IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


නෑකමත් නැතිවන තේ කෝප්පයක්

සියනෑවේ නෑ පිරිසක් තන්තිරිමලේ නෑගෙදරකට නෑගම් ගියේ හදිසියේය. නෑ පිරිස නිවෙසට පැමිණි විට ගෙදර හිමිකාරියට හොඳටම වැඩ වැඩි විය. තේ සෑදීම, ආහාර පිළියෙළ කිරීම ඇතුළු තව බොහෝ දේ ඇයට පැවරුණි.

ඒ අතරේ වැව්මාළු වෙළෙන්දාද පැමිණියෙන් ඇයට මාළු මිලදී ගන්නටද සිදුවිය. අක්කලා ආ එක නම් හරිම හොඳයි. ඒ වුණාට මහත්තය අනුරාධපුරේ ගිහිල්ලා. එයා තව ටිකකින් ඒවි. මම තල අලුවත් හදල තිබ්බා. ඒවා දැනට රස බලන්නකො. අනේ නෑනො වතුර කේතලේ ළිපේ තේ ටික හදන්නකො ගෘහනිය නෑගම් ගිය නෑනාටද වැඩක් පැවරුවාය. නංගි තියෙන වැඩක් කරගන්න මම තේ හදන්නම් නෑනාද වැඬේ බාර ගත්තාය. නෑයෝ තල අලුවා කෑහ. තල අලුවා රසම රසයි පිරිස තල අලුවා දෙක තුන කද්දී සියනෑවෙන් ගිය නෑනා තේ හදාගෙන ආවාය. කට්ටියටම තේ පිරිනැමුණි. සීනි වැඩිය දැම්මෙ නෑ. අළුව කාපු නිසා ඇය කීවාය. නෑ ගමන ගිය වාහනයේ රියැදුරු චූටි නම් විය. මුලින්ම තේ බීවේ ඔහුය. තේවල සීනි දාලා නම් නෑ. ලුණු දාලා වගේ ඔහු කට ඇඹරුවේය. අනෙක් අයද තේ බොන්නට ගෙන කටවල් ඇදකර ගත්තේ ලුණු රසය ඉසිලිය නොහැකි නිසාය. දැන් ලොකු කලබලයකි. නෑනා සීනි දාලාද තේ හැදුවේ ගෘහනිය ඇසුවාය. ඔව් අර රතු බෝතලේ සීනි දැම්මෙ. අනේ නෑනො ඒකෙ තිබුණෙ ලුණු කුඩුනෙ සුදු බෝතලේනෙ සීනි තිබ්බෙ. නෑනලා වරද නිවරද කළාට ලුණු දැමූ තේ බිව්වෝ දැඩි අපහසුතාවට පත්වූහ.

(දූනගහ බටේපොල විජයසිරි) 

 



අදහස් (0)

නෑකමත් නැතිවන තේ කෝප්පයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 78 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 877 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 616 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site