එක්තරා දේශපාලන පක්‍ෂයක ක්‍රියාකාරිකයකු ලෙසින් පෙනී සිටිමින් ගැසූ ගැටයක් හිරවීම නිසා එම දේශපාලන පක්‍ෂයකට හිතවත් පිරිසකට සමුපකාර සමිතිවල කාරක සභිකයන් පත්කිරීමට පැවැති ඡන්දය සඳහා නාම යෝජනා බාරදීමට නොහැකිවී ඇත.
ප්‍රධාන නගරයක විවිධ සේවා සමුපකාර සමිතියක ප්‍රාදේශීක සඳහා කාරක සභා නියෝජිතයන් පත්කිරීමේ ඡන්දයකට නාම යේජනා පත් පසුගිය දිනක බාරගනු ලැබීය. දේශපාලන පක්‍ෂවලට හිතවත් කණ්ඩායම් නාම යෝජනා බාරදීමට සූදානම් කළ අතර එම නාම යෝජනා බාර ගැනීමට නියමිත වූ වේලාවෙන් පසු එක්තරා පක්‍ෂයකට හිතවත් පිරිසක් ප්‍රාදේශීක කිසිවකට නාම යෝජනා බාර දී නොතිබුණි.
ඡන්දයෙන් පසු අනාගත සමුප සභාපති සිහිනය හිසේ තබාගෙන සිටි පුද්ගලයෙක් නාම යෝජනා නිසි ලෙසින් බාරදීමට නොහැකිවූ හේතුව ලෙසින් කියා ඇත්තේ මම අර මිනිහට නාම යෝජනා ඔක්කොම පුරවලා දෙන්න බාර දුන්නා. ඒවා සම්පූර්ණ නොකළ ඔහු අන්තිම වේලාවෙහි පැමිණ තමාට දන්වා ඇත්තේ නාම යෝජනා පත්‍ර පිරවීමට නොදන්නා නිසා ඒවා සකස් නොකළ බවය.
මෙය අපූරු දේශපාලන උප්පරවැට්ටියක් බවයි දැන් කියන්නේ.
(හලාවත ඔගස්ටින් ප්‍රනාන්දු)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මෙහෙමත් දේවල්! (නි)
දැන් දැන් කපටිකම් පිටටත් ඇවිල්ලා වගෙයි. (නි)