පූජාවට තැබීමට ගෙනඑන පූජාවට්ටියේ තිබෙන පළතුරු වර්ග සොරකම් කරන අයකු අල්ලාදුන් අයුරු දෙවියකු පිළිබඳ පුවතක් දකුණු පළාතේ දේවාලයකින් වාර්තාවේ. මේ ස්ථානයට දිවයිනේ නොයෙක් නොයෙක් ප‍්‍රදේශවලින් පිරිස පැමිණෙති.
ඒ ශාන්ති කර්ම ඇතුළු අනෙකුත් දේවකාර්යයන් කර ගැනීමටය. සමහරු මෙහි පූජාවට්ටි තැබීමටද එති. සමහර දිනවලදී පූජාවට තැබීමට ගෙනඑන පූජාවට්ටිවල මිදි, ඇපල්, දොඩම් වැනි පළතුරුවර්ග සොරකම්කරනුයේ පූජාවට්ටි දෙවියන්ට පූජා කිරීමටත් පෙරය.
ඒ පූජාවට්ටිය සකස් කරන ස්ථානයේ තබා තිබෙන විටදීය. මේ පූජාවට්ටිවලින් පළතුරු සොරකම් කිරීම පිළිබඳව පැමිණිලි එම දේවාලය භාර කපුමහතාට ලැබුණේ වරක් දෙවරක් නොව කිහිපවරක්මය. එදාද පූජාවට්ටියේ තිබූ පළතුරු සොරකම් කොට තිබුණි. එයට වහාම ක‍්‍රියාත්මකවූ කපු මහතා දේවාලය තුළ ඔහුට වෙන්වූ කාමරයට ගොස් ටික වේලාවකින් සිය ගෝලයා සමඟ එළියට පැමිණියේ දේවආරූඩයකින්ය.
තම ස්වාමියාට අසවල් දෙවියා ආරූඩ වෙලායයි ගෝලයා එතනසිටි සියලූදෙනාටම ඇසෙනසේ කීය. පූජාවට්ටියේ තිබූ පළතුරු සොරකම් කළ අය එම දෙවියා කපුමහතාට පෙන්වාදී ඇති බවත් ඒ අනුව දැන් ඔහු අල්ලාගන්නා බවත් ඔහු කීවේය. සෑම දෙනා බලාගෙන සිටියදීම ආරූඩවූ කපු මහතා මැදිවයසේ එක් පුද්ගලයකු ළඟට ගොස් ඔහුගේ ගමන් මල්ලේ තිබී පූජාවට්ටියෙන් සොරකම් කරන ලද මිදි වල්ලක් ගත්තේ හැමෝම මවිතයට පත්කරවමින්ය. කපුවාගේ මේ වැඩෙන් එතන සිටි සැමදෙනාම මේ දේවාලයේ ඇති අනුහස් ගැන මහ ඉහළින්ම කතා කරන්නට වූහ.
ඒ වාගේම මේ සොරකම අල්ලාගත් කපුවා ගැනත් ඔවුහු බොහෝ පැහැදීමකින් කථා කළෝය. මේ අතරතුරේදී මේ දේවාල භූමියේ සිටි කපුවාගේ ගෝලයාගේ හිතවතකු ඔහුට කිට්ටුකර තිබී නියමයිනේ ඔයාගේ කපු මහත්තයාගේ වැඩ, මෙතන ලොකු අනුහස් තැනක් තියෙන පාටයි ඔහු කීවේය. එක් ඇසක් ගසා කට පියාගෙන සිටීමට බැරිවූ ගෝලයා ඔහුගේ කනට කර කීවේ මේ ගැන කාටවත් එහෙම කියන්න එපා අපේ කපුමහතාට මේ වැඩයට ගොඩක්ම උදව් කළේ සීසීටීවී කැමරා දෙවියා තමා යයි ඇඟට පතට නොදැනී මෙය කීවේ, ඔහු මේ රහස රකීවී යන විශ්වාසය නිසාය.
එහෙත් ඔහු එය නොරැුක්ක අතර මේ දේවාලවයට සීසීටීවී කැමරා පද්ධතියක් සවිකර ඇති බව බොහෝ අය දැනගත්තේ මේ සිදුවීමෙන් පසුව.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රටේ අනුන්ව රවටලා තමන්ගේ බඩගෝස්තරය රැකගන්න කපුරාළලා ඕනෑතරම් ඉන්නවා.ඒ වාගේම ඒ අයට රැවටෙන අයත් ඕනෑතරම් ඉන්නවා. (නි)
මම හිතන්නේ කන්න නැතිකමටම වෙන්න ඇති (නි)
හොරකම නම් නරක දෙයක් තමයි. ඒත් පුජා වට්ටි වල තිබෙන දේවල් වලින් මොන පලතුරු දෙකට කපලා භාගයක් දුන්නත් ඇපල්, මිදී, දොඩම් වගේ පිටරට පලතුරු වල නම් භාග ලැබෙන්නේ නැහැ. මම හිතන්නේ දෙවියන්ටත් පිටරට යන්න බැරි නිසා වෙන්න ඇති. (නි)
දෙවියන්ට පළතුරු අවශ්‍ය නැත. ඉතින් ඒවා දුප්පත් මිනිසෙක් ගත්තාම මොකද. (නි)
පිටබැද්දර ජයා අයියේ, මම ලිවුවේ අපේ රටේ මිනිසුන් මිත්‍යා මත පසුපස දුවනා වේගයේ සැර. ලංකාවේ දේවාල පල්ලි , ගානේ මිනිසුන් දුවන තරමට දෙවියන් කෙරෙහි විශ්වාසයේ භක්තියේ තරමටම අද මිනිසුන් යක්ෂාරූඪව වැඩ කොටස යස අගේට කරගෙන යනවා. (නි)
මේවා බටහිර හෝ දියුණු කිසිම රටක නැත්තේ ඇයි..? (නි)
දෙවියන්ට පලතුරු අවශ්‍ය නැත. එය ඇත්ත. නමුත් මිනිසුන්ට දෙවියන් උවමනාය. වටහාගත නොහැකිවිට, අසරණ වූ විට නොපෙනෙන දෙවියන් සොයා යයි. පුජා වට්ටියේ පලතුරු කිසිම දෙවියෙක් කන්නේ නැති බව ලංකාවේ හැමෝම දනිති. එම පලතුරු පුජාව අවසානයේ රැඳීසිටින අයම කෑම සිරිතයි. සාමාන්‍යයන් ඒවා දුප්පතුන්ට දෙයි. (නි)
අනේ මන්දා, රූපවති වගේ අයට තමයි අර කියන්නේ ගඟෙන් නාලා මුහුදට ආවඩනවා කියලා (නි)
අපේ රටේ මිනිසුන් ගල් යුගයටම ගිහින් දැන් නම් ආපසු හැරෙන්න බැරි තරමටම විනාශ වෙලා නුගත්කම දෝරේ ගලනවා. කරන තරමක් කරන්නේ මැටි වැඩ. උදේ ඉදන් රෑ වෙනකම් දවසේ දරුවන්ට කන්න තියන දේත් දේවාලෙට පුදලා නොපෙනෙන බලවේග පස්සේ දුවන මේ මානසිකත්වයට කවදාවත් ඉන් ගැලවීමක් අවශ්‍ය නැති තරම් උම්මාද වෙලා. (නදී)
මේ වගේ කුඩා දේවාල වල පමණක් නොවෙයි මෙහෙම රැවටීම් සිදු වෙන්නේ . සායි බබා කරන දේවලුත් මීට වසර 10-15 කට පෙර ඕස්ට්‍රේලියාවේ චැනල් නයින් රූපවාහිනියෙන් පෙන්නුවා. සාමාන්‍ය පියවි ඇසට අසු නොවන "ප්‍රාතිහාර්ය " බොහොමයක් ස්ලෝ මෝෂන් ලෙස රූපවාහිනි කැමරා වලින් පෙන්නුවා . ඒවා ගැන ප්‍රශ්න කරපු රිචඩ් කාල්ටන් කියන මාධ්‍ය වේදියාට සායි බබා කිව්වේ මේ දේවල් දිහා සැකයෙන් බලන්නේ නැතිව විශ්වාසයෙන් බලන්න එතකොට ඔබටත් මේවායින් ප්‍රතිඵල ලැබේවි කියලයි (නදී)
ජයා, අන්ද භක්තියෙන් දෙවියෝ අදහන්නේ නැතුව. බෞද්ධයෙක් විදියට වැඩ කරන්න. (ම)
අනේ මෙහෙමත් මිනිස්සු! (නි)
වර්නන් ඇත්ත කතාව දෙවියන්ට පළතුරු අවශ්‍ය නැත. පළතුරු දෙවියෝ අපිට ලබා දෙන්නේ අපි දෙවියන්ට පලතුරු දිය යුතු නැත (නදී)
පලතුරු තියෙන්නේ මිනිසුන්ගේ බඩගින්න නිවන්න නේද? (නි)
මිනිසුන්ගේ නොදියුණු බව අපිට පෙනෙන්නේ බටහිරට රටවලට ආවිටයි. කොහොම වුණත් මේ අපේ මිනිස්සු මෙහෙ ඇවිල්ලත් ( යූ.කේ.) දේවාල අටවාගෙන ඉන්නවා. (නි)
දෙවියන් මිනිසුන්ගෙන් ඉල්ලන්නේ පලතුරු නොව පින්(නදී)
නමුත් ඕනෑ පහත් වැඩක් කරලා ඒ සල්ලි වලින් පළතුරු වට්ටියක් අරගෙන දීලා මහා බලසම්පන්න දෙවියන් සතුටු කරන්න බැහැ. වර්ණන් කිව්වා වගේ දුප්පත් මනුස්සයෙකුට දුන්නා නම් ඒ මනුස්සයා සතුටු වෙනවා. (නි)
දෙවියන්ටත්,දෙවොලටත්,කපුවාටත් දැන්නම් විද්‍යාවේ සහ තාක්ෂණයේ පිහිටයි! (නි)
පලතුරු අපිට දෙන්නේ පලතුරු ගහ. අපි වැවුවොත් අපිට පලතුරු ලැබෙයි. ඒකට වෙන කාටවත් ස්තුති කිරීමක් අවශ්‍ය නැත. වවන්නේ අපි නම්, පොහොර දාන්නේ අපි නම් එහි අස්වැන්නට හිමිකරුවෝද අපිම වෙමු. දෙවියන්ට පින් දීම හොඳයි. අපේ පලතුරු නොකෑවාට දෙවියන්ට දිව්‍ය ආහාර ඇත (නි)
රූපවතියේ, හැමදේටම බටහිර ගැන කතා කරන්න එපා.මේවා අපේ සංස්කෘතියේ කොටසක්. අනික මේවායෙන් පරිසරයට සිද්ධවෙන්නේ අපමණ සේවයක්. දෙවියන් විශ්වාස කරන මිනිහගෙන් අනිත් අයට සිද්ධවෙන වැරදි අඩුයි. (නි)