IMG-LOGO

නිකං ලැබුණු තේ එකට සීනි හැඳි පහක්ම දාගෙන

මාතර දිසාවේ පිහිටි උපනගරයකට කුරුඳු මිටියක් විකිණීම සඳහා පැමිණි තරුණයෙකි. කුරුඳු මිටිය විකුණා වෙළෙඳසලෙන් එළියට පැමිණි ඔහුට පැරැුණි පාසල් මිතුරකු කලකට පසු මුණගැසිණි. දෙදෙනා ටික වේලාවක් ආගිය තොරතුරු කතා කළහ.

තමා ප‍්‍රධාන නගරයක පෞද්ගලික ආයතනයක අලෙවි විධායකවරයකු ලෙස සේවය කරන බවත් එහි අවශ්‍යතාවකට මෙහි පැමිණි බවත් නගරයෙන් පැමිණි මිතුරා ප‍්‍රකාශ කළේය.

ගමේ මිතුරා කලකට පසු හමුවූ මිතුරාට තේ බීම සඳහා යාමට ඇරයුම් කළේය.

”තේ ද මචං, තේ නම් මම බොන්නෙ බොහොම අඩුවෙන්.” ඔහු අදිමදි කළේය. ”ඇයි මොකෝ, උඹට සීනිද?” ගමේ මිතුරා ඇසීය. ”නෑ ... නෑ ..., එහෙම අවුලක් නෑ, ඒ වුණාට අපේ තාත්තට සීනි තිබ්බ නේ.” යැයි කී ඔහු ”හා යමු යමු” කියා ආරාධනාව පිළිගත්තේ කලකින් හමුවූ මිතුරාගේ ඉල්ලීම ඉවත දැමිය නොහැකි බවද කියමිනි.

දෙදෙනා අසළ පිහිටි ආපන ශාලාවකට ගොඩවූහ. ගමේ මිතුරා තේ දෙකක් ඇනවුම් කළේය. කුඩා තේ පැකට්ටු දැමූ උණු වතුර කෝප්ප දෙකක්ද සීනි බඳුනක්ද සමඟ මේසය මතට ලැබිණ.

තේ බීමට එතරම් කැමැත්තක් නොදැක්වූ මිතුරා තම තේ කෝප්පයට පුරෝපු සීනි හැඳි පහක්ම දමා ගන්නවා දුටු ගමේ මිතුරාගේ ඇස් උඩ ගියේය.
”අනේ අනේ නිකං හම්බු වෙනව නම් පරංගිත් හොඳයිලූ නේ” කියමින් බිල ද ගෙවා දමා ගමේ මිතුරා යන්නට ගියා ලූ.



අදහස් (0)

නිකං ලැබුණු තේ එකට සීනි හැඳි පහක්ම දාගෙන

අජිත් Monday, 07 July 2014 03:24 PM

අන්න පේනවා නේද ගමේ මිනිස්සු ලග තියෙන ආගන්තුක සත්කාර කොහොමද කියල. ඕව නගරේ අයට තේරෙන්නේ නැහැ. (නදී)

:       0       0

ප්‍රනීත් Monday, 07 July 2014 10:27 AM

අපේ ගොඩක් අයට නිකන් කන්න හම්බ වෙනවා නම් වහ හරි කනවා, මොකද නිකන්නේ දෙන්නේ. (නදී)

:       0       0

මර්වින් Wednesday, 09 July 2014 07:32 AM

හරියට අපිට සීනි ඇමති කෙනෙක් ඉන්නව වගේනේ කතාව (නදී)

:       0       0

ලක්ෂපාන Tuesday, 08 July 2014 01:44 PM

ගමට ගිහින් ගමේ යාළුවො එක්ක තේ එකක් බොන්න ඇත්නම්? (අ)

:       0       0

පහන්දී Tuesday, 08 July 2014 11:46 AM

මමත් උදේ තේ එකට සීනි හැඳි 5ක් දානවා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 546 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 328 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 492 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site