IMG-LOGO

2025 ඔක්තෝබර් මස 21 වන අඟහරුවාදා


නැතිවූ වතුර මෝටරයෙන් සායම හෝදාගෙන

තම නිවසේ තිබූ වතුර මෝටරයක් සොරු ගෙන ගොස් ඇතැයි ග‍්‍රාම නිලධාරියාගේ පොතේ සටහනක් දැමීමට ඇය උදේ පාන්දරම ආවේ තම සිවු හැවිරිදි දුවද සමගය.
‘‘වතුර මෝටරේ කිව්වට අංකේ තියෙනවද? සල්ලිවලට ගත්ත කුවිතාන්සිය තියෙනවද? අයිතිය ඔප්පු කරන්න පුළුවන්ද?’’ ග‍්‍රාම නිලධාරි තැනගේ ප‍්‍රශ්නවලට ඈය අන්දුන්කුන්දුන් වූවාය.
‘‘ඒවා ගෙදර ඇති’’ කී ඇය මඳක් කල්පනා කරන විට දුව කීවේ අමුතු කතාවකි.
‘‘ ඕකට බිල් කොයින්ද අම්මෙ, තාත්ත වැඩපලෙන් උස්සගෙන ආව කියල දවසක් කිව්වෙ.’’ ඇගේ කතාවට අම්මාට තරු පෙනිණි.
ග‍්‍රාම නිලධාරියා උපහාසයෙන් සිනාසුන විට ඇය දරුවා ඇදගෙන එතනින් ගියේ මහත් කෝපයකින්ලූ. මේ තොරතුරු අසන්නට ලැබුණේ කළුතර පළාතේ උපනගරයකිනි.



අදහස් (0)

නැතිවූ වතුර මෝටරයෙන් සායම හෝදාගෙන

වරුණ Friday, 28 June 2013 08:30 AM

ළමයි ඉන්න තැන්වල හොර බොරු බැහැ කියන්නේ ඕකට තමයි (නි)

:       0       0

කුමාරි Thursday, 27 June 2013 11:26 AM

හොරුන්ගෙත් හොරු කඹ හොරු. පොඩි අයට බොරු බෑ... අම්මේ, ඔන්න ඔහේ වෙන එකක් ගමු. (නි)

:       0       0

ආනන්ද ආර් Thursday, 27 June 2013 08:17 AM

වැඩපොලෙන් උස්සාගෙන ආවා මදිවට පුරාජේරුවත් ගෙදරට කියලා. දෙමවුපියෝ දරුවන්ට දෙන ආදර්ශ මෙහෙම නම් රටක් සමාජයක් යහමග යයිද? (නි)

:       0       0

සිතුම් Thursday, 27 June 2013 12:10 PM

සහන්,ඒකත් පුදුම දෙයියෝ සාක්කියක් තමා. හිහ්..(අ).

:       0       0

කුමාරිහාමි Thursday, 27 June 2013 08:42 AM

අනේ මේ හොර වැඩක් නොතේරෙන පොඩි දරුවෝ මෙහෙම ගමන් යද්දී එක්ක ගිය එකනේ වරද. (නි)

:       0       0

සේනක Thursday, 27 June 2013 09:08 AM

ඒ කියන්නේ හොරුන්ගෙත් හොරු ඉඳල තියෙනවා. වැඩපොළේ මුරකරයාගේ රක්ෂාව නැති වෙන්න කලින් ආපහු වැඩපලට අරන් ගියාද දන්නේ නැහැ.(නදී)

:       0       0

පහන් Thursday, 27 June 2013 09:26 AM

අපි අවුරුදු උත්සවයකට සල්ලි එකතුකරන්න ගියා. පොඩි එකෙක් ඇවිත් කිව්වා අම්ම කිව්වා ගෙදර කවුරුවත් නැහැ කියන්න කියලා. (නදී)

:       0       0

සූරිය Thursday, 27 June 2013 09:52 AM

අද ඇත්ත කතා කරන්නෙය් පොඩි ළමයි විතරයි. (නි)

:       0       0

කිරිහාමි Thursday, 27 June 2013 09:57 AM

ගෙන ආවත් ගෙදර හොර බඩු ඔපිසියෙන් පල නැත බුක්ති විදීමට එය රිසිසේඉන් එක්කන් නොගියානම් කෙල්ලව විශේෂයෙන් සායම නොසේදෙනු ඇත මේ විලාසයෙන් (දී)

:       0       0

චතූ Thursday, 27 June 2013 01:05 PM

දරුවෙග් වයසේ හැටියට ඕක ඔය විදියටම කිව්වද කියලා සැකයිනේ.(නදී)

:       0       0

දයා අලහාකෝන් Thursday, 27 June 2013 10:02 AM

කොට කෙතන නඩුවෙදිත් පොඩි වුන් දෙන්නා මේ විදියට පිළිතුරු දුන්නොත්.(නදී)

:       0       0

සේනක Thursday, 27 June 2013 10:04 AM

හොරුන්ගේ හොරු (දී)

:       0       0

විරාජ් කාලිංග Sunday, 30 June 2013 10:04 PM

ඇත්තම කතාවක් වෙන්න ඇති.(නදී)

:       0       0

පෙරේරා Thursday, 27 June 2013 10:59 AM

ඔහොමතමා වෙන්න ඕනේ ,හොරකම් කරනවට.හොරුන්ගෙත් හොරු කම්බා හොරු. (දී)

:       0       0

චන්දා Thursday, 27 June 2013 06:04 PM

වැඩ පොලෙන් ගෙනාවා කීවට හොරකමට ගෙනෙන්න ඇති කියලා උපකල්පනය කරන්නේ ඇයි? වැඩ පොලෙන් අයින් කරන එකක් වැඩක් ගන්න ගෙනාවොත් වැරදිද ? එහෙම කරන වෙලාවල් තියෙනවා. විසිකරනවා වඩා, යකඩ වලට විකුණනවට වඩා (නි)

:       0       0

ගාමිණී-සිරි Thursday, 27 June 2013 11:00 AM

අල්ලපු ගෙදර ඇන්ටි ගේට්ටුව වහලා ගමනක් ගිහින් ආවේ සවස් කාලයේ ලු.ගේට්ටුව අරින ශබ්දය ඇසිලා පොඩි එකා දුවගෙන,දුවගෙන ගොස් ඇන්ටි බදා ගෙන කිවුවලු ,ඇන්ට් නැති වෙලාවේ අපේ අම්මා පාත්තියේ හිටපු සේරම ගොළු බෙල්ලෝ එකතු කරලා විසි කලේ ඇන්ටිගේ වත්තට කිව්වලු.. (නි)

:       0       0

උපාලි Thursday, 27 June 2013 04:59 AM

අනේ පවු, මට මැවිලා පේනවා පොඩි එකී අඬ අඬා යන හැටි අම්මගෙන් ගුටි කාල. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1159 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1165 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 433 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site