(තිහගොඩ උපසේන ලියනගම)
දකුණු පළාතේ අධිකරණ සංකීර්ණයක් අසල වූ නීතිඥ කාර්යාල විථියක පසුගියදා තම යතුරු පැදිය නවතා ව්‍යාපාරිකයකු අසල වූ හිතවත් නීතිඥයකු හමුවට ගියේ නඩුවක් පිළිබඳව කතාකර ගැනීමටය.
පැයක පමණ කතාවෙන් පසු ආපසු එන විට යතුරු පැදිය අසල සිටි පොලිස් නිලධාරියකු ‘මහත්තයා මේ වාහනේ නවත්තලා තියෙන්නෙ වැරදි තැනක. මෙතන නවත්තන්න එපා කියල බෝඞ් එකකුත් තියෙනවා. මේ නීතිඥ මහත්තයා මට කීවා තමුන්ට එරෙහිව නඩුවක් තියෙනවා කියලා මට තමුන්ගෙ විස්තර ටික දෙන්න’ කීවෙන් ඔහුට තරු පෙනිණි.
කරුණු සොයා බැලීමේදී අනාවරණය වූයේ තමා මුණ ගැසීමට ගිය නීතිඥයාත් මේ නීතිඥයාත් අතර කාලාන්තරයක් තිස්සේ ගැටුමක් ඇති බවත් මෙය අවස්ථාව කරගෙන ඔහුට රිදවීමට සූදානම් වන බවත්ය.
නඩුවක් ගොනුකළොත් තමා නොමිලයේම පෙනී සිටින බව මේ ගැන දත් තම හිතවත් නීතිඥයා කීවත් තවම එබඳු සිතාසියක් නම් ඇවිත් නැතිලූ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒවා ගැන හිතනවා නම් පවුල් පිටින්ම පෙතිගහලා මරපු අපරාධකාරයෝ බේරන්න කතාකරයිද? බොහොමයක් නීතිවේදින්ට ඕනෑ සල්ලි විතරයි (නි)
සිසිර, මේ ලංකාවේ? (නි)
සිසිර,කාටහරි ගිනිගෙඩියක් දීමට අවශ්‍ය නම්, අපේ සමහර අය ආචාර ධර්ම ගැටළුවක් කර නොගනී.. (නි)
මට හිතන්නේ දෙන්නට දෙන්න ඉරිසියාවෙන් ඉන්නේ.(නදී)
ඉස්සර කලේ නම් (80-90 දශකයේ) අපි වැරදි කලේ හරිම අඩුවෙන්. ඒ ලැබෙන දඩුවමට ඇති බිය නිසා නොව සමාජ අපවාදයට තිබු ලැජ්ජාව නිසා. අද ඔය දෙකටම බහුතරයක් බය නැ. කාලය සමග.....(අ)
සුමින්ද,ඕකනේ කියන්නේ අර කතාවට, රුසියාවට වඩා ලොකුයි කියල මෝඩයින්ගේ හිතේ ඇතිවන ඉරිසියාව. මේ මිනිස්සු හිතන් ඉන්නේ එයාල අමරණීයයි කියල. (ස)
වෘත්තීය ආචාර ධර්ම කියලා දෙයක් තිබෙනවා නේද? (නි)