IMG-LOGO

2025 නොවැම්බර් මස 01 වන සෙනසුරාදා


දොස්තරගේ කෙරුවාව අමුතු තාලෙට නෝනගේ කනට ගිහින්

කැබිතිගොල්ලෑව හේමන්ත රණසූරිය



අඹු සැමි දෙදෙනාම දොස්තරලාය. විවාහ වී වසර කීපයක් ගතවුවද, ඔවුන්ට තවමත් දරු සම්පත් නොවීය. දොස්තර බිරිඳ සේවය කළේ නගරයේ ප්‍රධාන රෝහලකය. දොස්තර සැමියා ග්‍රාමීය ප්‍රදේශයේ ප්‍රාදේශීය රෝහලක ප්‍රධානියා ලෙස රාජකාරී කළේය. එම රෝහලේ සිටි එකම වෛද්‍යවරයාද ඔහුම පමණකි. එම ප්‍රාදේශීය රෝහලේ දොස්තර නිල නිවාසයේ ඔවුන් දෙදෙනා නතර වී සිටි අතර, බිරිඳ නගරයේ රෝහල වෙත තම මෝටර් රථයෙන් යෑම් ඊම් කළාය.
එක් දිනක් නගරයේ රෝහලේ බාහිර රෝගී අංශයේ දොස්තර බිරිඳ වෙත රූමත් කාන්තාවක් පැමිණ ඇයගේ උදරයේ යටි කොටසේ වේදනාවක් පිළිබඳ වෛද්‍යවරියට පැවසුවාය. රෝගී කාන්තාවගේ විස්තර විමසූ දොස්තර බිරිඳ, ඇයගේ ගම් ප්‍රදේශය ගැන විමසුවාය. ඇය තම සැමියා සේවය කරන ප්‍රාදේශීය රෝහල පිහිටි ප්‍රදේශයේ ගමක පදිංචිකාරියක බව එහිදී දොස්තර බිරිඳ දැනගත්තාය.
‘‘ඔයා ගමේ ඉස්පිරිතාලෙට බෙහෙත් ගන්න ගියේ නැද්ද”‍ යැයි වෛද්‍යවරිය විමසුවාය.
‘‘අපෝ මැඩම්, ඒකෙ ඉන්නේ දොස්තර මහත්තයෙක් නෙවෙයි අනංගයෙක්නේ. මාව ඇඳේ හාන්සි කරලා එපා තැනුයි ඕන තැනුයි හැම එකක්ම අතගාන්න පටන් ගත්තනේ. ආයෙත් නම් පැත්ත පළාතේ යන්නේ නෑ මම”‍ යැයි රෝගී කාන්තාව පැවසූ විට දොස්තර බිරිඳට හීන් දාඩිය දැම්මාය. ඇය කිසිවක් නොසඟවා, රෝගී කතට බෙහෙත් තුණ්ඩුව ලියා පිටත් කර හැරියාය.


එතැන් පටන් දොස්තර බිරිඳ හමුවට පැමිණෙන රෝගී කාන්තාවන්ගෙන් ගම් ප්‍රදේශය විමසා, එම ප්‍රදේශයේ තිබෙන ප්‍රාදේශීය රෝහලට නොගියේ මන්දැයි ඇසීමට ඇය පුරුදුව සිටියාය.
එහිදී ඇයට ලැබුණු පිළිතුර වූයේ, එහි සේවය කරන දොස්තර මහතා, ඇහැට කනට පේන කාන්තාවන්ට දැඩි ළෙන්ගතුකමක් පාමින්, සීමාව ඉක්මවා කටයුතු කිරීමට සැරසෙන බවය.
මේ කතාවලින් පස්සේ, දොස්තර බිරිඳ යක්සාරූඪ වූවාය. ඇය තම සැමියා එම රෝහලෙන් මාරුකර යැවීමට හැකි තරම් උත්සහ දැරුවාය. එහෙත් ඇයගේ උත්සාහය අසාර්ථක විය.
කෙසේ වුවද දැන් දැන් ප්‍රාදේශීය රෝහලේ දොස්තර බංගලාව ඇතුළේ ඉඳහිට රණ්ඩු සරුවල් සිදුවන බව බෙහෙත් ලබා ගැනීමට පැමිණෙන රෝගීන්ට දැනගැනීමට ලැබී ඇති බව ආරංචි යි.

 



අදහස් (0)

දොස්තරගේ කෙරුවාව අමුතු තාලෙට නෝනගේ කනට ගිහින්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1775 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1457 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 521 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site