විරිදු සුරල් ගැයූවකුට බසයේ දී දුන් රුපියල් දහයේ කාසිය ආපසු අතට දී ”මේක තමුසෙම අරගෙන යනවා”යි පැවසීමේ සිදුවීමක් පසුගියදා පැලවත්ත ප‍්‍රදේශයෙන් දැනගන්නට ලැබිණි.
රැුකියාවට ගිය මහත්මයකු නිවෙස බලා යමින් සිටියේ බස්රියෙනි. අතරමගදී විරිදුකරුවෙක් බසයට ගොඩවූයේය. විරිදු සුරල් වයමින් බසයේ මගීන් විනෝදයට පත්කරන්නට ඔහු සමත් විය. මහත්මයා ඊළඟ නැවතුමේ බැසීමට සූදානම්ව නැගිට්ටේය. සීනුව නාද කෙරිණි. සාක්කුවට අත දැමූ ඔහු රුපියල් දහයේ කාසියක් අතට ගෙන විරිදුකරු අත තැබුවේ හද පිරි සොම්නසිනි.
විරිදුකරු රබාන පසෙකලා අතබැලීය. රුපියල් දහයේ කාසිය යළි ඔහු අතට දුන්නේය. තමුසේ මේකත් අරගෙනම යනවා, කී ඔහු සෙසු මගීනට රබාන පෑවේ වැඩි ගණනක් ලබාගනු පිණිසය. විරිදුකරුගේ වදන් සවන් වැකුණු සෙසු මගීන් නිසොල්මනේ සිටීම නිසා හිස් අතින්ම ඊළඟ නැවතුමේ දී බැස ගියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිලූ - විකාර අදහස් පල කරන එක නතර කරපු එක ලොකු දෙයක් .ලංකාදීප බලන්නත් එපා වෙලා තිබුනේ . (දී)
ඔයවගේ විරිදු කාරයෝ බස්වලට ගොඩකර ගැනිම බස්රථවල දුමිරියේ හිඟාමන් යැදිම සමි පුර්ණයෙන්ම නතරකිරිමට නිතිමය පියවර ගතයුතුයි (ඒවගේම රියදුරැ මහතුන්ද කොන්දොස්තර මහතුන්ද වගබලාගතයුතුයි මෙවැනි හිඟමන් යදින්නන් තම බස්රථ වලට ගොඩනොකර ගැනිමට" (අ)
මෙහෙමයි, එසැණ කියන්නේ හැමටම පොදු තැනක්. එසැණ ඇතුලේ කල්ලි මවා ගන්න ඉඩ නොදී හැමටම එක විදියේ සම ස්ථානයක් ලබාදීම ගැන මම එසැණට නොවක්ව ස්තුති වන්ත වෙනවා (අ)
මේ සිද්ධියෙන් අපට ඉගෙන ගන්න තියෙන පාඩම මෙතෙක් රට පාලනය කරපු හැමදෙනාම රට හිඟන බාවයට පත්කර ඇති සැටියයි.. මේ විරිදු කාරයා කළ වැඩේ හරිද වැරදිද කියල තීරණය කරන්න සිදුව ඇත්තේ දරුණු ලෙස බාල්දුවී ඇති රුපියලේ වටිනාකමට සාපේක්ෂවයි. (අ)
දැන් රටේ ඉන්න හිගන්නන් ගැනත් විමර්ශනයක් කරන්න ඕන. හොදම ලේසිම රැකියාව.ඔක්කොම හොරුයි කපටියි අහින්සකයින්ගෙන් කඩා වඩා ගන්නා මේ ක්‍රමය නැවැත්විය යුතුමයි. (දී)
කොහොම උනත් අපේ ඇමති තුමෙක් විශ්‍රාම ගියාම කරනවයි කියන රැකියාවට ඔයිට වඩා සලකන්න තිබුනා (දී)
1000 කොලයක් දුන්නනම් හරිනේ (දී)
අපි පහුගිය දවස්වල එසැනට විරිදු,කවි විහිළු කතා ලිවේ නොමිලේම කියවා හිනා වෙන්නත්, සතුටු වෙන්නත් , අනුන්ගේ සතුට බලා ඉන්න බැරි කුහක පිරිසක් ඒක නතර කළා., සතුටින් පිරුන එසැන.., බුමි පාළුවක් කළා දැන් ඉතින් විරිදුවක් අහන්න රුපියල් 10ක් දීලත් බැරි වෙලා ., පව් කියලත් හිතෙනවා....? (දී)
විරිදු කාරයින්ට සල්ලි දෙන්න එපා. කම්මැලියෝ අත පය වෙහෙසලා වැඩක් කරන්න බැරිද. ආබාධිතයින්ට හැකි උපකාරයක් කරන්න. (නදී)
ලද පමණින් සතුටු වෙන්න බැරි නිසා ඔහොම දේවල් වෙනවා. පාඩමක් ඉගෙන ගන්න ඇති. ලැබුණු කිය හරි සතුටින් බාර ගෙන යන්න.(නදී)
බස් රථයකදී පොත් මිලදීගත්තත් ඔබගන්නේ පොත් පමණක්ම නොව විෂබීජ බව ඔබ නොදන්නේද ? විරිඳු කාරයන් හෝ සින්දුකියන්නන්ට මුදල් දීමේදී ඔබ දෙන්නේ මුදල් පමණක්ම නොව සිඟන්නන් බෝකිරීමක් බව ඔබ නොදන්නේද ? කල්පනාකාර බලන්න .සිගන්නන්ට මුදල් දීමේදී ඔබ මුදල් දෙන්නේ කෙමට නොව කුඩු මිලදීගැනීමට බව ඔබ නොදන්නේද ? (දී)
රුපියලකින් බැහැ පින්වත අද කාලේ වැඩක් ගන්න....ඒ හින්දයි ඩීන්ගිත්තක් උනේ මටත් කෝප ගන්න.....දහයේ කාසියක් කියා දැනගත් විට බැහැ හැරෙන්න....මගේ කට ගැන කෝප වෙමින් යනවා මම බැහැල ඔන්න..... (දී)
මම නිවාඩු වලට ලංකාවට ගියාම මේ වගේ ගනුදෙනු වලදී බොහොම ප්‍රවේසම් වෙනවා. මොකද මම ලංකාවෙන් පිටරටට සංක්‍රමණය වෙනකොට හිගන්නෙකුට දුන්නේ සත 25 හෝ ඊට පහල ගණනක්. එතකොට ඩීසල් රු. 8.11 යි. පැට්‍රොල් රු 25. යි. බත් එකක් රු 8-10 පමණ. කොට්ටාව පිටකොටුව බස් ගාස්තුව රු. 3.යි මේ කියන්නේ මීට අවරුදු 22 කට ඉහත කාලය.(නදී)
කිසිම හිගන්නෙකුට මුදල් දීමෙන් වැළකීම තමා නුවනට හුරු. ඒ ඇත්තන්ට රිදීගම සියලු පහසුකම සහිත බෝඩිමක් රජයෙන් හදලා තියෙන්නේ.. (දී)
අත පය හොදට තියන කිසිම හිගන්නෙකුට කිසිම දවසක හිගමන් දෙන්න එපා (දී)
මිනිස්සුන්ට දෙන්නපුළුවන් තරම තමයි දෙන්නේ (දී)
රුපියල් 10ට විරිඳු කියපු කාලේ ගියා (දී)
චන්දි අක්කේ මල් මිටක් අදහසට..!!! (දී)
රුපියලක් කියලා රැවටෙන්න ඇති (දී)
විරුදුවක් කිව්වාම රුපියල් 1000ක් විතර ගන්න පුලුවන්ද? (දී)
චන්දි අක්කේ මල් මිටක් අදහසට..!!!(දී)
මෝඩ ගැහැනු ඉන්නකම් ඔය රස්සාවට වරදින්න විදිහක් නැහැ.(නදී)
''දෙයියෝ සාක්කි'' (ත)
මේ සිද්ධියෙන් අපට ඉගෙන ගන්න තියෙන පාඩම මෙතෙක් රට පාලනය කරපු හැමදෙනාම රට හිඟන බාවයට පත්කර ඇති සැටියයි.. මේ විරිදු කාරයා කළ වැඩේ හරිද වැරදිද කියල තීරණය කරන්න සිදුව ඇත්තේ දරුණු ලෙස බාල්දුවී ඇති රුපියලේ වටිනාකමට සාපේක්ෂවයි. (අ)
මම ගොඩ දවසක ඉදන් බලන් හිටියෙ. නදිට ඔන වෙල තියෙන්නෙ ලොකුකම කියවන්න. "අපි ඉන්නෙ රට" ඒ උනට අයි පි එක ලoකාවෙ. හි හි හි. . . . (දී)
හිඟන්නන් පාලනයට ඇමතිවරයෙකු පත්කර ඔවුන්ගේ රැකියා සුරක්ෂිත කලයුතුයි. අලුතෙන් එකතුවන්නන් අදාල අමාත්‍ය වරයාගේ නිර්දේශය සහිතවම සේවයට එක්කල යුතුයි . (ත)
විරිදු වලින් රස විදින්න.. රැපියල් දහයක් මොකටද? අනේ ඔයා තියාගන්න -මම දෙන්නම් තව දාහක් -ගෙදරට බඩු ටිකත් ගන්න !(දිල්)