(හක්මන විශේෂ – දෙනගම යසන්ත ආරියසේන)
මත්පැන් පානයට ලොල්ව සිටින ත්‍රිරෝද රථ රියැදුරෙකුට මගුල් ගෙදරක දී මුහුණදීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් අසන්නට ලැබිණි.
මෙම රියැදුරා මත්වතුර පානයට දැඩි කෑදරකමක් දක්වන්නෙකි. සිය ඥාති නිවසක පැවති සාදයකට මොහු ද සහභාගි වී ඇත.
අසීමාන්තිකව මදුවිතෙන් සප්පායම් වී සිටි මොහු සංගීත රිද්මයට නර්තනයක් සිදුකර ඇතැයි පැවසේ. ඔහුගේ නර්තනය වැඩිපුර සිදුවූයේ කාන්තාවන් අසල වීම ද විශේෂත්වයකි. නර්තනයට එක්ව සිටි කාන්තාවන්ගේ පසුපස පෙදෙස මොහු නිතර නිතර ස්පර්ෂ කරන්නට යාම නිසා සාදය වෙනත් පැත්තකට යොමුවිය.
හැසිරීම නොරිස්සූ කාන්තාවන් ඔහු වටකරගෙන ටොකු ඇනීමට හා පහර දීමට පටන් ගත් නිසා සාදයේ සිටි පිරිස විසිල් ගසමින් උසුළු විසුළු කිරීම නිසා සාදය එකම ගාලගෝට්ටියක් බවට පත්ව තිබේ.
අඩක් ගැලවී ගිය කලිසම ඔසවමින් නැගී සිටි ත්‍රීරෝද රථ රියැදුරු එතනින් ඉවත් කිරීමට නිවෙස් හිමියා කටයුතු කළ අතර වෙරි මරගාතය වැඩිකමට සිය දියණිය සහ බිරිය මඟුල් ගෙදර දමා කුලී රියකින් නිවසට ගොස් ඇති අතර පසුදින වන විට සිද්ධිය ගම පුරා පැතිරී තිබිණි. සති දෙකක් තුනක් යන තෙක් අසනීප බව පවසා ඔහු නිවසින් බැහැර නොගිය අතර සාදවලට යාම බිරිය සහ දරුවන් විසින් ඔහුට තහනම් කර ඇතැයි ද පැවසේ.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
නැටුමේ ජංජාලය මැද ත්‍රිරෝද රියැදුරුට නෝනාත් අමතක වෙලා