(මීරිගම විශේෂ පුෂ්පකුමාර මල්ලවආරච්චි)
ගැබිනි මව්වරුන් සඳහා පැවැත්වුණු දානමය පිංකමකට අනාරාධිතව එක්වූ දේශපාලනඥයකු ගැබිනියන් සඳහා සූදානම් කර තිබූ ආහාර ඔවුන් කිහිපදෙනකුට බෙදා දී තමන් ද සප්පායම් වී හස්ත සංඥාවෙන් යන බව කියා පිටව ගිය පුවතක් පසුගියදා මීගමුවට නුදුරු ප‍්‍රදේශයකින් වාර්තා විය.
ගමේ තරුණ පිරිසක් අසල්වාසීන්ගේ ද දායකත්වය ඇතිව මෙම ගැබිනි මව් සත්කාර වැඩසටහන සංවිධාන කරනු ලැබ තිබිණි. ගමේ මෙන්ම අසල්වාසී ගම්මානවල ද වෙසෙන ගැබිනියන් සොයා මෙම දානයට එක්වන ලෙසට ආරාධනා කරනු ලැබීය.
ගැබිනියන්ට රිසි දේ රිසි පරිදි ලබා ගැනීම පහසුවන පරිදි ආහාර බෙදා ගැනීමට සලසා තිබුණේ බුෆේ ක‍්‍රමයටය. දිවා ආහාරයට පෙර කෙටි දම් දෙසුමකින් ගැබිනියන්ගේ සිත් පහන් කරනු ලැබීය. අනතුරුව දානයට ආරාධනා කෙරිණි.
ඒ සමඟම නවීන පන්නයේ රියක් පැමිණ ඒ අසල නතර කෙරිණි. වැඩි ප‍්‍රසිද්ධියක් නැති දේශපාලනඥයකු ඉන් බැස්සේ දෑත් ඔසවා පිරිසට ආචාර කරමිනි. සංවිධායක පිරිස මුහුණෙන් මුහුණ බලමින් මෙයට ආරාධනා කළේ කවුදැයි විමසීය. අපි කවුරුවත් කාටවත් ආරාධනා කළේ නැහැ. ඔවුන්ගේ පිළිතුර විය. මේ දේශපාලනඥයා හා දානමය පිංකමේ සංවිධායකයන් අතර සම්බන්ධයක් ද නොවීය.
පිරිසට ආචාර කරමින්ම කෑම මේසය අසලට ගිය මේ දේශපාලනඥයා එන්න එන්න කියා ගැබිනියන් කැඳවා කිහිපදෙනකු අතට කෑම බෙදන්නට විය. මේ නිසා සමහර ගැබිනියන්ට තමන් අකමැති ආහාර පානයන් ද ලැබිණි.
කිහිපදෙනෙක් අතින් වසා ඒවා එපා කියද්දී මේ දේශපාලනඥයා කළේ පිඟානක් බෙදාගෙන පැත්තකට වී රස බැලීමය. අනතුරුව නැගී සිටි ඔහු යළිත් දෑත් ඔසවා ආචාර කර රියට නැග ඉගිල ගියේ වෙන කිසිවක් නොදොඩමිනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජන්දේ ලගයිනෙ, මේවගේ නාට්‍ය බලාපොරොත්තු වෙන්න පුළුවන්.
ඒගොල්ලෝ හැමදාම කන්නේ අනුන්ගේ ඒවා නේන්නන්
බලෙන් තමයි හැමදේම ලබා ගන්නේ.
දේශපාලුවෙක්නේ, කෑමනේ, බඩත් ලොකුනේ, ඒ නිසා ආවනේ
සමහරු කොන්ෆ්ලෙක් දැක්කෙත්, කෑමට පෙර සුප් එකක් බීවේත්, සැලඩ් එකක් කෑවේත් පාර්ලිමේන්තු බෝජනාගාරයෙන්...
කවුරු වුණත් කමක් නෑ. දේශපාළුවාගේ නම හරි, කවුද කියලා අපිට හිතා ගන්න මොකක් හරි හෝඩුවාවක් දෙන්නකෝ...
මොකද නම කියන්න බය. විස්තරේ හරිනම් නම කියන්න බය වෙන්නේ මොකටද? වැරදි විස්තරයක් නම් නම කිව්වොත් උසාවි ගෙනියන්න පුළුවන් චරිතය ඝාතනය කළා කියලා...
ඉන්දික මහතාණනි, දේශපාලකයන්ට චරිතයක් කියලා දෙයක් තියනවද?
අපි සෑමවිටම කියන්නේ දේශපාලකයා යනු අනුන්ගේ මුදලින් " පිනටම ගිලින්න සහ පිනටම ජීවත්වෙන්න " හදන අයවලුන් බව... මෙය එයට හොඳම උදාහරණයකි.
මේ දේශපාලකයා එහෙම කරන්න ඇත්තේ, මේ දන්සල කළේ එයා කියලා එ්ත්තු ගන්නන්න වෙන්නත් පුළුවන් !!!