(කරන්දෙණිය - එම්. සුසිල් පි‍්‍රයන්ත)
නීතිඥවරියකට දෙපැයක් පොදු වැසිකිළියක් තුළ සිරගතවීමට සිදුවූ අපූරු පුවතක් දකුණු පළාතේ ප‍්‍රධාන නගරයකින් වාර්තාවේ.
බස් පොළක තිබූ පොදු වැසිකිළියකි. බස් පොළට පැමිණි නීතිඥවරියක් ශාරීරික අවශ්‍යතාවකට එහි ගියාය. ඒ අවස්ථාවේදී එම වැසිකිළි පද්ධතියේ සේවයට කිසිවෙකු සිටී ද නොසිටී ද වත් විමසීමකින් තොරව මේ නීතිඥවරිය වැසිකිළි පද්ධතිය තුළට ගියේ තිබූ අවශ්‍යතාව බලවත් වූ නිසාමය.
යම් අවශ්‍යතාවකට එළිපහළියට ගොස් සිටි මෙහි සේවය කරන තැනැත්තා පැමිණ දහවල් ආහාරය සඳහා එළියට ගියේ එම වැසිකිළි පද්ධතියේ ඉදිරිපස දොරට ඉබියතුරු ද දමාය. ඔහු එනවිට මේ තුළ කිසිවකු ඇතැයි නොසිතූ නිසා මෙලෙස ඉබියතුරු දමා කෑමට ගියේය.
අවශ්‍යතාව ඉටුකර ගත් නීතිඥවරිය සිය වැසිකිළියේ දොර ඇර එළියට ඒමට පැමිණියාය. ප‍්‍රධාන දොර වසා තිබිණි. ඇය සිතුවේ එය සුළඟට වැහෙන්න ඇතැයි කියාය. එහෙයින් ප‍්‍රධාන දොර අරින්න හැදුවත් එය විවෘත නොවූ කල ඇයට තරු විසිවිණි. එම වැසිකිළි පද්ධතියේ ප‍්‍රධාන දොරට ගසා කෑගැසුවද කිසිදු ඵලක් නොවුයේ ඒ අසලට කවුරුවත් නොපැමිණි නිසාය. ප‍්‍රධාන දොර වසා තිබෙන බව දුරතියාම දකින බොහෝ දෙනා මේ වැසිකිළි පද්ධතියට නොපැමිණීම ඇයට වැසිකිළි අඩස්සිය තුළ තවදුරටත් රැදීමට හේතු කාරණාවක් ද විය. සේවකයා දහවල් කෑම කා එනවිට දෙපැයක් පමණ ගතවී තිබිණි.
දුරදීම දොරට තඩිබබා කෙනෙකු වැසිකිළි පද්ධතිය තුළින් කෑගසන ශබ්දය ඇසුණු ඔහුට සිදුවූ දේ තේරුම් ගැනීමට වැඩි වේලාවක් ගත නොවූයේය. එහෙයින් ඔහු ඉක්මනින්ම වැසිකිළියේ ප‍්‍රධාන දොර විවෘත කළේය. ඒ සැනින්ම එළියට පැමිණි නීතිඥවරිය ඔහුට බැණගෙන බැණගෙන ගියාය. එයින් නොනැවතුණු ඇය මේ වැසිකිළිය පාලනය කරන නගර සභාවට ද තමාට වූ අකර තැබ්බය පිළිබඳව පැමිණිලි කළාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒවගේ කෙනෙකුටම වෙන්න ඕන දෙයක් නිවැරදි වෙන්න...... පිටකොටුවේ වැසිකිලිය දැක්කම බල්ලොත් බත් කන්නේ නැහැ..... අනික ආබාදිත කෙනෙකුට යන්න කිසිම පහසුකමක් නැහැ.කොමඩ් එකක් දෙකක් තිබිය යුතුයි. මේක හැම නගරයකම එහෙමයි පිළියන්දල වසිකිලිවල දොරවල් නැහැ ප්‍රාදේශීය සභාව ළගමයි තියෙන්නේ......
කාර්යබහුල ජීවිත ගතකරන අයට ජීවිතේට පැය 2 ඉස්පාසුවක් ලබාදුන්නට ස්තුති කරමු....
එතකොට අර රුපියල් 20 අය කරගන්න පුලුවන් වුණාද?
මට හිතාගන්න බැරි දේ තමයි දැන් හැම කෙනා ලඟම තියන ජංගම දුරකතනයක් මෙතුමිය ළඟ තිබුනේ නැත්ද කියලා... එහෙම තිබුණා නම් ඕක සුළු වෙලාවකින් විසඳගන්න තිබුණා.
මේ වගේ දෙයක් උනොත් තමා මොවුන්ට සමස්ථ ජනයාගේ සුභ සිද්ධිය වෙනුවෙන් යමක් කරන්න හිතෙන්නේ.