පළාත් පාලනයට සම්බන්ධ ආයතනයක මාණ්ඩලික නිලධාරියකු ලෙස සේවය කොට විශ්‍රාම ලැබූ ඔහු හැමදාම උදේට නිවෙස අසල පිහිටි වෙළඳසලට උදෑසනම යන්නේ පුවත්පත් කියවීමටය.
පසුගියදා එහි පැමිණි මොහොතේ කඬේ මුදලාලි කීවේ අපූරු කතාවකි.
උදෙන්ම තේ බොන්න ආපු හිඟන මනුස්සයෙක් රුපියල් දාහක් මාරුකරගෙන තේ බිව්වා. මේ උදේ පාන්දරම දාහෙ කොළයක් කොයින්ද ඇහුවම මහත්තය උදේ පාන්දරම රුපියල් දාහෙ කොළයක් පිනට ලැබුණ කියල ඒ මහත්තයටත් පිං දුන්නා”
උදේ හිඟන්නෙක් නිවෙසට ආ බවත් තමා ඔහුට රුපියල් පනහේ කොළයක් දුන් බවත් සිහි වී තම මුදල් පසුම්බිය විවෘත කොට බැලූ ඔහුට දෙවියන් සිහිවිය.
තම පසුම්බියේ රුපියල් පනහේ කොළයක් සහ රුපියල් දහසේ කොලයක් තිබූ අතර පනහේ කොලය එලෙසම තිබිණ. හිඟන්නාට වැරදීමකින් දී ඇත්තේ දහසේ කොළයයි. තමා කලබල වූ බව දත් මුදලාලි “ඇයි මහත්තයා” කීවෙන් ඔහු “අසරණ මනුස්සයනෙ මුදලාලි. ඒකයි මම දාහක් දුන්නෙ” කීවේ බොරු සිනහවක් මවා ගෙනලු.
(තිහගොඩ උපසේන ලියනගම)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුරුල්ලා ඉතින් බැද්දට ගියත් බැද්ද කුරුල්ලා ලඟට ගියත් මේ දෙකම තමන්ගේ නෙවෙයිනම් මොකට කම්පා වෙනවද දෙයියෝ ,(රේ)
උදේ පාන්දරම ලොකු පාඩුවක්! (නි)
ජයා , ඔයාගේ නෝනාගෙන් මේ ගැන සියලු විස්තර දැනගන්ට පුළුවන් වෙයි නේද. (රේ)
පව්,නැති බැරි කෙනෙකුට නේ දීලා තියෙන්නේ කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්...ඒ වුනත් හිඟන මනුස්සයා නම් දවස පුරාවටම හිඟා කාලා හරි දවසේ වියදම පියවා ගනී.නමුත්.....විශ්‍රාමිකයා..ලැබෙන්නෙත් සොච්චමයි. මට නම් හිතෙන්නේ හිඟන්නාගේ පාත්‍රයට හෙනහුරා වැටිලා තියෙන්නේ උදේ පාන්දරිම සල්ලි දුන්න මහත්තයාගෙයි...හිත හොඳ අයට තමයි මේ වාගේ ඇබැද්දි වෙන්නෙත්....(බ)
පළාත් පාලනයට සම්බන්ධ ආයතනයක මාණ්ඩලික නිලධාරියකු ලෙස සේවය කරපු මේ මහත්තය ඒ කාලෙදිත් මේවගේ පින් කටයුතු වල යෙදුනද ? වෙන්න බැහැ (බ)
බැද්දේ එක්කෙනෙක් කැරකිලා,කැරකිලා එන්නෙම අර කුරුල්ලෙකුගේ නමක් තියන තැනටම නේ.කරුමේ..! කරුමේ...! (අ)
අනේ මන්ද මොනවා කියනවද කියල ? මම තාම තනිකඩය ඉතින් කොහෙද නෝනලා ? ඕනෙනම් අපේ රුපවතියගෙන් දැනගන්න පුළුවන් කතන්දරේ ඉතුරු ටික (බ)
ඔබතුමාත් මේ සම්මේලනයට සහභාගී වුනානම් වටිනවා නේද?(හේ)
මේ තවත් එක කතාවක් , දවසක් හිඟන්නෙක් ඇවිත් ඇත පෑවම ගෙදර ලොක්ක කිවලු අනේ උන්නැහේ මාරු නැහැනේ දාහක් තියෙන්නේ කියල , ඒ පාර හිඟන මනුස්සය කිවලු මාරු කොරගන්නනම් මගේ ළග සල්ලි තියෙනවා කියල , ඒ පාර ගෙදර ලොක්ක කිවලු හා එහෙනම් රුපියල් සීයක්ම අරගෙන මට නවසීයක් දෙනවා කියල , ගෙදර ලොක්කව විස්වාස කොරල හිඟන මනුස්සය කිවලු එහෙනම් මහත්තයෝ ඔය දාහේ කොලේ මේ මදිස්සලේට දාල මහත්තයම නවසීයක් ගැනල ගන්න කියල මඩිස්සලේ දීල ගෙදර ලොක්ක මහා කපටිය කුණු ලෝබය , දාහේ කොලේ අර මනුස්සයට පෙන්නම දාහේ කොලේ දාල පනහේ කොළ සියේ කොළවලින් මේ මනුස්සය එක්දහස් දෙසියක්ම අරගෙන ඔන්න එහෙනම් මම නවසීයක් ගත්ත කියල සාක්කුවේ දාගෙන , අර අහිංසක මනුස්සය අදටවත් දන්නවද දන්නේ නැහැ කරාපු කැත වැඩේ , කාගේ ඇස් වැහුවත් ගෙදර නොනැගෙන් බේරෙන්න බැහැ කිනවනේ හිඟන මනුස්සය ගියගමන් නෝනා සාකුවට බැහැල සල්ලි ගනින කොට වැඩේ මාට්ටු , අදටත් මතක් වෙන වෙන ගානේ ගෙදර නොනගේන්නම් බේරිල්ලක් නැහැ ගෙදර හොර දෙටුවට , ඔන්න නියම හින්ගන්නේගේ පාත්තරේට වැටුන හෙනහුරා , කොබෙයිගනේ පැත්තේ කාගෙන් හරි අහුවොත්නම් නොදැන ඉන්න විදියක් නැහැ හරිය (අ)
ඇත්තටම මේ නෝට්ටු දෙකම එකවගේ තමයි. එක දවසක් මම කෙනෙකුට දුන්නා රු. 1,000ක් උවමනා දේවල් ගන්න. පස්සේ ඒ අය ආපහු ඇවිත් කිවුවහමයි දැනගත්තේ ඒ දීලා තියෙන්නේ රු.50ක් බව. (නි)
රුපියල් දාහට එක්දහස් දෙසිය පනහක් අරගෙන තියෙන්නේ අපේ පිටබැද්දර ජයා වගේ .(රේ)