මත්පැන් පානය කළ පුතු මවට දැන ගැනීමට නොහැකි වන්නට විෂ දළඹුවන් සහිත කොට්ටම්බා කොළත් කා රෝහලේ ගතවීමේ සිද්ධියක් පස්දුන් කෝරලයෙන් වාර්තා විය.
පස්දුන් කෝරලයේ පිටිසර ගම්මානයක මංසන්ධියේ පිහිටි කොට්ටම්බා ගස යටට දිනපතා සවසට එකතුවන මිතුරන් පිරිසකි. එදිනෙදා සිදුවන වැදගත් දේ මෙන්ම ඕපාදූප ද කතා කරමින් සිටින මිතුරන් අතර හිටි ගමන් අතුරුදන් වන මිතුරෝ පිරිසක් ද සිටිති.
ඒ අසල ඇති නෝනාගේ කඩයෙන් කටගැස්මක් ඔතාගන්නා ඔවුන් ළඟම ඇති තේ වත්තට රිංගන්නේ හීනියට අඩියක් ගැසීමටය. මිතුරන් අතර සිටින රවි පියා අහිමිව මව සමග ජීවත්වන අවිවාහක තරුණයෙකි.
රැකියාවෙන් ලබන මාසික වැටුප ද මවට දෙන්නේ ඔහුට තම අම්මා හැර අන් අයකු නැති නිසාය. මවගේ වචනයෙන් පිට කිසිදු වැඩක් නොකරන රවි මිතුරන් සමග එකතු වී පොඩි අඩියක් ගැහැව්වත් සිය මවට නම් කිසිසෙත් දැන ගැනීමට ඉඩ නොතබයි.
මෙදින ටිකක් සැරට ගන්නට සිදු වූ ඔහු අසල ඇති කොට්ටම්බා ගසෙන් ළපටි කොළයක් කඩා කටේ ඔබා ගත්තේ මත්පැන් ගද මවගෙන් වසන් කිරීමටය. මිතුරන්ගෙන් සමුගත් ඔහු නිවසට ගොස් නින්දට වැටුණේය. ටික වේලාවකින් ඇහැරුණේය. කට වටේට වේදනාවක් දැණිනි. වහාම පරීක්‍ෂා කර බැලීමෙ දී කට ඉදිමි ගෙඩි දමා තිබිණි. වහාම මවට දැන්විය. බියට පත්වූ මව ත්‍රිරෝද රථයක් ගෙන්වා රෝහලට ගියේය. වෛද්‍යවරයා රවිගෙන් ඒ ගැන විමසුවේය. මොකක්ද වුණේ. මවත් ඒ අසලය. රවිට ඇත්ත කියන්නට සිදුවිය. හා එහෙනම් අනිවාර්යෙන්ම කොට්ටම්බා කොළයේ විෂ දළඹුවෙක් ඉඳල තියනවා. ඔහුට ප්‍රතිකාර කෙරිණි. නමුත් රෝහලෙන් එළියට ආ ඔහුට සුපුරුදු ඉදල් පාර නම් ඉවසා සිටින්නට නොහැකි විය.
(බුලත්සිංහල විශේෂ ලක්මි කුඩලිගම)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේම වැඩක් මෙගේ යාලුවෙක්ටත් වුණා. එයා අතේ සිගරට් ගද යන්න පාරේ ගස් වල කොළ අතේ පොඩි කරගන්න පුරුදු වෙලා හිටිය. දවසක් මිනිහ ගෙදර ගියාට පස්සේ අත් කසනන්න අරන් ඉදිමිලා. බැලුවම මිනිහ එදා පොඩි කරලා තියෙන්නේ කහඹිලියා කොළ.
මත්පැන් කියන්නේ මුළු රටම වෙලාගෙන එහි මිනිසුන් විනාශ කරන රකුසෙක් බව අපි තේරුම් ගන්නේ කවදාද? මත් පැනේ ආදීනව වෙනුවට දැන් ඇහෙන්නේ එහි තුරු පල වලින් මතු වන විහිළු කතා පමනයිද? රටකට ගිය කල?