IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


නිදාගෙන සිටි බිරියගේ කරාබුව ගලවාගෙන සැමියා ‘‘ෂොට් එකක්’’ දාන්න ගිහින්

‘‘යහන මත ආදර බස් දොඩවමින් බිරියගේ කර අත ගාමින් සිටි සැමියා බිරියට නින්ද ගිය පසු ඇය පැළැඳි එක් කරාබුවක් සොරා ගැනීමේ සිද්ධියක් පිළියන්දල බටකැත්තර ප‍්‍රදේශයෙන් වාර්තාවේ.’’ සිද්ධිය සැකෙවින් මෙසේය., සැමියා පෙදරේරු වෘත්තියේ යෙදෙන්නෙකි. බිරිය පෞද්ගලික ආයතනයක ආහාර පිසින්නියකි. තමා හම්බ කරනා සේසතම බීමට වැයකරන්නෙකි. ඇතැම් දින වල ගෙදර එන්නේ ද හතර ගාතෙනි. හදිසියේම අසනීප වූ ඔහුට එදින රැකියාවට යාමට නොහැකි විය. සවස් වන විට බීම සිහිපත් විය එහෙත් අතේ සතයක් වත් නැත. හොර මත්පැන් හලෙන් ද ණයට මත්පැන් ඔහුට නොදෙන්නේ ඒ වන විට රුපියල් හාර දහස් ගණනක් ගෙවිමට ඇති හෙයිනි. කළ යුතු එකම දෙය බිරිය රැුකියාව නිමවා ආ පසු මුදලක් ඉල්ලා ගැනීමය. එම උත්සහාය ද නිෂ්ඵල විය. ඔහු දස අතේ කල්පනා කළේය. අපූරු නුවණක් පහළ විය. වෙනදාටවත් වඩා වේලාපහින්ම බිරිය සමඟ එකට ආහාර ගැනීමට ද ඔහු කල්පනා කළේය. එලෙසම නිදා ගැනිමට දෙදෙනාම යහනට ගියේය. මද වේලාවකින් බිරියගේ කර වටක් අත යවා ඇයගේ දකුණු කන ඉතා සියුමැලි ලෙස පිරිමැද්දේය. අධික තෙහෙට්ටුව නිසාම බිරියට මොහොතකදී නින්ද ගියාය. දකුණු කණේ කරාබුව ඔහුගේ අතට පත්විය. කරාබුව රුපියල් පන්දාහකට උගස් කළේය. හොඳට බිව්වේය. බිරිය පසුදා රැකියාවට ගියාය. දකුණු කනේ කරාබුව නැති බව දුටු වේ යෙහෙළියකි. පිළියන්දල පොලිසිය දක්වා මේ සිද්ධිය ගියේය.



අදහස් (0)

නිදාගෙන සිටි බිරියගේ කරාබුව ගලවාගෙන සැමියා ‘‘ෂොට් එකක්’’ දාන්න ගිහින්

indika Monday, 16 April 2012 09:33 AM

මහත්තයයි නොනයි දෙන්නම සෙටි‍‍‍වෙලා ‍‘‘ෂොට් එකක්’’දාගත්තනමි ඉවරයිනේ........

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 96 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 898 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 620 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site