින් ඒක නවත්වන්න උත්සාහ කළ නිසා. මට නම් හැමඅතින්ම, දුෂ්ට පොඩි නෑනට වැඩිය මගේ නෝනා දහස් ගුණයක් හොඳයි. එනිසා මම නම් ඔන්න ඒ කරදරෙන් බේරෙනවා. ලස්සන තරුණියක් දැක්කම ආශාවක් ඇල්මක් නොහෙළනවා නම් ඒක ලෙඩක්. ඒත් හිතෙන හැමදේම කරන්නේ නැහැනේ ශිෂ්ට මිනිස්සු. එනිසා තමයි අනුන්ගේ සිත් කියවන 'බ්‍රේන් මැෂින්" වගේ දේවල් විද්‍යාවේදී පවා අශිෂ්ට ලෙස සළකන්නේ. ආගම අතින් බැලුවත් පරසිත් දැකීම කරන්න එපා කියලනේ කියන්නේ. (නි)
ශලිනි හරි. ඒක තමයි නියම සත්‍යය. (නි)
අන්තිමේදී නෑනත් නැහැ ගෑනිත් නැතිව යන පොටක් වුනා නේද? පුදුමයි නෑන මෙච්චර කාලයක් මස්සිනාගෙන් බේරිලා හිටිය කිව්වමත්,. (බ)
රුපවතීගේ ජාතක කතාව කියවලා මගේ ඔලුවට මොකක්ද, මොකක්ද වගෙයි.ඔච්චර කියවන්න ඕනෑ නැහැ "වැලන්ටයින්" දවසට හොඳ කාර්ඩ් එකක් දීලා 'කැඩ්ල් ලයිට් සපර්' එකක් දීලා බලන්න. (නි)
මෙයට පෙර මෙහි පළවුණ සමහර කතා වලින් මට වැටහුනා සමහර සිදුවීම් වලට ගැහැණු පිරිමි දෙගොල්ලොම වැරදිකාරයන් කියලා.මොකද තමාගේ හැඟීම් වලට වහල් වුණාම ඔවැනි දේවල් සිදුවෙනවා. (නි)
අරුණ, ඔයා කියන විදියේ වෙන්න ඇති ඒ මස්සිනා. ඒත් පිරිමියෙක් කිවුවම ඕනෑම කෙනෙක් තමන්ගේ භාර්යාවට හැරෙන්න තව කාන්තාවකට ආශා නොකරනවා කියන්නේ සම්පුර්ණ බොරුවක්. කවුරු වුණත් එහෙම තමයි. ඒත් ගොඩක් පිරිමි තමන්ගේ හැඟීම් යටපත් කරගෙන ඉන්නවා. ඒ නිසයි කියන්නේ පිරිමියා කියන සතා අමුතුයි කියලා. ඒක හැම පිරිමියෙක්ගේම උරුමය. (නි)
මම කැමතියි නෑනට නෑනා කැමති නැහැ මට... (නි)
මගේ නෝනාගේ නංගිත් පුදුම කුහක නපුරු කෙනෙක්. නෝනාට පොඩි කාලේ ඉඳලාම ලෙඩ ඇදපු එකමයි කරලා තියෙන්නේ. නෝනා හරිම අහිංසකයි. උගත්. හොඳ රැකියාවක් කරනවා. නංගි එදා ඉඳලාම ඇයට ආ විවාහ යෝජනා පවා කඩලා තිබුනා. විශ්වාස කරන එකක් නැහැ, අපේ සම්බන්ධය ඒ කාලයේ නෝනා අම්මලාට කිව්වේ මම දෙමාපියන්ගෙන් අවසර ගන්න එයාගේ ගෙදරට යන්න කලින් දවසේ. ඒ මොකද පැය 24 කට කලින් අර බඩුව දැනගත්තා නම් කොහොමහරි අම්මලට කේළම් කියලා හිත වෙනස් කරන්න ඉඩතිබුනා (නි)
මේ වගේ පහත් ආසාවල් තියෙන පිරිමි තමයි බහුතරයක් ඉන්නේ. එ්ත් උතුම්ම උතුම් ගති ගුණ තියෙන පිරිමිත් ඉන්නවා. (නදී)
මම කැමති නෑනාට-නැනා කැමති මනමාලයට (ම)
අපේ නෝනාගේ බාලම නංගිත් එසේ මෙසේ කපටි කෙනෙක් නෙවෙයි. පවුලේ බාලයා කියලා බබා පාට් එක දාගෙන ගෙදර මෙලෝ වැඩක් නොකර කම්මැලිකමට හිට්යා. අපි ඔක්කොම එකතු වෙලා දෑවැද්ද ටත් සම්මාදම් කරලා බන්දලා දුන්නා. මල වදේ ඔන්න ගිය තැනත් බබා වෙන්න ගිහින් නැන්දම්මාත් එක්ක රණ්ඩු වෙලා දැන් ආයේ මහ ගෙදරට ඇවිත් ඔන්න! (නදී)
සැමදා තනිකඩව සිටිය යුතුය. (නි)
රුපවතීගේ ගෙදරට බැරිවෙලාවත් බවලත්, තරුණ ඇහැට කනට පෙනෙන මෙහෙකාරියක් එහෙම අවොත් රුපවතීට වෙන්නේ එක ඇහැක් අරගෙනම නිදාගන්නයි. (ම)
කමක් නැහැ රවී සොයුර. දෛහිර්යමත් සිතින් යම් කිසි මුදලක් සොයාගෙන ලංකාවේ බිරිඳ දරුවෝ සමගින් නපුරු මිනිසුන් සිටිනා පලාතකවත් නොයිද වෙනත් පළාතකට ගොස් නිදහසේ ජීවත්වෙන්න. තම දරුපවුල තරම් වටිනා වස්තුවක් මේ ලෝකේ තවත් නැහැ. (නදී)
ගමගේ, ඔය කියන අදහස ගැහැණු පිරිමි දෙපැත්තටම අදාළයි.පිරිමි විතරක් අමුතු ජාතියක් නෙමෙයි.දෙගොල්ලොම මනුස්සයෝ.ඕකනේ දෙපැත්තෙන්ම බාගෙට බාගයක් වරදේ බැඳෙන්නේ.ගැහැණු පිරිමි එකිනෙකා ආකර්ෂණය වන විදියට සොබාදහම මවලා තියෙන්නේ.මේවායේ විපාක දන්නා උදවිය උඩුගම් බලා පිහිනනවා වගේ හිතේ සවියෙන් හැදියාවෙන් තමන්වම පාලනය කරගන්නවා. (නි)
මෙතන දුමින්ද විතරයි සත්‍ය කියා ඇත්තේ. (නි)
රූපවතිගේ ස්වාමිපුරුෂයා නම් හරිම වාසනාවන්තයි. නින්දෙනුත් එක ඇහැක් අරගෙන රැකගන්නේ. අනේ වාසනාවන්. වැඩි වැඩියෙන් ලැබේවා.(නදී)
මම නම් අපේ නෝනාගේ නංගිව එදා ඉඳලාම අතේ දුරින් තියාගත්තේ. නෝනා වගේ නෙවෙයි මහා කපටි අම්මණ්ඩි. ගමේ පිස්සු නටලා රස්සාවට කියලා කොළඹ ඇවිත් ගෙදර හිටපු අපේ මල්ලිගේ කරේ එල්ලෙන්න හැදුවා. වෙලාවට අපේ හාදයා බේරුනා. (බ)
මම මගේ නෝනා බලන්න යනකොට නෑනා ලොකු ළමයෙක් වත් වෙලා නැහැ , මාමණ්ඩි මළාට පස්සේ එයා මට තාත්තට වගේ සෙනෙහස පෑවා, අද එයා කසාද බැඳලා ලස්සනට දරු මල්ලොත් එක්ක ජීවත් වෙනවා. ඒ හැම දෙයක් මම කරලා දුන්න දේවල් නිසා මම අවන්කවම මගේ නෑනා ගැන සතුටුයි (නදී)
අපරාදේ වැඩේ අහුවෙලානේ! (නි)
ශලිනිගේ අදහසත් එක්ක මම එකඟයි (නි)
මටත් ඔය වගේ ලස්සන නෑනා කෙනෙක් ඉන්නවා. අපි නම් යාලුවෝ වගේ ඉන්නේ. මගෙ හිතේ ආදරයක් තියෙනවා. හැබැයි ඒ නරක අදහසකින් නෙමෙයි, සහෝදර ප්‍රේමයක්. (නි)
මම විවාහ වී වසර 15 ක්. සවාමියා හා මා ලංකාවේ වසර හතරක් පදිංචිවෙලා සිටියා. දැනට විදේශයක පදිංචියි. මට වඩා බොහෝ ලස්සන කාන්තාවන් සමග රැකියාවෙදීත් සාමාන්‍ය ජීවිතෙත් ඇසුරුකරන්න ඔහුට ලැබෙන වාර අනන්තයි. ඔයාල කියන ඔය ලස්සන බවලතෙක් දැක්කම හොරෙන් බලන පුරුද්ද මට නම් මේ වෙනකම් ඔහුගෙන් දැක නැහැ. ඔහු කියන්නේ පිටත ලස්සනට වඩා අපි බැලිය යුත්තේ ඇතුලාන්තයෙන් පෙනෙනා ලස්සන මනුස්සකම යැයි විටෙක ඔහු මට කීවා. ලංකාවේ ජීවත්වෙද්දී කවදාවත් ටෙලිපෝන් එක චෙක් කරන ඊ මේල් කියවන , ටෙලිපෝන් කෝල්වලට සවන් දෙන, ලිපි කඩන ගති නැහැ. මගේ මහත්තයගෙන් මාත් ඒවා ඉගෙන ගත්තේ, විශ්වාසය අපේ පවුල් අතර හොදින් බැඳී ඇති බව හදවතට විශ්වාෂයි, අදටත් එදාසේම ඔහු මට ආදරෙයි. (නදී)
ඕනෑවටත් වඩා යමක් උලුප්පා පෙන්වන අයගේ සිත් තුළ යම් අසහනකාරී තෙරපීමක් සැඟවී ඇති බව මෙහි ප්‍රතිචාර දක්වන සමහර අයගේ අදහස් වලින් පෙනේ. (නි)
මේ ජාතියේ පහත් මිනිස්සුත් ඉන්නවා. (ම)
රවී හරි වාසනාවන්ත අවංක සුපිරි සැමියෙක්. සුබ පැතුම්! (නි)
මස්සිනා හිතාගෙන ඉන්න ඇත්තේ ටිකක් පරණ වෙන්න ඇරියාම එකත් මටම තමයි කියලා. අපරාදේ මහන්සිය.(ම)
අපි බිරිඳ හෝ සැමියා නොවන කීදෙනෙක්ට සිතෙන් පමණක් රසවිඳ ,ආදරය කර ඇත්ද (බ)
ශලනි කිවුවේ සත්‍යයක්. අපි හැමවිටම විමසිලිමත් දෑසින් එක ඇහැක් අරගෙන ඉන්නම ඕනෑ නින්දට ගියත්, අර බස්සෝ වගේ. නැත්නම් අප සතු වස්තූන් රැකගන්න වෙන විදියක් නැහැ. (නි)
ශලිනි කියන කතාව ඇත්ත (නි)