දකුණේ ප‍්‍රසිද්ධ නගරයකි. එහි ඇති කී‍්‍රඩා පිටිය ආසන්නයේ දෙවොලකි. මේ දෙවොලේ ප‍්‍රධානියා වන්නේද බවලතෙකි. ඇයගේ පුතා මත්කුඩුවලට ඇබ්බැහිව කටයුතු කරන බව ඇය පමණක් නොව දෙවොලෙන් ශාන්ති ලබාගැනීමට පැමිණෙන බොහෝ දෙනා ද දනිති. දෙවොලේ වැඩ අරඹන්නට පෙර බවලතිය විසින් විශාල ප‍්‍රමාණයේ පුජා වට්ටියක් දෙවියන් ඉදිරියේ තැබීම සාමාන්‍ය සිරිතකි. මෙදින ද සුපුරුදු පරිදි පුජාවට්ටිය දෙවියන් ඉදිරියේ තැබූ බවලතිය වෙනත් වැඩකට එතැනින් ඉවත්ව ගියාය. ඒ අතරතුර දේවාලය තුළට රිංගා ගත්තේ ඇගේ පුතනුවන්ය. ඔහු ආවේ දේවාලයේ ඒ වනවිට එකතු වූ මුදලින් කීයක් හෝ රැගෙන මත්කුඩු බීමට මුදල් සොයාගන්නටය. නමුත් එදින ඒ වනවිටත් දේවාලයට මුදල් එකතු වී නොතිබුණි. බවලතියගේ පුතාට කළ හැකි දෙයක් නොවුයෙන් පුජාවට්ටියේ තිබු ඉස්තරම් පලතුරු ටික සොරාගෙන පලා ගියේය. සිය වැඩය නිමකොට දේවාලය වෙත ආ බවලතිය පුජා වට්ටියේ අඩුවක් ඇතැයි දැක ඒ දෙසෙ විමසිලිමත් විය. එවිට ඈ දුටුවේ විශාල වියදමක් දරා ගෙනවිත් තිබු ඉස්තරම් පලතුරු ටික කිසිවකු සොරගෙන ගොස් ඇති බවයි. ඇය දෙවියන් ඉදිරියේ පරලවිය. පූජා වට්ටියෙන් පලතුරු සොරාගත් සොරාට දඬුවම් දෙන ලෙස ඉල්ලා මහහඬින් දෙවියන්ට කන්නලව් කළාය. කී‍්‍රඩාපිටියේ සිටි කිසිවකු මේ අතර දුවවිත් බවලතියට කීවේ පලි ගහන්න එපා පලතුරු ටික හොරා ගත්තේ ඔහේගේ පුතායි. බවලතිය පරලවීම නවතා දෙවියන් ඉදිරියේ වැඳ වැටුණේ අනේ දෙවියනේ මං පලි ගහපු ඒවා ඉල්ලා අස්කර ගන්න අවසර දෙන්න කියමිනි.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
දෙවියන්ට කළ කන්නලව්ව ඉල්ලා අස්කරගන්න ඇවිත්
චාමර Tuesday, 03 January 2012 09:54 AM
මේ තමයි විහිලු
ආර්. ස්ටැනිස්ලෝව්ස් Friday, 30 December 2011 01:01 PM
අපෝ දෙයියනේ
චාමර Tuesday, 03 January 2012 10:00 AM
මේවා කාට කියන්නද දෙයියනේ
චන්ද්‍රරත්න Tuesday, 03 January 2012 09:58 AM
මේවට දෙවියො රැවටෙයිද?
අරුණ Friday, 30 December 2011 02:13 PM
නඩුත් හාමුදුරුවන්ගේ, බඩුත් හාමුදුරුවන්ගේ
යකා Tuesday, 03 January 2012 11:41 AM
ළදුනි ඔහු දෙවගනකි
සිරිමල් දුණුවිල Friday, 30 December 2011 03:34 PM
මෝඩකමට බෙහෙත් නැත
ලකී Friday, 30 December 2011 05:03 PM
මිනිසුන් දැන්වත් හිතන්න පුරුදු වුණොත් හොදයි
ලෙෆර්ඩ් Saturday, 26 January 2013 08:34 AM
දෙයියො ඉදීද ඕවගෙ තැනක එක එක්කෙනාගේ පදේට නට නටා..!(නු)
samantha Saturday, 31 December 2011 12:02 AM
මේ වට තමා කියන්නේ දෙයියෝ කියලා
සුනිල් Saturday, 31 December 2011 08:08 PM
දෙවියනි ඔබ කොහෙද?
දේශප්‍රිය Monday, 02 January 2012 02:43 PM
අපට පිස්සු නුඹ නාඩන්