IMG-LOGO

2025 දෙසැම්බර් මස 12 වන සිකුරාදා


නෑගම් යද්දී ආරක්‍ෂාවට තැබූ විස්කි බෝතලය හොරෙන් බීලා

අවුරුදු ගමන් යන විට නිවසේ ආරක්‍ෂාවට විස්කි බෝතලයක් තබා යාමේ අපූරු පුවතක් බදුල්ලෙන් වාර්තා වේ.

නිවසේ හිමියා විදේශ රටක සේවය කරන අතර අලූත් අවුරුද්ද පවුලේ අය සමග ගත කිරීම සඳහා බදුල්ලේ පිහිටි තම නිවෙසට පැමිණ ඇත.
අවුරුදු ගමන් යාම සඳහා බිරිය හා දරුවන් සමග සූදානම් වූ ඔහුට නිවෙසේ ආරක්‍ෂාව ගැනත් සිහිපත් විය.

ප‍්‍රශ්නයක් නෑ මම හොඳ වැඩක් කරන්නම්, ඔහු බිරියට කියා ලීටර් එකහමාරේ විස්කි බෝතලයක් සාලයේ මේසය මත තබා පවුලේ අය සමග නෑ ගමන් ගොස් තිබේ.

පැය 4කට පමණ පසු ආපසු නිවෙසට එනවිට නිවසේ දොර විවෘත කර තිබෙනු දුටු නිවෙස් හිමියා වහාම නිවසට ගොස් බලන විට දක්නට ලැබී ඇත්තේ බීමත්ව කටමැත දොඩවමින් පුටු සෙටියේ ඒ මේ අත පෙරළෙන කොලූ ගැටව් දෙදෙනෙකි.

තව දුරටත් පරීක්‍ෂා කිරීමේදී නිවසේ කුස්සියේ දොරේ දොරගුළු කඩා ඔවුන් නිවෙසට ඇතුළු වී ඇති බව ද හෙළිවී ඇත.

ඔවුන් දෙදෙනා අසල්වැසි නිවෙසක ජීවත්වෙන්නන් බව හඳුනාගත් නිවෙස් හිමියා ඔවුන්ගේ මවුපියන් ගෙන්වා දරුවන් දෙදෙනා බරදී තිබේ.

මවුපියන්ගේ ඇණුම් බැනුම් අස්සේ බීමතින්ම නිවෙස් හිමියාගේ හා හාමිනේගේ දෙපා වැඳ සමාව ඉල්ලූ කොලූ ගැටවුන්ට සමාව දුන් ඔහු පිටරට සිට රැුගෙන ආ අලූත්ම කමිස දෙකක් ද දී මීට පස්සේ සොරකම් කරන්න එපා යැයි අවවාද කර ඔවුන් මුදා හළේය.

 



අදහස් (0)

නෑගම් යද්දී ආරක්‍ෂාවට තැබූ විස්කි බෝතලය හොරෙන් බීලා

පහන්දී Tuesday, 22 April 2014 06:09 PM

ගොඩක් හොඳ මනුස්සයෙක්. දියුණුවෙන් දියුණුවට පත් වේවි (නි)

:       0       0

නිලූ විදානගේ සෞදි අරාබිය Tuesday, 22 April 2014 06:51 PM

කොලු කම වගේම,තරුණ හිත් තේරුම් ගන්න පුලුවන් මනුස්සයෙක්. එහෙම නොව්නා නම් ශාන්ති කිව්වා වගේ හිරේ තමා ලැගුම් ගන්න වෙන්නේ.(නදී)

:       0       0

අසෝක Wednesday, 23 April 2014 10:36 AM

අර මොකක්ද කළු සහ සුදු කියල තියෙන බෝතලයක් ලු. ආයුබෝන් ඒක හොඳද ඇත්තටම ආ..... (ස)

:       0       0

නිලන්ති Wednesday, 23 April 2014 11:24 AM

ගෙදර ආරක්ෂාවට වෙන විකල්පයක් තිබිලම නැද්ද මේගොල්ලොන්ට. ආ..... (ස)

:       0       0

ජයවර්ධන Wednesday, 23 April 2014 10:49 AM

මම ඔතනට ආවනම් ඔය බෝතලය ගෙදර අරන් ගිහින් බොනවා. (ස)

:       0       0

අනුපම Monday, 21 April 2014 10:58 AM

හොඳ පුද්ගලයෙක්.(නදී)

:       0       0

පාලිත වීරතුංග Monday, 21 April 2014 10:22 PM

වෙන ප්‍රවෘත්ති නැද්ද ? (ස)

:       0       0

සේරම් Tuesday, 22 April 2014 01:42 PM

අමතක කරන්නඑපා පොල්ගෙඩි කීපයකටත් උසාවිගිය මිනිස්සු ඉන්නවා . චුදිතයගේ අසරණකම තේරුම් අරගෙන නීතියත් ක්‍රියාත්මක කරලා තමන්ම දඩ මුදල් ගෙවපු විනිසුරු වරුත් ලංකාවේ ඉන්නවා . (නදී)

:       0       0

ශාන්ති Tuesday, 22 April 2014 12:10 AM

ඒ මනුස්සයා නිසා හොදයි නැත්නම් අව්රුදු වලට හිරේ තමයි ඉන්ඩ වෙන්නේ.(නදී)

:       0       0

රණතුංග Tuesday, 22 April 2014 01:19 AM

ලංකාවේ,ගෙදර කවුරුත් නැති අවස්තාවක විස්කි බෝතලයක් ගෙයින් පිටතට පෙනීමට තබා යාම යනු, හොරුන්ට " ගෙට එන්න ,ඇවිත් ඇදී ගන්න ,ෂොට් එකක් ගන්න " යනුවෙන් කරන නිහඩ ආරාධනාවකි.(ස)

:       0       0

ජේමිස් Wednesday, 23 April 2014 03:07 AM

මහත්තයෝ මොන බෝතලයක්ද? (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 622 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 525 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 431 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site