IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


දස මසක් කුස දැරූ මවට පිටුපෑ නොට්ටිගෙ පුතා

වැඩිහිටි නිවාසයක රඳවා  සිටියදි රෝගාතුරව මියගිය විශ්‍රාමික ගුරුවරියකගේ දේහය පෞද්ගලික සමාගමක විධායක ශ්‍රේණියේ තනතුරක්  දරන ඇගේ එකම පුතු විසින් මල්ශාලාවකට බාරදී ඥාති හිතවත් කිසිවකුට නොදන්වා භූමදානය කරවූ සිද්ධියක්  රජරට ප්‍රදේශයේ ගමකින් දැන ගැනීමට ලැබිණ.


 මේ ගුරුවරියගේ සැමියා ඇයවත් එවකට බාල වියේ පසුවූ මේ පුතාවත් අත්හැර වෙනත් විවාහයක්  කර ගත් බව ගම්හු කීහ. සැමිය තමන් අතහැර ගියද මේ ගුරු මව දරුවාට හොඳ අධ්‍යාපනයක් ලබා දුන් බවද ඔහුද පහ වසර ශිෂ්‍යත්ව විභාගය හොඳින් සමත් වූ  බවත් ඒ ලබාගත් ලකුණු අනුව ඔහු කොළඹ ජනප්‍රිය පාසලකට ඇතුළත් කොට වැඩිදුර  අධ්‍යාපනය ලබා දුන් බවත් දැනගැනීමට ලැබිණ.


පාසල් අධ්‍යාපනයෙන් පසු උසස් අධ්‍යාපන ආයතනයකින් වැඩිදුරටත් ඉගෙනුම ලබා ඇති මේ එකම පුතා පෞද්ගලික අංශයේ සමාගමක උසස් තනතුරකට බැඳී එහි රැකියාව කරමින් සිටියේය. 


මේ අතර ගමේම තරුණියක සමග විවාහ වී ඇති මේ පුතා විවාහ මංගල්‍යය ද නගරයේ ලොකු හෝටලයක ජයටම ගෙන ඇති බවත් ඊටද මව හෝ ඥාතීන් සම්බන්ධ කොට නොගත් බවත්  ගම්වැසියෝ කීහ. ඔහුගේ මනාලියද උසස් තනතුරක් දරමින් රැකියාව කරන අතර විවාහයෙන් පසු දෙදෙනාම කොළඹ ප්‍රදේශයේම පදිංචි වී තිබේ.


 ගුරු මව ගමේම පදිංචිව සිට වසර තිහකට  වැඩි කාලයක් ප්‍රදේශයේ පාසල් කීපයක සේවය කොට මිට වසර පහළොවකට පමණ පෙර විශ්‍රාම ලබා  ඇත. විශ්‍රාම ලැබීමෙන් පසුවද ඇය සිය නිවසේ හුදකලාවේ ජීවත් වූ බව පැවසේ.


 මේ අතර ගමට පැමිණි පුතා මව ජීවත් වූ නිවස හා ඇගේ  ඉඩකඩම් විකුණා  ඇයත් රැගෙන ගමෙන් පිටව ගොස් ඇත. පුතුගේ නිවසට කැදවාගෙන යන බව ගුරුමව සිතා සිටියත් ඇයට  නතර වීමට සිදුව ඇත්තේ වැඩිහිටි නිවාසයකය. එහි සිටි කාලයේදි මව බැලීමටවත් පුතා එහි නොගිය බව දැන ගැනීමට ලැබිණි.


 මේ ගුරු මව පසුගියදා දැඩි ලෙස රෝගාතුර වීමෙන් පසු වැඩිහිටි නිවාසය මගින් ඇය රෝහල් ගත කොට ඇතත් එහිදී ඇය මියගොස් තිබේ.


 දේහය බාරගත් පුතා එය මල්ශාලාවකට බාර දී එදිනම අවසන් කටයුතු සිදුකරවා ඇත්තේ  ඥාතීන්ටවත් නොදන්නාය. ප්‍රදේශයේ දහස් ගණනක දරුවන්ගේ දෑස් පැදීමට වෙහෙස ගත් ගුරු මවට අවසන් ගෞරවය දැක්වීමට ඉඩ නොලැබීම සම්බන්ධයෙන් ඇගෙන් ඉගෙන ගත්  දරුවෝද ඥාතී හිතවත්තුද කම්පාවෙන් අප සමඟ මේ තොරතුරු අනාවරණය කළහ.
(ගල්ගමුව නිහාල් ජයවීර)

 



අදහස් (0)

දස මසක් කුස දැරූ මවට පිටුපෑ නොට්ටිගෙ පුතා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 300 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 96 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 785 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site