IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


නාග දෝෂය නැති කරන්න ගෙට රත්තරන් නාගයෙක් ඇවිත්

තමන්ට වැසී තිබෙන නාග දෝෂය ඉවත් කර  ගැනීම සඳහා  නිතර  ගෙවත්තට  පැමිණෙන නාගයා තම නිවසට පැමිණ  එකවර රත්ත්‍රන්  නාගයකු වීමේ  පුවතක් දෙනියාය  ප්‍රදේශයේ වතුකරයෙන් ප්‍රචාරය වීමත් සමග එය නැරඹීමට විශාල පිරිසක් එම වතුකරයට ගිය පුවතක්  විහාරහේන හාල්පන්තැන්න  ප්‍රදේශයෙන් වාර්තා වේ.  සිද්ධිය සැකවින් මෙසේය.


එම කාන්තාවගේ ශරීරයට නාග දෝෂයක් වැසී ඇති බැවින් එය ඉවත් කර ගැනීමට නම් තමන්ට හීනෙන් පවසා ඇත්තේ විශාල පිරිසක් තම නිවසට ගෙන්වා තමන් වාසය කරන භූමිය පෑගීම තුළින්  එම දෝෂය ශරීරයෙන් ඉවත් කරගත හැකි බවය. නිරන්තරයෙන්ම නාගයන්ට මෙම කාන්තාව විසින් මල් පහන් පූජා කරන අතර ඇය ආවේශ වූ විට නාගයකු සේ  හැසිරෙන  බවද පැවසේ. 


මේ සඳහා උපක්‍රමයක් යෙදූ නිවැසියන් සිදුකළේ තමන්ගේ ගෙවත්තට  නිතර පැමිණෙන නාගයා  ඔවුන් වන්දනාමාන කරන ස්ථානයේ රත්ත්‍රන් නාගයෙකු  ලෙස තැන්පත් වී සිටින බවට ප්‍රචාරය කිරීමයි. මෙය දැක බලා  ගැනීමට විවිධ ප්‍රදේශවලින් දමිළ ජනතාව විශාල පිරිසක් එම ස්ථානයට ගොස්  එම නාගයාට වන්දනාමාන කරන ආකාරය ද  දක්නට ලැබුණි.


පසුව මේ සිද්ධිය සොයා බැලීම සඳහා  ආරක්ෂක අංශ මෙන්ම මාධ්‍යවේදීන්ද එම ස්ථානයට ගොස් නිරීක්ෂණය කිරීමේදී දැකගත හැකි වූයේ  එය රත්ත්‍රන් නාගයෙකු නොව ලෝහවලින් සාදා මිලදී ගත් නාගයෙකු බවත්ය. කෙසේ වෙතත් තවමත් එම කාන්තාවට එම නාග දෝෂය  ඒ ආකාරයෙන්ම පවතින බව පැවසේ.
(දෙනියාය විශේෂ එස් .ඩී .කොඩිකාර )

 



අදහස් (0)

නාග දෝෂය නැති කරන්න ගෙට රත්තරන් නාගයෙක් ඇවිත්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 743 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 566 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site