IMG-LOGO

2025 ඔක්තෝබර් මස 19 වන ඉරිදා


නංගිගේ නාට්‍ය පිස්සුවෙන් අක්කාට පෙම්වතා අහිමිවෙලා

නංගිගේ නාට්‍ය පිස්සුව නිසා අක්කාගේ පෙම් සබඳතාවට කණ කොකා ඇඬීමේ පුවතක් අසන්නට ලැබුණේ පානදුර ප‍්‍රදේශයෙනි. සෞන්දර්ය පීඨයේ ඉගෙනුම ලැබූ මේ නංගී කටකාරය. අක්කා අහිංසකයි. විවාහ විය යුතු වයස ඉක්මවා සිටි අක්කාට හදිසියේ පෙම්වතකු හමුවූයේ තම කාර්යාලයේදීමයි. ලාබාල වියේ සිටි ඔහුට අක්කා සිය නිවසට එන ලෙස ආරාධනා කළ විට ඔහු ආවේ කුලෑටි ගතියකිනි. ඔහු සමඟ මඳක් කතා කළ ඇය තේ සංග‍්‍රහය සැකසීමට ගෙට ගියාය. මේ වනවිට ඉදිරිපස කාමරයේ යෙහෙළියක සමඟ සිටි නංගී ”කපුවා කපෝති” නාට්‍යයක රඟපෑමේ යෙදී සිටියාය. ”හෙමිජ්ජ වගේ හිටියට මනමාලකම ඔළුවට ගහල. උඹට ලජ්ජා නැද්ද මිනිහො” ඇය දෙබස උස් හඬින් කීවේ අමුත්තකු පැමිණි බව නොදැනයි. යෙහෙළියද සිනාසුණාය. අක්කා තේ රැුගෙන සාලයට එනවිට ඔහු එහි නොවීය. පසුවදා කාර්යාලයට ගිය විට ඇයට දැන ගන්නට ලැබුණේ මේ සබඳතාවට නැවතීමේ තිත තබා ඇති බවලූ.



අදහස් (0)

නංගිගේ නාට්‍ය පිස්සුවෙන් අක්කාට පෙම්වතා අහිමිවෙලා

කුමාරගේ Sunday, 07 October 2012 02:49 PM

අපිට කරන්න යමක් තියෙනවද කියන්න. (නි)

:       0       0

පිටිගල මිලානෝ Friday, 05 October 2012 06:25 PM

මේකත් හතර බීරි කතාවක්නේ.. ඔහොම බලකොට මේ ගෙදරට ඕනම කෙනෙකුට යන්න පුළුවං කවුරුවත් දන්නේ නැහැනෙ..!(නු)

:       0       0

පිටිගල Friday, 05 October 2012 11:12 AM

ප්‍රශ්නයක් නැහැ. ලිපිනය දෙන්නකෝ. අපි අක්කා නගෝ දෙන්නවම ඉතාලියට ගෙන්වමු නාට්‍ය රගදක්වන්න. (නි)

:       0       0

අමිල කටුනායක Wednesday, 03 October 2012 07:31 PM

නංගිල පනින රිලවට ඉනි මං තියලා (නු)

:       0       0

පීරිස් Thursday, 04 October 2012 09:21 AM

නංගි නිසා අක්කා ගොඩ ගියා.. හොයා බලන්නේ නැතිව වැඩ කරනන අයෙක් සමග දීග කන් බැහැනේ.. නංගිට පිං දෙන්න අක්කා..!(නු)

:       0       0

තරංගි Thursday, 04 October 2012 10:14 AM

මෙහෙමත් බොරු ...මෙහෙම දේවල් සිද්ධ වෙන්නේ නෑනේ (ස)

:       0       0

චානක Wednesday, 03 October 2012 02:30 PM

හිනා කාලා මැරෙනවා ඒකටනම් (ස)

:       0       0

සංජු Wednesday, 03 October 2012 09:39 AM

තොප්පිය හරියටම මැච්වෙන්න ඇති එකයි යන්න ඇත්තේ (ස)

:       0       0

චන්දි Wednesday, 03 October 2012 02:34 PM

ඇයි මෙච්චර බොරු කියන්නේ (ස)

:       0       0

රන්දික Thursday, 04 October 2012 10:34 AM

අනේ ඇයි මෙහෙම බොරු කියන්නේ (ස)

:       0       0

ජයන්ත Tuesday, 09 October 2012 01:13 AM

මෙහෙම දේවල් බලලා අපිටත් එපා වෙනවා. (නි)

:       0       0

පනාගොඩ Saturday, 06 October 2012 01:11 PM

ලපිනය කිව්වනම් අපිටත් ගිහින් බලන්න තිබුණා ඇත්තද බොරුද කියලා (ස)

:       0       0

වරුණ Wednesday, 03 October 2012 10:11 AM

ඕක ඇත්තක් වෙන්න පුලුවන්.(නදී)

:       0       0

චන්ද්‍රසිරි Wednesday, 03 October 2012 02:44 PM

සුරංගනා කතා තවත් නොකියනු මැන මට (ස)

:       0       0

රේනුකා Thursday, 04 October 2012 11:20 AM

අනේ බොරුද කොහේද? (නි)

:       0       0

සරත් Wednesday, 03 October 2012 10:37 AM

ඇත්තනේ.... (ස)

:       0       0

හේමන්ත Wednesday, 03 October 2012 10:40 AM

නාට්‍යය කෙසේ වෙතත් මේ නංගිට උගන්වන්න ඕනි වටේ පිටාව ගැන අවධානයෙන් ඉන්න මෙහෙම ගියොත් එයා කපෝති වෙන දවසත් වැඩි ඈතක නෙවෙයි (ස)

:       0       0

කමල් Wednesday, 03 October 2012 10:44 AM

මුළු නාට්‍යයෙන්ම කියල තියෙන්නේ එක වැකියයි. (ආපු ගමන්ම තේ හදන්න යන්නේ නැනේ ) මාර නාට්‍ය පුහුණුවක්. අනිවරියයෙන්ම ඉරිසියාවට කරපු වැඩක්. (ස)

:       0       0

උෂාන් Sunday, 07 October 2012 11:18 AM

මට නම් පේන්නෙ නංගිට අර අයියව සෙට් වෙයි වගේ.තව ටික දවසකින් අරංචි වෙයි නංගි අයියා එක්ක පැනලා ගියා කියලා. (ස)

:       0       0

ස්ටැල්ක් Wednesday, 03 October 2012 11:07 AM

කියන හැටියට අක්ක විවාහ විය යුතු වයස ඉක්මවා සිටි, පෙම්වතා ලාබාල වියේ සිටි.... අනිත් එක මෙවැනි අමුත්තෙක් එනකොට ගෙදර අනිත් අයවත් දැනුවත් කර තියනවා නේ ද. මේක ඇත්ත කතාවක්ද කියා සැකහිතෙනවා (ස)

:       0       0

කිත්සිරි Thursday, 04 October 2012 04:07 PM

මේක බොරුවක්, නැත්නම් අතිශයෝක්තියක් (ස)

:       0       0

රුවන් Thursday, 04 October 2012 04:09 PM

මොනවද මේ තිහගොඩ උපසේන අයියා ලියන්නේ? (නි)

:       0       0

සුසිල් Thursday, 04 October 2012 04:16 PM

විශ්වාස කරන්න අමාරුයි. (ස)

:       0       0

රවීන්ද්‍ර Tuesday, 09 October 2012 08:11 AM

මේකනම් මහම මහා බොරුවක් .(ස)

:       0       0

සංජු Wednesday, 03 October 2012 11:33 AM

විශ්වයම රග මඩලකි. අපි එහි නළුවෝ.

:       0       0

සනත් Friday, 05 October 2012 02:49 AM

මේක නංගි හිතලම කරපු දෙයක්. (නි)

:       0       0

දයා, සෞදියේ සිට Wednesday, 03 October 2012 11:34 AM

මේක ඇත්ත සිදුවීමක් නෙමෙයි නේද ? (ස)

:       0       0

සේනානායක Wednesday, 03 October 2012 11:33 PM

දැන් කාලේ මේ වගේ බබාලත් ඉන්නවද? (නි)

:       0       0

සමන්ත Wednesday, 03 October 2012 12:00 PM

පොඩ්ඩක් හිතන්න මේ වගේ දෙයකට දාලා යන පුද්ගලයෙක් නොලැබුණ එක කොයිතරම් වාසනාවක්ද?(නු)

:       0       0

මිලාන් Wednesday, 03 October 2012 12:04 PM

ගෑණුන් දන්නේ නැහැ ඔවුන් කතා කරන්නේ මොනවද කියලා. (නි)

:       0       0

නිරන් Wednesday, 03 October 2012 12:00 PM

ඇයි මෙච්චර බොරු කියන්නේ (ස)

:       0       0

ශ්‍රියානි Wednesday, 03 October 2012 04:30 PM

හිතාගන්න බෑ නේද ? (ස)

:       0       0

ජයී තිසර Thursday, 04 October 2012 01:42 AM

සොබා දමින් අපට ලැබුණු කන් දෙකකින් හුඟක් අසනු එක කටකින් ටිකක් කියනු පනින්න පෙර සිතා බලනු... (නි)

:       0       0

රිස්වාන් - සවුදි Friday, 05 October 2012 08:32 AM

මේක නම් බොරු කතාවක්. අක්කගේ කොල්ලා ගෙදර එන බව නංගි දන්නේ නැද්ද? (නි)

:       0       0

නිමල් Wednesday, 03 October 2012 12:29 PM

බොරු කතාවක් අනේ ............අපිටත් පිස්සු හැදෙනවා.. (ස)

:       0       0

සුජිත් කේ. Wednesday, 03 October 2012 05:04 PM

ගෙදරට මනමාලයෙක් එනවා කියලා නංගි දැනගෙන ඉදලා නැහැ කියන්නේ එයාට කියලා නැතිද?(නු)

:       0       0

සන්ජි Wednesday, 03 October 2012 12:34 PM

බොරු නැත්නම් මරු ... (ස)

:       0       0

දිල්ෂාන් Wednesday, 03 October 2012 12:49 PM

අනේ පව් කසාදේ (ස)

:       0       0

මානා Wednesday, 03 October 2012 05:17 PM

මනමාලයා නංගිව අරන් ගියා කියලා තිබුණනම් තවත් හොදයි..!(නු)

:       0       0

ප්‍රනාන්දු Thursday, 04 October 2012 03:42 AM

අමාවකට පායන සඳ ලස්සනයිද කියන්න.... (නි)

:       0       0

කුමාරි Wednesday, 03 October 2012 05:30 PM

නංගිට මේ වාක්‍යය කියන්න මේ මනුස්සයා එනකල්ම ඉන්න ඔන උනාද?(නු)

:       0       0

රසික Thursday, 04 October 2012 04:10 AM

බොරුවක්ද කොහෙද? (නි)

:       0       0

තිහගොඩ Wednesday, 03 October 2012 05:32 PM

මේක සත්‍ය සිදුවීමක්ද?(නු)

:       0       0

දොන් Thursday, 04 October 2012 06:58 AM

මේ වගේ දේවල් බලලා අපිටත් පිස්සු වගෙයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1027 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1061 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 413 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site