(මීගහතැන්න - ප්‍රේමතිලක පෙරමුණ)
කළුතර දිස්ත්‍රික්කයේ පාලින්දනුවර ප්‍රදේශයට ආසන්න පිටිසර ගමක වූ සිද්ධියකි.

වෙලාව පාන්දර හතරට පමණ ඇත. එක්තරා නිවෙසක ගෙහිමි කාන්තාව සිරිත් පරිදි උදෑසනම අවදි වූයේ පාසල් යන තම දරුවන්ට අවශ්‍ය ආහාර පිසීම සඳහාය. වතුර බාල්දියක් රැගෙන ඒම සඳහා පෙනෙන නොපෙනෙන අඩ අඳුරේ නිවෙසේ මුළුතැන්ගෙයි පිටුපස ඇති ජල කරාමය වෙත ගිය ඇය අසල ගසක් යට චලනය වන යම් ඡායාවක් දුටුවාය. මඳක් විමසිලිමත්ව බැලූවිට විශාල හිස් වැසුම් දෙකක් දාගත් මිනිස් ඡායාවන් දෙකක් ගස වටේ ඔබ මොබ සැරිසරන අයුරු ඇයට පෙනුණි.
බියට පත්වූ වූ ඇය වහා නිවෙස තුළට දිව ගොස් සිය සැමියා අවදි කර සිද්ධිය සැල කළාය.
“නිට්ටෑවො ද දන්නෙ නෑ.. බලමු”_යැයි පවසමින් සැමියා වහා ඇඳෙන් බසිමින් පවසද්දී බිරිය තව තවත් බියට පත්වූවාය.
“අනේ යන්න එපා... උන් පහුරු ගහනවා නේද?”_යයි බිරිය පවසද්දී විදුලි පන්දමක් සහ ගෙයි මුල්ලක තිබූ කැත්තක් ද අතට ගත් සැමියා සෙමින් සෙමින් නිවෙස පිටුපසට ගියේය.
බිරිඳ පවසා ඇත්තේ සත්‍යයකි. විශාල හිස්වැසුම් ලාගත් දෙදෙනෙකි. එක් අයකු බිම වාඩිවී සිටි අතර අනෙකා යමක් අතේ ඇතිව ඔබ මොබ සැරිසරයි. සැමියාගේ පිටුපසින් පැමිණි බිරිඳ ඔහුගේ කනට කොඳුරා “අපි පොලිසියට කෝල් එකක් දෙමු ද?” යැයි යෝජනා කළාය. ඕන දෙයක් වෙද්දෙන් කියා මුමුණමින් බිරිඳට පසුපසට යන ලෙස අතින් සංඥා කර කැත්ත ද තදින් අල්ලාගෙන විදුලි පන්දම ගස යටට එල්ල කළේය.
එවිටම “ආ මල්ලි... උදෙන්ම අවදි වුණා ද?” යැයි ගස යට සිටි අයෙක් විමසීය.
යාබද නිවෙසේ වාසය කරන ඉස්කෝල මහත්තයාගේ කටහඬ ඔවුන්ට අඳුනා ගැනීමට අපහසු නොවීය. එවිටම එහි සිටි ඉස්කෝලේ මහත්තයාගේ පුතා ද තම හිසෙහි රඳවා තිබූ බේසම අතට ගනිමින් “අපි මේ ඊයේ රෑ වැටිලා තිබුණ දූරියන් ගෙඩි ටික එකතු කළා අයියේ”_යැයි පවසද්දී සැමියාත් බිරිඳත් මුහුණට මුහුණ බලා සිනහව වළකා ගත්තේ ආයාසයෙනි.
2025 දෙසැම්බර් මස 18
564
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
280
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1083
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නිට්ටෑවන් දෙදෙනකු වැටුණු දූරියන් එකතුකරලා
saman Wednesday, 03 April 2019 06:49 AM
ගහ කාගේද?