(බෙන්තොට - ජේ. ඉඳුරුවගේ)
නිතර දිවුරුම් සහතික අවශ්‍ය වන අයෙක් තමන්ම ඒවා සකසා සාම විනිසුරු අත්සන හා මුද්‍රාව තබාගැනීමේ අරමුණින් සාම විනිසුරුවරයකුගේ මුද්‍රාව හිමින් සීරුවේ සොරකම් කරගෙන යාමේ පුවතක් දකුණු පළාතේ ගමකින් අසන්නට ලැබිණි. තම නමේ ඇති වරදක් නිසා නිතර දිවුරුම් සහතික ගැනීමට පුරුදුව සිටි පුද්ගලයා එම සහතික ලබා ගත්තේ අල්ලපු ගමක සිටින සාම විනිසුරුවරයාගෙනි.
දිනක් සුපුරුදු පරිදි ඔහු දිවුරුම් සහතිකයක් ගැනීමට එම සාම විනිසුරු ළඟට ගියේය. ආගන්තුක සත්කාරයට ඉමහත් කැමැත්තක් දක්වන සාම විනිසුරුද කඩිනමින් එම සහතිකය සකසා දී අමුත්තාට තේ කෝප්පයක් සාදවාගෙන ඒමට මුළුතැන්ගෙට ගියේය.
සාම විනිසුරු පිළිගැන්වූ තේ කෝප්පය ද බී, ලබාගත් දිවුරුම් සහතිකය තමන් විසින් රැුගෙන එන ලද තවත් ලිපිද්‍රව්‍ය තොගයක්ද දමා තිබූ පොලිතින් බෑගයේ දමාගත් අමුත්තා පැමිණි පා පැදියේ නැග්ගේ ආපසු යාමටය. තම නිවෙසට පැමිණ ආපසු යන අයට, බුදුසරණයි ගිහින් එන්න කියා ආශිර්වාද කිරීමට හුරු වී සිටි සාම විනිසුරු ඔහුටද එලෙස ආශිර්වාදය කළේය.
සාම විනිසුරුගේ නිවසේ ගේට්ටුවෙන් පිටවෙද්දීම පා පැදියේ එල්ලගෙන තිබූ ලිිපිද්‍රව්‍ය සහිත අමුත්තාගේ පොලිතින් බෑගය එක්වරම පා පැදියේ ඉදිරිපස රෝදයේ පැටලී ඉරී යාමෙන් එහි තිබූ යම් යම් දේ බිමට වැටිණි. මෙය දුටු සාම විනිසුරුද ඔහුට උදව් කිරීමට එතනට ළංවිය. ඔහු බිම වැටී තිබූ දේවල් අහුලා අමුත්තාට දෙන විට ඒ සමග තම නිල මුද්‍රාවද එතන තිබී හමුවිය.
ඒ ගැන විමසූ විට අමුත්තාට කටඋත්තර නැතිවූ අතර මින් පසු ඔහු දිවුරුම් සහතික ගැනීමට මේ සාම විනිසුරු ළඟට පැමිණියේද නැත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දකුණෙ නොවේ වැඩිපුරම මෝඩයෝ ඉන්නේ බස්නාහිර ඒකයි ඇත්ත (අ)
මෙතන මෙතෙක් සිටින බොහෝ දෙනා තම තමන්ගේ හිත්වල දකුණ වෙනුවෙන් තිබෙන කහට අර කොහෙන්දෝ දකුණට පාත්වූ මිනිසෙකුගේ පිටින් යැව්වාට, සුදුපිරුවට දාගෙන වගේ ප්‍රබුද්ධයි කියා හිතාගෙන සිටින නෝනා වරු මහත්වරු හිතුවේ නැහැ අල්ලපු ගමෙන් ආවත්, තමන්ගේ ගෙදරට ආ ආගන්තුකයට, කරනලද ආගන්තුක සත්කාර ගැන. වැටිච්ච වෙලාවෙත් ළඟට ගොස් පෙන්වන ලද උතුම් මනුස්සකම ගැන. එතුමාත් දකුණේ නෙමෙයිද??? අද සමාජයේ සමහර උසස් යැයි සිතා සිටිනා නෝනාවරු , මහත්වරු තම ආදරණීය දෙමාපියන් වැඩිහිටි නිවාස වලට ගාල්කර,ජීවිතය අවසානයේ දේහයවත් ගෙදරට නොගෙන,අවසන් කටයුතු ටිකත් මල් ශාලාවටම බාරදී සෑම දෙයක්ම මුදලින් මනින සමාජයක අතළොස්සක් දෙනා කරනා කිසියම් දෙයක් මුල්කරගෙන දකුණේ තවමත් රැකගෙන සිටින මනුස්සකමට නිගාකිරීමට ඉක්මන් නොවන ලෙසත් ඉතිහාසයේත් රට එක්සේසත් කරගැනීමට දකුණින් කරන ලද මෙහෙයද ගැනද සිහි තබාගන්නා ලෙසත් දන්වනු කැමැත්තෙමි. (නි)
ඕක දකුණේ හැටිනේ කන්න දීපු අත හපා කන එක (නි)
ඉස්සර දකුණේ සිටි දැන් නම සහ උපන් දිනය වෙනස්කළ අයෙක්ද? (නි)
අනේ ඇත්තට මෙහෙමත් මිනිස්සු! (නි)
සුගත්, දකුණ ප්‍රසිද්ධ මොනවගේ අයටද කියලා අමුතුවෙන් කියන්න ඕනෑ නැහැනේ. (නි)
ඇයි මේ අපේ රටේ මිනිසුන්ගේ හොර හිත හැමදේටම..? අනුන්ගේ දේ කඩා වඩාගෙන තම මල්ල පුරවා ගන්න අදහසින් තොර වෙන කිසිවක් ඔලු ගෙඩියේ නැත (නි)
හොර හිත නැතිවෙන්නෙම නැති හැටි? (නි)
දකුණේ වුණාට හරිම දුර්වලයිනේ (නි)
අනේ මෙහෙමත් මිනිස්සු! (නි)
කණට දෙකක් දෙන්න තිබුනේ බීපු තේ එක එළියට වීසිවෙන්න.........! (නි)
දයා නන්දසිරි හරි වගේ (අ)
අා! දකුණෙද? (නි)
දකුණ බුද්ධිමතුන්ට ප්‍රසිද්දයි නමුත් නරක අයත් නැතුවා නෙවි (අ)
ගොඩක් අය දකුණේ අයට බයයි වගේ. එයාල කපටි නම් අනික් අය මෝඩද රැවටෙන්න (අ)