(මීරිගම විශේෂ - පුෂ්පකුමාර මල්ලවආරච්චි)
හුදකලාව දිවි ගෙවන කාන්තාවක් දිවා ආහාරය පිළියෙළ කරමින් සිටියාය. බත්මුට්ටිය ලිපේය. පොල් ගාගත් ඇය සිටියේ කරවල කපමිනි.
යාබද නිවසේ කාන්තාව ඇයට කතා කළාය. අක්කේ සමුපකාරේ අල කිලෝ දෙක ගානේ නොමිලේ දෙනවා ගේන්න යන්නේ නැද්ද ඇය ඇසුවාය.
අල්ලපු ගෙර නැගනියගෙන් ලත් තොරතුරු අනුව ඇය දොර අඩවල් කර පාර දෙසට ගියේ ගමේ කෙළවර පිහිටි සමුපකාරයට යන ආකාරය පිළිබඳව කල්පනා කරමිනි.
කුලී ත‍්‍රිරෝද රියකට කතා කරගත් ඇය ඇඳ සිටි ඇඳුම පිටින්ම සමුපකාරය බලා ගියේ බත් මුට්ටිය ලිපේ තිබෙද්දීය.
පැයකටත් වැඩි වේලාවක් පෝලිමේ සිට අල කිලෝ දෙක අරගත් ඇය ත‍්‍රිරෝද රියට රුපියල් සියයක් ගෙව්වාය.
ඇය නිවසට ගොඩ වෙද්දී අඩවල් කර තිබූ දොර විවෘත කර තිබිණි. කරවල මුට්ටිය පෙරළාගෙන කන බල්ලකු දුටු ඇය කෑගැසුවාය. කරවල කූරියා ඩැහැගත් බල්ලා පලා ගියේය. බත්මුට්ටිය රොස්වී තිබිණි.
කුසගිනි දැඩිය. ඇය ළඟම කඩයට ගොස් බත් පාර්සලයක් ගෙනාවාය. රුපියල් සියයක් වටිනා අල කිලෝ දෙකක් නිසා ඇය රුපියල් හය සියයක පමණ පාඩුවක් ලබා තිබිණි.
මගේ කලබලේ නිසා වෙච්චි වින්නැහියට මක් කරන්නදැයි සිතාගත් ඇය නිවී සැනසිල්ලේ රාත‍්‍රී ආහාරය සකස් කරන්නට වූවාය.
2025 ඔක්තෝබර් මස 08
1269
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1223
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
445
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
නිකම්දෙන අල කිලෝ 2ක ගේන්න ගිහින් 600 කට තට්ටුවෙලා
සහන් Monday, 13 October 2014 10:30 AM
නෑසියෝ කිසිත් නැත දුක සතුටෙහි ඉන්න...එනිසයි තනිවුනේ සමගින් දුක් ගොන්න ... නැතිවුණු බොහෝ දේ ඇතිමුත් ලතවෙන්න......නිහඩව දරාගෙන යමි සසරේ ගමන....(හේ)
අර්ශා Tuesday, 14 October 2014 03:45 AM
නිකන් වහ දෙනවා කිවුවත් අපේ අය දුවලා යයි (නි)
සියාතු Tuesday, 14 October 2014 03:07 PM
නිකන් දෙන්නේ ඒ වගේ නිසයි.(හේ)
සරත් Monday, 13 October 2014 05:42 AM
ටිකක් සංවේදී කතාවක්. ඇත්තටම දුක හිතුනා. (නි)
රුවන් Monday, 13 October 2014 06:26 AM
අපේ අය නිකන් දෙයක් දෙනවනම් කුණු ගොඩක්හරි ගෙදරට ගනී.(හේ)
අජිත් Monday, 13 October 2014 02:28 PM
ඇත්තටම හරිම දුක හිතෙන කතාවක්. සහන්, ඔයාගේ කවිය හරිම ලස්සනයි. (නි)
සරත් Friday, 17 October 2014 04:29 AM
අල කනවා නම් කන්නකෝ, දේශීය අල වර්ග තියෙන්නේ ඕනෑතරම් (නි)
ලලනි Monday, 13 October 2014 08:26 AM
නිකන් දෙන හැමදේම එහෙම තමයි.(හේ)
ශාන්ති Monday, 13 October 2014 07:31 PM
කාලෙකට පසුව සහන්ගේ කවියක් දැක්කා . (නි)
රෙජි-සිඩ්නි Tuesday, 14 October 2014 12:33 AM
මේ කාන්තාවන් හැම දෙයකටම ඉක්මන් වෙනවානේ. ටිකක් හෙමින් ඔය දේවල් කළා නම් හොඳ අල හොද්දක් හදලා කරවල එක්ක බත් ටිකක් කන්න තිබුනා. (නි)