IMG-LOGO

2025 ඔක්තෝබර් මස 24 වන සිකුරාදා


නෝනා කමිසේ ‘මෙසමන්ට්’ ගනිද්දී පාරිභෝගිකයා වෙවුලලා

දිවුලපිටිය පැත්තේ මැදිවියේ විනෝදකාමියකු පෞද්ගලික කරුණකට ප්‍රධාන නගරයකට ගියේය.

ඔහු ප්‍රධාන නගරයට ගොස් අවශ්‍ය කර්තව්‍ය ද ඉටුකරගෙන ආපසු එනවිට කාන්තාවන් ඇඳුම් මසන ස්ථානයක් නෙත ගැටුණි.

තමාට ද එහි ගොස් කමිසයක් මස්සවා ගැනීමට ඔහුට ආසාවක් ඇතිවිය. ඔහු එම ස්ථානයට ගොඩවැදුණේය. කමිසයක් මසාගැනීමට හැකිදැයි ඔහු විමසීය.

කාන්තා ඇඳුම් පමණක් නොව පිරිමි ඇඳුම් ද මසන බවත් අවශ්‍ය ඕනෑම මෝස්තරයකට මසාදිය හැකි බවත් එහි පාලිකාව කීවාය.

මැදිවියේ විනෝදකාමියා කමිසයට සුදුසු රෙද්දක් තෝරාදුන් අතර කාන්තාව අවශ්‍ය මිනුම් ගැනීමට සූදානම් වූවාය.

කාන්තාව කමිසයේ කොලරයට මිනුම ගනිද්දී ඔහුට විදුලි සැර වැදුණා මෙන් කිති කැවී ගියේය. ඔහුට දහඩිය වැගිරෙන්නට විය.

‘මහත්මයා මොකද ඔයාගෙ ඇඟ වෙව්ළන්නේ. ඔහොම නම් මෙසමන්ට් ගන්න බෑ’ පාලිකාව කීවාය.

ඔය ඇති නෝන. මෙසමන්ට් ගත්තා ඇති. කමිසෙ මහල තියෙන්නෙ ගණන කීයද ඔහු ඇසීය. ‘තුන්දහස් පන්සීයයි’ ඇය කීවාය. ඔහු මුදල ගෙවා යන්නට ගියේය. දෙසතියකින් පැමිණ කමිසය ඉල්ලා සිටියේය. කාන්තාව මසා තිබූ කමිසය ඔහුට දුන්නේය. ඔහුට එය හැඳගත නොහැකිවිය. කමිසෙ හිරයිනේ.

නෝන ඉතින් මම මොකද කරන්නේ. ඔයා මෙසමන්ට් ගන්නකල් හිටියායැ. වෙව්ළන්න ගත්තනෙ. කමිසෙ තියල යන්න. හදලා තියන්නම්. ඇය කීවාය. ඔහු කමිසයක් එහි තබාගියා ගියා මිස ආපසු යළි පැමිණියේ නැතිලු.



අදහස් (0)

නෝනා කමිසේ ‘මෙසමන්ට්’ ගනිද්දී පාරිභෝගිකයා වෙවුලලා

වික්‍රම Saturday, 30 January 2016 05:49 PM

ඒ පාඨක මහතාගේ නම ඇහුනත් තරහින් වෙව්ලන පාඨක බවලතුන් පිරිසකුත් ඉන්නවානේ. ඒ මොකද මන්දා (නි)

:       0       0

සමන්ති Friday, 29 January 2016 11:04 PM

මෙයා ගැහැණු ළමයෙක් ළඟින්වත් ගිහිල්ලා නැතුව ඇති නේද? (නි)

:       0       0

චානක Monday, 01 February 2016 10:49 AM

පවු අහිංසකයෙක් වෙන්න ඇති (නි)

:       0       0

මිනිපෙ Sunday, 31 January 2016 08:52 PM

අප හැමෝගෙම දුර්වලතාවන් ඇත. අපගේ සමහර දුර්වලතාවන් ලොව දනිති, සමහර දුර්වලතාවන් පුද්ගලිකව අප පමණක් දනී. (නි)

:       0       0

ලලිත් Monday, 01 February 2016 05:23 PM

ඒ මනුස්සයාට මැලේරියාවද කවුද දන්නේ? (නි)

:       0       0

දුල්මි Saturday, 30 January 2016 02:43 AM

වෙන මොකක්හරි අසනීපයක් හදිසියේ හැදෙන්න ඇති ඔහොම වෙව්ලන්න. (නි)

:       0       0

මෙලනි Saturday, 30 January 2016 02:48 AM

අප්පච්චියේ! කාන්තාවන් ළඟ වෙව්ලන මධ්‍යම වියේ තැනැත්තෙක් නම් අපේ පරසිදු පාඨක මහතා නෙමෙයි නේද වැරදිලාවත්? (නි)

:       0       0

කෝසල Monday, 01 February 2016 11:00 AM

පවු අහිංසකයා! (නි)

:       0       0

මොහොමඩ් Saturday, 30 January 2016 04:05 AM

එයට මොකක් හරි අසනීපයක් ඇති (කෞ)

:       0       0

ලලිත් Sunday, 31 January 2016 07:52 AM

හිරිවාතේ කියන්නේ මේකට තමයි (නි)

:       0       0

අජිත් Tuesday, 02 February 2016 12:08 PM

අන්න බලන්න කොච්චර හොදට හැදිච්ච කොල්ලෙක්ද? අනේ මන්ද දෙයියංගෙම පිහිටයි ඔහුට. (බ)

:       0       0

ප්‍රියාන් Sunday, 31 January 2016 07:58 AM

සමන්ත,ඇස් දෙක ගිහින් පරීක්ෂා කරගන්න.තුන් වැනියට ඉන්න කෙනා මාතෘකාවෙන් පිටපැනලා ඉන්න එක දැක්කේ නැති එකයි පුදුමේ. ඒ බවලතීට අසවල් පාඨක භවතා සමඟ කුමක් හෝ පටලැවිල්ලක් තිබෙන හැඩයි. (නි)

:       0       0

රමණි Saturday, 30 January 2016 04:15 AM

කවුද මෙලනි ඒ පරසිදු පාඨක මහතා?(කෞ)

:       0       0

රුපවතී Monday, 01 February 2016 06:54 AM

අපේ පිටබැද්දර ජයා අයියත් කමිසයක් මහන්න දෙන්න යනවා කියල රෙද්දකුත් උස්සන් දීව මේ ලගදි දවසක. (ර)

:       0       0

පිටිගල Monday, 01 February 2016 12:51 AM

පව් ඒ මනුස්සයා! (නි)

:       0       0

මහින්ද ආර් කිතුල්ගොඩ සී ෂෙල්ස් Sunday, 31 January 2016 12:41 PM

තව කී දෙනෙක් කමිස මහන්න යාවිද දන්නේ නෑ....එ්ත්...ගාන ඇහුවමනම් අපටත් විදුලි සැර වැදුණා වගේ..(බ)

:       0       0

පිටබැද්දර ජයා Sunday, 31 January 2016 12:38 PM

බහුතරයක් පිරිමි ගුණයහපත් කමට දේව ධර්මයට අනුව හැදුනු කට්ටිය , පුදුම වෙන්න දෙයක නැහැ මේ කතාව ගැන (කෞ)

:       0       0

සරත් Sunday, 31 January 2016 01:03 AM

මොකද අප්පේ වෙව්ලන්නේ. මම හිතන්නේ ලෙඩෙක්. (නි)

:       0       0

බණ්ඩාර Saturday, 30 January 2016 05:45 AM

ඇති ඔයින් ගියා. (හේ)

:       0       0

බණ්ඩාර Saturday, 30 January 2016 05:45 AM

අයියෝ මහත්තයෝ ලැජ්ජාවටද?(හේ)

:       0       0

ලලිත් කුමාර Monday, 01 February 2016 12:33 PM

මැසිමෙන්ට් ගන්න ඉස්සල්ලද ගාණ කිව්වේ එකයි වෙව්ලලා තියෙන්නේ. (ර)

:       0       0

සේරම් පැරිස් Tuesday, 02 February 2016 01:37 PM

පව් මිනිහට හංකිති තියෙන්න ඇති , සමහරුන්ට ගැහැනු උදවිය අල්ලපුවාම අමුතු කිතියක් එනවා (බ)

:       0       0

චන්න Saturday, 30 January 2016 07:03 AM

මිල අහපු ගමන් මටනම් ටිකක් වෙව්ලන්න පටන්ගත්තා...මේ කාලේ කමිසේ මහනවාට වඩා සාප්පුවෙන් ගන්නේ එක ගොඩක් හොඳි නේද..(හේ)

:       0       0

සමන්ත Sunday, 31 January 2016 03:20 AM

වික්‍රම, මාතෘකාවෙන් පිටපැනලා කාගේවත් පිට කසන්න යන්න එපා. (නි)

:       0       0

චාරු Sunday, 31 January 2016 04:09 AM

කමිසයක් නෙවෙයි මහිලාවන් ඉන්න තැන් වලට ඔහොම සිහියක් නැතිව කඩා වදිනවා නම් , හැට්ටයක් තමයි මහලා දෙන්න තිබුණේ (ම)

:       0       0

ඉමේශ් Saturday, 30 January 2016 05:10 PM

තුන්දහස් පන්සීයක්? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1357 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1264 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 461 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site