IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


නීතීඥවරිය පැය දෙකක් පොදු වැසිකිළියේ

 

(කරන්දෙණිය - එම්. සුසිල් පි‍්‍රයන්ත)

නීතිඥවරියකට දෙපැයක් පොදු වැසිකිළියක් තුළ සිරගතවීමට සිදුවූ අපූරු පුවතක් දකුණු පළාතේ ප‍්‍රධාන නගරයකින් වාර්තාවේ.

බස් පොළක තිබූ පොදු වැසිකිළියකි. බස් පොළට පැමිණි නීතිඥවරියක් ශාරීරික අවශ්‍යතාවකට එහි ගියාය. ඒ අවස්ථාවේදී එම වැසිකිළි පද්ධතියේ සේවයට කිසිවෙකු සිටී ද නොසිටී ද වත් විමසීමකින් තොරව මේ නීතිඥවරිය වැසිකිළි පද්ධතිය තුළට ගියේ තිබූ අවශ්‍යතාව බලවත් වූ නිසාමය.

 යම් අවශ්‍යතාවකට එළිපහළියට ගොස් සිටි මෙහි සේවය කරන තැනැත්තා පැමිණ දහවල් ආහාරය සඳහා එළියට ගියේ එම වැසිකිළි පද්ධතියේ ඉදිරිපස දොරට ඉබියතුරු ද දමාය. ඔහු එනවිට මේ තුළ කිසිවකු ඇතැයි නොසිතූ නිසා මෙලෙස ඉබියතුරු දමා කෑමට ගියේය.

අවශ්‍යතාව ඉටුකර ගත් නීතිඥවරිය සිය වැසිකිළියේ දොර ඇර එළියට ඒමට පැමිණියාය. ප‍්‍රධාන දොර වසා තිබිණි. ඇය සිතුවේ එය සුළඟට වැහෙන්න ඇතැයි කියාය. එහෙයින් ප‍්‍රධාන දොර අරින්න හැදුවත් එය විවෘත නොවූ කල ඇයට තරු විසිවිණි. එම වැසිකිළි පද්ධතියේ ප‍්‍රධාන දොරට ගසා කෑගැසුවද කිසිදු ඵලක් නොවුයේ ඒ අසලට කවුරුවත් නොපැමිණි නිසාය. ප‍්‍රධාන දොර වසා තිබෙන බව දුරතියාම දකින බොහෝ දෙනා මේ වැසිකිළි පද්ධතියට නොපැමිණීම ඇයට වැසිකිළි අඩස්සිය තුළ තවදුරටත් රැදීමට හේතු කාරණාවක් ද විය. සේවකයා දහවල් කෑම කා එනවිට දෙපැයක් පමණ ගතවී තිබිණි.

දුරදීම දොරට තඩිබබා කෙනෙකු වැසිකිළි පද්ධතිය තුළින් කෑගසන ශබ්දය ඇසුණු ඔහුට සිදුවූ දේ තේරුම් ගැනීමට වැඩි වේලාවක් ගත නොවූයේය. එහෙයින් ඔහු ඉක්මනින්ම වැසිකිළියේ ප‍්‍රධාන දොර විවෘත කළේය. ඒ සැනින්ම එළියට පැමිණි නීතිඥවරිය ඔහුට බැණගෙන බැණගෙන ගියාය. එයින් නොනැවතුණු ඇය මේ වැසිකිළිය පාලනය කරන නගර සභාවට ද තමාට වූ අකර තැබ්බය පිළිබඳව පැමිණිලි කළාය.



අදහස් (6)

නීතීඥවරිය පැය දෙකක් පොදු වැසිකිළියේ

anula Tuesday, 19 September 2017 05:53 AM

ඒවගේ කෙනෙකුටම වෙන්න ඕන දෙයක් නිවැරදි වෙන්න...... පිටකොටුවේ වැසිකිලිය දැක්කම බල්ලොත් බත් කන්නේ නැහැ..... අනික ආබාදිත කෙනෙකුට යන්න කිසිම පහසුකමක් නැහැ.කොමඩ් එකක් දෙකක් තිබිය යුතුයි. මේක හැම නගරයකම එහෙමයි පිළියන්දල වසිකිලිවල දොරවල් නැහැ ප්‍රාදේශීය සභාව ළගමයි තියෙන්නේ......

:       1       153

naradhaTuesday, 19 September 2017 09:21 AM

මේ ප්‍රාදේශීය සභා මිනිසුන්ගෙන් එකතු කරගන්නා බදු මුදල් වලින් මොනවද කරන්නේ? රටේ සියලු ප්‍රාදේශීය සභා එකතු කරන බදු මුදල්, වියදම් කරන ආකාරය ප්‍රදේශවාසීන්ට මුද්‍රිතව දැන්විය යුතුයි. තවත් සිහි තබා ගත යුතු කරුණක් නම්, අපේ බොහෝ දෙනා පොදු වැසිකිලි භාවිතා කරන්නට නොදැනීමයි. උදාහරණයක් ලෙස, බොහෝ දෙනා මුත්‍රා කරන්නේ වැසිකිලි පොච්චියෙන් පිටතටයි.

:       0       425

chapa Tuesday, 19 September 2017 11:28 PM

කාර්යබහුල ජීවිත ගතකරන අයට ජීවිතේට පැය 2 ඉස්පාසුවක් ලබාදුන්නට ස්තුති කරමු....

:       155       21

gawus Wednesday, 20 September 2017 02:17 AM

එතකොට අර රුපියල් 20 අය කරගන්න පුලුවන් වුණාද?

:       0       312

jayath Wednesday, 20 September 2017 12:47 PM

මට හිතාගන්න බැරි දේ තමයි දැන් හැම කෙනා ලඟම තියන ජංගම දුරකතනයක් මෙතුමිය ළඟ තිබුනේ නැත්ද කියලා... එහෙම තිබුණා නම් ඕක සුළු වෙලාවකින් විසඳගන්න තිබුණා.

:       0       33

husen-riyad Friday, 22 September 2017 06:55 AM

මේ වගේ දෙයක් උනොත් තමා මොවුන්ට සමස්ථ ජනයාගේ සුභ සිද්ධිය වෙනුවෙන් යමක් කරන්න හිතෙන්නේ.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 80 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 877 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 616 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site